65

 

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්.........
නුඹේ සුවඳ රැඳි කුටිය සමීපේ
සුසුමක් වී ඉන්නම්........

 

  

07_PAGE_2_RASA
ආලින්දයේ තිබූ හාන්සි පුටුවේ වාඩිවී සිටි සුනිමල්ගේ සිත අතීතයට පියමැන්නා.
නිල්වන් තුරු ගොමු අතර අතිනත් පටලා පෙම්බස් දෙඩූ ඒ මිහිරි අතීතය ඔහු සිහිපත් කළා.
‘‘සුමුදු ඔයා මගේ මනමාලි වුණහම මට මොනවද දෙන්නේ බබා.....’’
සුනිමල් සුමුදුගේ නිල් වටකුරු ඇස්වලට එබී බලමින් ඇසුවා.
‘‘මම ඔයාට ලස්සනම ලස්සන ඔයාවගේ සුදු බෝල පුංචි පුතෙක් දෙනවා.’’
සුමුදු හිනාවෙවී පැවසුවා.


‘‘නෑ. මට  ඕනේ ඔයා වගේ දඟකාර පුංචි දුවක්’’ සුනිමල් ලෙන්ගතු සිනහවකින් මුව සරසා ගත්තා.
‘‘එහෙනම් අපි දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක්ම ගේමුකෝ නේද’’


දෙදෙනාම හයියෙන් හිනාවුණා. ඒ අතීතය කොතරම් සුන්දරද? සරසවි පායේ තුරු ගොමු සෙවනේ ලැබෙන හැම වෙලාවකම ආදරය ගැන ජීවිතය ගැන කොතරම් දේ කතා කළාද. අනාගතය ගැන කොපමණ සිහින මැව්වද.. ඒත් අද... ඒ ලස්සන ලෝකය ඉරිතලලා ගිහින්.

SLD_20150308_F002
එදා ආදරයෙන් තුරුළු වෙච්ච, දඟකාර කතා කිව්ව සුමුදු කෙතරම් වෙනස් වෙලාද? ඒ වෙනස නිසාම දුකක් නොදී ආදරයෙන් බලාගැනීමට පොරොන්දු දුන් සුනිමල් කොතරම් නම් සැඩපරුෂ වෙලාද. ඔවුන්ගේ නිමක් නැති රණ්ඩු සරුවල් නිසා අසරණ මව්පියෝ කොපමණ දුකක් විඳිනවාද?


මේ සියල්ල පිළිබඳ සුනිමලූත් සුමුදුත් දෙපලකට වී කල්පනා කළා. මේ නිමක් නැති සණ්ඩු සරුවල් නිසාම සුනිමල්ගේ මව ඔවුන්ව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වීමට තීරණය කර තිබුණා.


නිශ්කලංකේ ආලින්දයට වී සිටින සුනිමලූත් ඔවුන්ගේ වැරදුන ජීවිතය හදාගැනීමට පාරක් සෙව්වා. සුමුදුටත් අතීතයේ ආදරය කළ පෙම්වතා සමග සතුටින් සිටින්නට වුවමනා වුණා. ඒ අනුව මවගේ තීරණයට ඔවුන් කැමති වුණා.


මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතාට ඔවුන් හමුවන්නේ ඒ විදියට. ආදරණීය පවුලක් වෙනුවෙන් අද වෛද්‍යතුමා පැවසුවේ මේ වගේ දෙයක්.


අද අඹු සැමියන් අතර ඇතිවන ගැටලූ වලට හේතු සොයාගැනීම ගොඩක් දුෂ්කර කටයුත්තක් වෙලා තියෙනවා. වරක් බර්ට‍්‍රම් රසල් නම් බි‍්‍රතාන්‍ය ජාතික දාර්ශනිකයා මෙහෙම කියලා තියෙනවා.


‘‘මනෝ සමාජයේ ගැටලූ: අන්තර් පුද්ගල සමාජයේ ඇතිවන ගැටලූ විසඳීම අතිශයින්ම සංකීර්ණයි. සමහර විට ගණිතමය ගැටලූවත් විසඳාගැනීම ඊට වඩා ලේසියි. අඹුසැමි ගැටලූ වලට බොහෝ විට ලිංගික ගැටලූ හේතුවෙනවා. එය බොහෝ දෙනා දන්නා ප‍්‍රකට කරුණක්. නමුත් ලිංගික කරුණු බොහෝ විට එළිපිට කතා කරන්නේ නැහැ. ඒවා අළුයට සැඟවුන ගින්දර මෙන් මතුවෙනවා. අවසන් වෙන්නේ අඬදබර හෝ දික්කසාද වලින්.


අද මම කතාකරන්නේ ලිංගිකමය ගැටලූවක් නිසා අවුලට පත්වූ පවුලක් පිළිබඳව.


සුමුදු හා සුනිමල් විවාහවෙලා අවුරුදු අටයි. සුනිමල් බැංකු නිලධාරියෙක් ලෙස කටයුතු කරන අතර සුමුදු ගුරුවරියක් ලෙස රාජකාරි කළා. මේ දෙදෙනාගේ ගැටලූව ප‍්‍රථමයෙන් අපවෙත ගෙනආවේ සුනිමල්ගේ මව.


ඩොක්ටර් මගේ ගම නුවර. මම විශ‍්‍රාම ගිය ගුරුවරියක්. මගේ මහත්තයා ග‍්‍රාමසේවක කෙනෙක්. මම ආවේ මගේ පුතා ගැන කතාකරන්න. පුතාගේ වයස අවුරුදු 30යි. පුතා බැඳලා අවුරුදු 05ක් වෙනවා. අපි හොයලා දීලා නම් නෙවෙයි. එයාම තමා මේ බිරිඳව හොයාගත්තේ. මම දන්න දවසේ ඉඳන් මේ දෙන්නා රණ්ඩු වෙනවා. දෙන්නට දෙන්නා චෝදනා කරගන්නවා. සතුටින් හිටිය කියලා එක දවසක්වත් මම දැකලා නෑ. මම නිතරම අහනවා උඹලට වෙලා තියෙන්නේ මොකක්ද කියලා. කිසිම දෙයක් අපට කියන්නේ නෑ. බැඳලා අවුරුදු පහක් වුණා. තාම දරුවනුත් නෑ.


මේ විදියට කතාකරපු සුනිමල්ගේ මවගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා. පිටරටවල නම් වයස අවුරුදු දාසයෙන් පස්සේ දරුවෝ නිදහස් කරනවා. ඒත් ආසියානු රටවල දරුවන් මුණුබුරන් පිළිබඳ මව්පියෝ සැලකිලිමත් වෙනවා. ඔවුන් පිළිබඳ අවධානය යොමුකරනවා. සුනිමල්ගේ අම්මත් ඒ වගේ කෙනෙක්. ඇය දරුවාගේ පවුල් ජීවිතය රැුකගැනීම සඳහා ඉදිරිපත්වෙලා අපේ සායනයට ඔවුන්ව යොමුකළා.


මම මුලින්ම කතාකලේ සුනිමල් සමඟ. ඔහු ඔහුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේ මෙහෙමයි.


‘‘අපි විවාහවෙලා අවුරුදු පහක් වෙනවා. අපි දෙන්නා හමුවුනේ පේරාදෙණිය සරසවියේදී. ඒ කාලයේ අපි හරිම සතුටින් සිටියා. අනිත් ආදරවන්තයෝ වගේම අපිත් හොඳට ආදරය කළා. ඇය ආදර පිබිදවීම් ප‍්‍රතික්ෂේප කළේ නෑ. සරසවියෙන් නික්මුනු අපි වසර දෙකකට පසු විවාහ වුණා. අපි මධුසමය සඳහා නුවරඑළියේ ලස්සන හෝටලයක් තෝරාගෙන තිබුණා. සිප වැළඳගැනීම් ඇරුණුකොට වෙන කිසිවක් අප අතර සිදුවූයේ නැහැ. ඇය මාව ප‍්‍රතික්ෂේප කළා.


මම ඇගෙන් මාව ප‍්‍රතික්ෂේප කිරීමට හේතු විමසුවා. ඇස්වලට කඳුළු පුරවාගෙන බයෙන් තැතිගෙන සිටි ඇය මට මේ වගේ දෙයක් පැවසුවා.
මම ඔයාට ආදරෙයි. ඒත් මට වෙන කිසිම දේකට කැමති වෙන්න බැහැ. ඇය පැත්තකට වුණා. මට ඇය ගැන දුකක් මෙන්ම තරහක්ද ආවා. අද වෙනතුරුත් අපි ජීවත්වෙන්නේ දෙපැත්තක.


ඔහු ඉවත්වූ පසු අපි සුමුදුගේ දෙසට හැරුණා. ඇය පැවසුවේ මේ වගේ දෙයක්.


‘‘මම සුනිමල්ට හුඟක් ආදරෙයි. අපි දෙදෙනා අතර වෙන කිසිම ගැටලූවක් නැහැ. ඒත් ලිංගිකව එකතුවෙන්න හදනකොට මට ලොකු බයක් දැනෙනවා.
ඇය ලැජ්ජාවෙන් පැවසුවා. අපි ඊළඟට ප‍්‍රශ්න කළේ ඇයට ඇතිවන බය කුමක්දැයි හඳුනා ගැනීමට.


‘‘මම මුලින්ම ලිංගිකත්වය සම්බන්ධ කරුණු කතා කළේ උසස් පෙළ කරන කාලයේ. කුඩා කාලයේදී මම හැදුන පරිසරයේ නම් කවදාවත් ඒ වගේ දේවල් කතාකළේ නෑ. අපේ අම්මයි තාත්තයි හරිම සැරයි. පංතියේ ගුරුවරයෙක් නැති වෙලාවට යාළුවොත් එක්ක එකතුවෙලා පිරිමි ළමයි ගැන ීැං ගැන අපි කතාකරනවා.


දවසක් එක යාළුවෙක් පැවසුවා ප‍්‍රථම එක්වීම හුඟක් වේදනාකාරි ක‍්‍රියාවලියක් බව. එදා මට ලොකු බයක් දැනුණා. මේකේ සත්‍ය අසත්‍ය දැන ගැනීමට මගේ හිතේ ලොකු කුතුහලයක් තිබුණා. ඒ නිසා කාටත් හොරෙන් මම අපේ සෞඛ්‍ය කරපු ටීචර්ව මුණ ගැහුණා. ටීච කිව්ව දේවලින් මම තවත් බයවුනා. සුනිමල් ළඟට එද්දි මට ඒ බය දැනෙනවා.


සුමුදු ඇගේ කතාව අවසන් කළා. ඇයත් ගොදුරවී සිටියේ ඇතැම් කාන්තාවන් මුහුණපාන තවත් එක් දුබලතාවයකට. ඇයට තිබුණේ ලිංගික සන්සර්ගය පිළිබඳ බයක්. මේ බය කුඩාකාලයේ යටි සිතට ඇතුළුවෙලා තියෙනවා. ඒ බය නිසාම යෝනි මාර්ගය පහළ කොටසේ මාංශපේශි දැඩි සංකුංචනයකට ලක්වෙනවා. ඉන් ඇයට වේදනාවක් ඇතිවෙනවා. මෙය ආදරය පිළිබඳව ගැටලූවක් නෙවෙයි. සිතේ ඇතිවන බිය නිසා සංසර්ගය ප‍්‍රතික්ෂේප කිරීමක් පමණයි. මේ තත්ත්වයට මනෝ විද්‍යාවේදී වජිනිස්මස් (Vaginismus) කියලා කියනවා.


මීට හේතු රාශියක් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. එක හේතුවක් තමයි ලිංගික කරුණු වැරදි ලෙස වටහා ගැනීම. ඒ වගේම කුඩාකළ ලිංගික අපයෝජනයට ලක්වන දරුවන්ටත් මෙවැනි භීතින් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ සමහර අය දරු ප‍්‍රසූතියට බයවෙනවා. හේතුව පළවෙනි දරු ප‍්‍රසූතිය වේදනාකාරීවීම. ඒ බය ඇගේ මනසට ඇතුල් වුණාම ඇය ආයේමත් දරුවෙක් හදන්න බයවෙනවා. ඒ නිසා සංසර්ගය ප‍්‍රතික්ෂේප කරනවා. මේ සියළු දේ සිදුවෙන්නේ භීතිය යටි සිතට ඇතුළුවීම හා ඒ සිතුවිලි වල බලපෑම නිසා යෝනිමාර්ගය අසල මාංශපේෂී සංකුංචනය වී වේදනාවක් ඇති කිරීම නිසා.


මේ වගේ ගැටලූ සහිත කාන්තාවන් බොහෝ පිරිසක් අපේ සායන වලට එනවා. සමහර කාන්තාවන්ගේ මෙවැනි ගැටලූ නිසා ඔවුන් ශාන්තිකර්ම වලටද යොමුවෙනවා. ඒ වගේ මෝහනය කරන තැන්වලටත් යනවා. මෙවැනි මානසික භීතින් ඇතිවූ කාන්තාවන්ට මිථ්‍යා පිටුපස ගිහින් නම් ඵලදායි දෙයක් ලබාගත නොහැකි වෙනවා. ඉන් සිදුවෙන්නේ මුදල් දී රැුවටීම පමණයි. විද්‍යාත්මක ප‍්‍රතිකාරවලින් මෙවැනි භීතීන් සුවකරගන්න පුළුවන්.


ඒ වගේම මෙවැනි භීතින්ට ලක්වුන කාන්තාවෝ පවුල් ගැටලූ නිසා මානසික පීඩනයටත් ගොදුරු වෙනවා. ඉහත කතාකල සුමුදුත් මානසික පීඩනයට ගොදුරු වෙලා හිටියා. දෙදෙනාටම තරහයාම, නින්ද නොයාම, කළකිරීම වැනි මානසික ව්‍යාධීන් ඇතිවී තිබුණා.


වෛද්‍ය ප‍්‍රතිකාර ආරම්භ කරපු අපි මෙයාලව උපදේශනයටත් යොමුකළා. එහිදී මිත්‍යා විශ්වාස සහ ඇගේ සිතේ පැවති භීතිය අයින් කිරීම උපදේශනයේ පළමු කාර්ය වුණා. ඒ සඳහා අපි සිතිවිලි ප‍්‍රතිකාරය භාවිතා කළා.


ඊළඟට ශරීරය සැහැල්ලූ වීමේ ව්‍යායාම කියලා දුන්නා. ඉන් මනසත් ශරීරයත් දෙකම සැහැල්ලූ කළා.


මීළඟට යෝනි මාර්ගය අවට තදින් වේදනා දෙන මාංශපේෂි සැහැල්ලූ කරන ව්‍යායාම පුරුදු කළා. (Kegal Exercise) ඒ වගේම ලිංගික උද්දීපනය හා ආකර්ෂණය ඇති ව්‍යායාම කියා දුන්නා (Senate Aocus) මෙවැනි උපදේශන ක‍්‍රමවලින් සුමුදුගේ සිතේ ඇති බිය නැතිවුණා. සුනිමල් සහ සුමුදු දැන් සතුටින් සිටිනවා.


අද බොහෝ දෙනෙක් ලිංගික ගැටලූ සඟවාගෙන ඉන්නවා. ඔබේ මනසේ ඇති එම ගැටලූ ඔබේ බාහිර ක‍්‍රියාකාරකම් වලින් බාහිරව පෙන්නුම් කරන්නේ වෙනස්ම ආකාරයකට. පවුලේ ඇති රණ්ඩු දබර උදාහරණයක්. බොහෝ දෙනෙකු මෙවැනි රණ්ඩු දබරවලට බාහිර සාධක ආදේශ කර දෙහිකැපීම්, යාගහෝම කිරීම් වගේ දේවල් සිදුකරනවා. ඒත් ඔබේ මනසට නම් ඉන් ප‍්‍රතිකාර ලැබෙන්නේ නෑ. ඒ නිසා මනෝවෛද්‍යවරයෙකු හමුවී මානසික ගැටළුවලට පිළිතුරු ලබාගැනීම පවුලේ සමගිය ඇතිකරගැනීමට හොඳම විද්‍යාත්මක ක‍්‍රමවේදය බව පෙන්වා දෙන්න පුළුවන්.

 

m