(අකිල බද්දෙවිතාන)
දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලබන සැප්තැම්බරයේ සිට රාත්‍රී 7ත් 10ත් අතර කාලයේ විවෘතව තැබීමට කටයුතු යොදා ඇත.
ආසියාවේ පැරණිම සත්වෝද්‍යානය වන දෙහිවල සත්වෝද්‍යානය දේශිය හා විදේශිය සතුන් රැසකින් සමන්විත ය. දෙහිවල සත්වෝද්‍යානය වඩාත් ප්‍රචලිත වන්නේ කොළඹ සත්වෝද්‍යානය ලෙසිනි.
දැනට සත්වෝද්‍යානය තුළ ඉදිකරමින් පවතින නව මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නිමකිරීමෙන් පසු රාත්‍රී සංචාර ආරම්භ කිරීමටත් ඒ සඳහා හඬ නොනැගෙන සංචාරක විදුලි රථ භාවිත කිරීමටත් සූදානම් වේ.
වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අදහසක් අනුව සංචාරකයින්ගේ විනෝදය පිණිස මෙම නව රාත්‍රී සංචාර ක්‍රමවේදය හඳුන්වාදී ඇත.
සාමාන්‍යයෙන් දිවා කාලයේ පෙරවරු 8.30 සිට සවස 6 දක්වා සත්වෝද්‍යානය විවෘතව තැබුණු අතර නව ක්‍රමවේදය අනුව තෝරාගත් සත්ත්ව ගාල් කිහිපයක් රාත්‍රී කාලයේ දී ආලෝකයෙන් තොර වීදි ඔස්සේ යමින් නැරඹීමේ අවස්ථාව සංචාරකයින්ට සලසා දී තිබේ.
රාත්‍රී කාලයේ සතුන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමට මෙමගින් සංචාරකයින්ට අවකාශ සැලසේ. විශේෂයෙන්ම බොහෝ සතුන් රාත්‍රී කාලයේ දී නින්දට හුරුවී සිටින හෙයින් රාත්‍රී කාලයේ විශාල විදුලි ආලෝක ධාරා එල්ලවීම ඔවුන්ට බාධා ඇති වීමට ඉඩ ඇති බැවින් අඳුරු වීදි ඔස්සේ හඬ නොනැගෙන රථ භාවිත කිරීමට සත්වෝද්‍යාන බලධාරින්ගේ අවධානය යොමු වී ඇත.
නමුත් සත්වෝද්‍යානය රාත්‍රී 10තෙක් විවෘතව තැබීම ප්‍රායෝගික නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති. බොහෝ සතුන් සවස් කාලය වනවිට සිය කූඩු වෙත ඇතුළුවන බවත් රාත්‍රී කාලයේ සත්වෝද්‍යානය විවෘතව තැබීම මගින් සතුන්ට සිය නිදහස අහිමි වන බවත් ඔවුහු පෙන්වා දෙති. රජයේ මෙම ක්‍රියාමාර්ගය ලාභය අපේක්ෂාවෙන් පමණක් සිදුකරන්නක් බැවින් සත්ත්ව හිංසාව නොකර මෙම ක්‍රියාමාර්ගය නවතා දමන ලෙසද පරිසර සංවිධාන ඉල්ලා සිටිති.
නමුත් සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කරනුයේ මෙමගින් සතුන්ට බාධාවක් ඇති නොවන බවත් රාත්‍රී කාලයේ සත්වෝද්‍යානය විවෘතව තැබෙනුයේ තෝරාගත් සත්ත්ව කොට්ඨාස කිහිපයකගේ රාත්‍රී හැසිරීම් රටා නිරීක්ෂණය සඳහා පමණක් බවත් ය. විශේෂයෙන්ම අධික ආලෝක ධාරා එල්ල නොකර අඳුරේ ගමන් කළ හැකි පරිදි වීදි සකස් කරමින් පවතින බවද සත්වෝද්‍යාන බලධාරීහු කියති.
රාත්‍රී සවාරි සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ ද හඬ නොනැගෙන රථ විශේෂයක් බැවින් එමගින් සතුන්ට බාධාවක් ඇති නොවන බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.

ක්ෂීරපායින් විශේෂ 72 ක්ද, කුරුළු විශේෂයන් 65 ක්ද, උරග විශේෂයන් 31 ක්ද, මත්ස්‍ය විශේෂයන් 89 ක්ද, සමනල විශේෂයන් 30 ක්ද, හා කුලයන් 3 කට අයත් උභය ජීවින් 2500-3000 අතර ප්‍රමාණයන් දෙහිවල සත්වෝද්‍යානය තුළ දී දැක ගත හැකිය. අභිජනනය සඳහා නිදහස් කුරුළු කොළනිය වෙත පැමිණෙන කුරුල්ලන්ගේ වෙනස් වීම මත දෙහිවල දී දැක ගත හැකි සතුන් ප්‍රමාණය වෙනස් වේ. එසේම හරිතමය පරිසරය සංචාරක ආකර්ෂනය කරවන අතර දුර්ලභ හා වඳවී යාමේ තර්ජනයට ලක් වු සතුන් අභිජනන මධ්‍යස්ථානයක් ලෙසද එය හඳුනාගත හැකිය.
වාර්ෂිකව මිලියන 1.5 වන සංචාරකයන් ප්‍රමාණයක් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන බව එහි දත්ත වාර්තා පෙන්වා දෙයි. අධ්‍යපන අවශ්‍යතා වෙනුවෙන් 2000කට අධික තනි හා කණ්ඩායම් වශයෙන් පැමිණෙන පාසල් සිසුන් හා විශ්ව විද්‍යාල සිසුන් ද වෙති.
දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති තුළින් අනාගත දෙහිවල සත්වෝද්‍යානය සංචාරකයින් හට අපුර්වතම අත්දැකීමක් ලබා දෙනු ඇතැයි එහි බලධාරීහු පෙන්වා දෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මෙම සත්ව උද්‍යානය පිලිබඳ ඇත්තේ බලවත් කණගාටුවක් සහ විරොධයක්.. මොකද මේ සත්තු පව්... උන් දුක් විඳිනවා. කෑම හරියට ලැබෙන්නේ නෑ.. නිදහසක් නෑ. කොළඹට සත්තු වත්තක් අවශ්‍ය නෑ.
ඒ අයගේ නැති වුණු නිදහස තව දුරටත් වින කරන එකයි වෙන්නේ. පව්,... ලාභ අපේක්ෂාව විතරක් හිතන්න එපා. අපි කාරුණික වෙන්න ඕනේ...
සතුන්ගේ නිදහස ගැන සිතනවා නම් මේ සත්තු කූඩුවල ඉන්න එකත් නතර කරන්න වෙනවා.
ගෝත්‍රික දුපතක මිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.
කෝ අපේ අවිහිංසාවාදීන්? මේ මොන අපරාධයක්ද?
ගොඩක් සත්තු රෑට නිදාගන්නේ නැහැනේ! ඔවුන්ට ඇස් හරියට පෙනෙන්නේ රාත්‍රියට පමණි.
සත්තු මරන්න කියලා මොන ආගමේද තියෙන්නේ? මේවාට තමයි හිනා යන්නේ... සතුන්ට නිදහස දෙන්නලු.
විශ්වයේ උපදින ඕනෑම සත්වයෙකුට ජීවිත කාලය පුරාම නිදහසේ ජිවත් වීමේ අයිතිය ලබල දීල තියෙන්නෙ සොබාදම් මාතාව. මේ මාතාවගෙ නීතිය කඩ කරන්න කාටවත් බෑ. ඒ අනුව සතුන් කූඩු වලට සිර කිරීම කොහොමත් වැරදියි. අඩු ගානේ දැනට කූඩු කල සතුන්ටවත් නිදහසේ ජීවත් වීමට අවකාශ සැලසිය යුතුයි. මුදල් ඉපයීම වෙනුවෙන් සතුන්ගේ නිදහස බිලි දීම වැරදියි. මේ ආණ්ඩු වලට සතුන් ගැන හැඟීමක් නෑ. නැත්නම් පහුගිය ආණ්ඩුව මුන්නේශ්වරම් කෝවිලේ අති අමානුෂික සත්ව ඝාතන වලට ඉඩ දෙයිද ? සත්ව හිංසා වැළක්වීමේ පනත ගෙනල්ල තියෙන්නෙත් 1907 දි ඉංග්‍රීසි ආණ්ඩුව විසින්. ඒ පනතවත් මේ ආණ්ඩු හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ. ලෝකයේ ප්‍රථම අභය භුමිය වන මිහින්තලෙත් දිනපතා සතුන් දඩයම් කරනවා. ඒවා වලක්වන්නට බලධාරීන් අසමත්. සතුන් පත්වෙලා තියන මේ ඛේදනීය තත්වය වෙනස් කරන්නට සත්ව හිංසන විරෝධී ශ්‍රී ලංකා ජනතාව ඉදිරියට එන්න ඕන. - කල්‍යාණ ජයවර්ධන { සම්බන්ධිකරණ නිලධාරි - සතුන් සහ ශාක සුරැකීමේ සංවිධානය }
කැලේ ඉන්න සතුන්ට මීට වඩා නිදහසක් අවශ්‍යයි. යාලට ඉන්දියානු ජීප් වෙනුවට විදුලියෙන් යන වාහන යොදවමු. යාලට සහ විල්පත්තුවට ජීප් රථ සීමා කරමු. දිනකට 200 කට සීමා කරමු. ඇතුල්වීමේ ගාස්තුව හැමෝටම වැඩි කරමු.
සතුන්ට අපට වඩා සංවේදන හැකියාවන් තියෙනවා. සතුන්ගෙන් අපට ලබාගත හැකි ප්රෙයා්ජනද අපමණය. ඒ නිසා සතුන් වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් ගොඩනගන්න.
දෙයියනේ පුළුවන්නම් රාත්‍රියට පාර්ලිමේන්තුව පෙන්නන්න.
ගෝත්‍රික රටේ,ගෝත්‍රික මිනිසුන්ගේ බදු මුදලින් පින් අධ්‍යාපනය ලබා ,තමන් ඉපදුන රටට ශාප කරන " චාන්දනී". වැන්නියන් රටින් පිට වී සිටින තරමට හොඳා. දේශය පාලනය කරන අමන පාලකයන්ගේ වරදට රටේ ජීවත් වෙන ජනතාව පලි නැත .තමන්ගේ අවසන් හුස්ම පොද ,තමන් ඉපදුන ලක් මෑණියන්ගේ පැත්තට හිස යොමා වැතිරෙන්න සුදානමින් ,බටහිර රටවල ,ජීවත් වෙන සමහර පිරිසුත් ඉන්න බව පවසන්නේ මහත් අභිමානයෙන්..!
ඔබ්රේ වයිමන් මහතා මෙම සත්ව උද්‍යානය ආසියාවේ උසස්ම තත්වයකට පත් කළා . මේ දේශපාලන අති පණ්ඩිතයෝ ඒකටත් කෙලින්න තමයි හදන්නේ.!! අනේ මගේ රට ? විදේශයක සිට අපි කම්පා වෙන්නෙමු. චන්ද්‍ර වීරසිංහ ඕක්ලන්ඩ්
චාන්දනීට කියන්න තියෙන්නේ ගෝත්‍රිකයන්ගේ රටේ නිදහස් අධ්‍යාපනය ලබලා ඒ ගෝත්‍රික රටට පිටුපාලා ගියාට අපිට සතුටුයි. එතකොට ඔයාගේ අම්මා, තාත්තා, නෑයෝ, හැමෝම ඒ ගෝත්‍රයේ ඒ ගෝත්‍රික රටේ ඉන්නවා ඇති...
සුබ උදෑසනක් කවුරුවත් මනුස්සයෝ නිකන්ම ගොත්ත්රික වෙන්නේ නැහැ, මනුස්සයෝ හදන්නේ පුලුවන්නම් තව කෙනෙක්ව කපල ඒ මනුස්සයා රජවෙන්න එකයි අපේ රට තවත් අගාදයටම යන්නේ කවුරුවත් වැටුණ කෙනෙක්ව නැගිට්ටවන්න ඉන්නවද පුලුවන්නම් තවත් වට්ටනවා එකයි අද සමාජයේ තත්වය. රටට අපිත් ආදරෙයි මොනම රටක් වුනත් අපේ රට වගේ වෙන්නේ නැහැ අපේ රට තරම් සුන්දර රටක් මේ විශ්වයේවත් නැහැ. අපේ රට අද වනකොට කොයිවගේ තැනකද තියෙන්නේ අපේ අද කාලේ සහෝදරියෙකුට හරි පාරේ ඇවිදන් යන්න පුළුවන් වාතාවරණයක් තියෙනවද ? අපේ මනුස්සකම් එතැනදී නැහැනේද ?
මේ කාගේත් කතාවල ඇත්තක් තියෙනවා. චාන්දනීගේ කතාවත් සම්පුර්ණ හරි. බෞද්ධ කියන මිනිස්සුත් ගොඩක් දෙනා නමට විතරයි. බුද්ධාගම මොකද්ද කියලවත් දන්නේ නෑ. අඩු ගානේ මනුස්සකම හඳුනන්නේත් නෑ. දියුණු මිනිස්සු කියන්නේ කවුද කියලා පිටරටවලට ගිහිල්ලම බලන්න ඕනේ.. අපේ රටේ පාලකයෝ නම් කතාකරන්න දෙයක් නැහැ. මේ තරම් නරක පාලකයෝ අප්‍රිකානු ගෝත්‍රික රටවලවත් මම නම් දැකලා නෑ... මුළු රටම විනාශ කරලයි තියෙන්නේ... මේ අයව පත් කරන අනුවණ මිනිස්සුන්ට ගෝත්‍රිකයෝ නොකියා වෙන මොනවා කියන්නද? මට හරිම දුකයි. ලස්සන රටකට වෙච්ච විනාසය.. අපොයි දෙයියනේ...!