IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


තුන්කල් දුටු නායකයා

ඩී.එස්. සේනානායක මහතා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස නුතන ශ්‍රී ලංකාවට පදනම සකසන්නට පුරෝගාමී මෙහෙවරක නිරත වූයේ තුන්කල් දක්නා වූ දැක්මකින් යුතුවය. එතුමාගෙන් එකී අභිප්‍රාය මැනවින් සටහන් කරන ලද්දේ 1947 වසරේදීය. ඒ ජාතියට නිදහස ලබාදෙන්නට සූදානමින් සිටි අභිනව පක්ෂයේ සමාරම්භක නායකයා ලෙස පැවැත්වූ මංගල දේශනයේ දීය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුළු මේ රටේ ජීවත්වෙන සියලුම ජනතාවගේ අනන්‍යතාවන්ට ඉහළින්ම ගරු කරමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම තමන්ගේ එකම අභිප්‍රාය වන බව එතුමා එහිදී ශපථ කළේය.

එකී අපේක්ෂාව යථාවක් බවට පත් කරගැනීමට නම් ස්වයංපෝෂිත ජාතියක් ලෙස තහවුරුවීමේ ඇති අවශ්‍යතාවද එතුමා බොහෝ දෙනකුට කලින් වටහාගෙන තිබුණි. මින්නේරිය පරාක්‍රම සමුද්‍රය ආදී පැරණි වාරි කර්මාන්ත නටබුන්ව, වනගතව පැවැති ඒ යුගයේදී එතුමාණන් මහා කැලෑ පීරමින් ඒවා කරාගොස් ප්‍රතිසංස්කරණ කරවමින් කටයුතු කළේ මේ රට බත බුලතින් සරු කිරීමට නම් පැරණි රජරට, ඌව වෙල්ලස්ස හා රුහුණේද ගොවිබිම් නැවතත් මතුකරගත යුතුව ඇතැයි යන තිර අදිටනිණි.

ඩී.එස්. සේනානායක මහතා මින්නේරිය ගොවිජනපදයට මුල පුරා ඇත්තේ 1934 වසරේදීය. එයින් පසු කන්තලේ වැව, ගිරිතලේ වැව, ඇල්ලවැව, පදවිය වැව, කාගම, කටිනාව, මිනිපේ, හිඟුරක්ගොඩ, ඇලහැර වැනි අතිදැවැන්ත ගොවිජනපද නිර්මාණය විය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයක් රටතුළ තිරසාර ලෙස ප්‍රතිස්ඨාපනය කරනු උදෙසා එතුමන්ගේ දැවැන්ත කැපකිරීමද එහිදී සුවිශේෂී විය. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ දිනාගැනීම උදෙසා ලංකා ජාතික සංගමය මගින් සිදුකළ පුරෝගාමී මඟපෙන්වීමට එතුමා විසින් ලබාදී ඇති නායකත්වයද ඒ ඔස්සේ 1947 වසරේදී එක්සත් ජාතික පක්ෂය බිහිකිරීමට නායකත්වය ලබාදීමද නූතන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ලෙස මුල්බැස ගැනීමට සුවිශේෂී ආකාරයකට හේතු සාධක සපයා තිබේ.

එහි සුවිශිෂ්ට ප්‍රතිඵලය සනිටුහන් වූයේ 1947 ජූනි මස 03 වැනිදා එංගලන්තයේ යටත් විජිත කාර්යංශය ශ්‍රී ලංකාවට ස්වාධීන පාලනයක් පිරිනමන බවට නිවේදනය කිරීමත් සමගය. එම වසරේදීම නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා ස්වාධීනතා පනත ඒකච්ඡන්දයෙන් සම්මත කිරීම මගින්ද අනතුරුව දෙසැම්බර් මස 10 වැනිදින බ්‍රිතාන්‍ය මහ රජුන් විසින් එකී පනතට සිය මුද්‍රාව තබා අනුමත කිරීමෙන්ද එකී පෙරහැර ඉදිරියටම අදෙන්නට විය. 1948 පෙබරවාරි මස 04 වැනිදින ශ්‍රී ලංකා ධරණී තලය මත සිංහ ධජය නිදහසේ ලෙළ දෙන්නට අවස්ථාව උදාකරගත්තේ ඒ අනුවය. එහිදී බ්‍රිතාන්‍යයේ කතිර ධජය පහතට හෙලද්දී අප මාතෘ භූමියේ ධජය ප්‍රතාපවත් ලෙස ඉහළට නංවන ලද්දේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විසිනි.

එතුමා සැමවිටම පොදු ජන මණ්‍ඩලයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටියේය. එමෙන්ම බ්‍රිතාන්‍ය සමඟ ආරක්ෂක ගිවිසුමක් ඇතිකරගැනීම මගින් කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතභාවය උදෙසා ගැඹුරු පණිවිඩයක් ලෝකය හමුවේ තබාලීය. ඒ අතර ලන්ඩන් නගරයේදී පැවැති පොදු රාජ්‍ය මණ්‍ඩලයේ මුදල් අමාත්‍ය සමුළුවේදී ඇතිකරගත් යෝජනාවක් අනුව 1951 වසරේදී කොළඹ ක්‍රමය බිහිකරලීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය උදෙසා වන පදනමක් නිර්මාණය කරලීය. කොළඹ ක්‍රමය ආරම්භ වී මුල් වසර 06 තුළ ලංකාවේ සංවර්ධන වෙනුවෙන් රන් පවුම් මිලියන 102 මුදලක් ප්‍රදානයක් ලෙස ලැබීමම ඒ සඳහා වන හොඳම උදාහරණයකි.

ඒ මගින් ශ්‍රී ලංකාවේ කෘෂි ආභිජනන මධ්‍යස්ථාන ගණනාවක් ද, හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව වැනි කර්මාන්ත ජනපද ද ලක්ෂපාන ජල විදුලි යෝජනා ක්‍රම වැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ද බිහිකරලීමට අවශ්‍ය පසුතලය සකසා ගත්හ. එමෙන්ම කැනඩා රජය මගින් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට නොමසුරු ලෙස ආධාර කිරීමට ඉදිපත්වීම මගින් මේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයෙහිද නව ඉදිරි පියවරක් සනිටුහන් කරලීය.

1951 වසරේදී සැන්ප්‍රැන්සිස්කෝ නගරයේදී පැවැති ජාත්‍යන්තර සමුළුවේදී ජපානයේ ගරුත්වය වෙනුවෙන් පෙනී සිටීමටද එයින් වසරකට පසු බටහිර බලවතුන් මවිත කරවමින් නව චීනය පිළිගත් දකුණු ආසියාවේ එකම රට බවට පත්වෙමින් චීන-ලංකා රබර් සහල් ගිවිසුම ඇතිකරගැනීමට පසුබිම නිර්මාණය කරන්නේද ඒ බව මැනවින් ප්‍රදර්ශනය කරමිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙසද නූතන ප්‍රජාතන්ත්‍රවාදී හරයන් හී ජීවගුණය පෝෂණය කරමින් එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත වූ දේශපාලන බලවේගයක නිර්මාතෘවරයා ලෙසද ඩී.එස්. සේනානායක මහතා දේශපාලන ප්‍රවාහයට එක්වන්නේ 1924 වසරේදීය.

එෆ්.ආර්. සේනානායක ශ්‍රීමතාණන් වූ එතුමාගේ සොහොයුරා එයින් වසරකට පසු අභාවප්‍රාප්ත වීමත් සමගම එතුමාට ජාතික නායකත්ව භූමිකාවකට ප්‍රවේශවීම සඳහා දෛවය විසින් මංපෙත විවර කරලීය.

මහාචාර්ය කේ.එම්. ද සිල්වා මහතා පෙන්වා දෙන ආකාරයට එතුමා එකී ජාතික නායකත්ව භූමිකාව භාරගෙන ඇත්තේ එතුමන්ගේම වූ කොන්දේසි මාලාවකට එකඟ වෙමිනි. ජාතියට නිවැරදි නායකත්වයක් ලබාදීමට නම් මහජනතාවගේ කොන්දේසි මාලාවකට එකඟ වෙමිනි. ජාතියට නිවැරදි නායකත්වයක් ලබාදීමට නම් මහජනතාවගේ එකඟත්වය ලැබෙන දේශපාලන බලය අතිශයින්ම වැදගත් වන්නා සේම එසේ ලබාගන්නා බලය එක පරපුරක සුඛ විහරණය සඳහා නොව ජාතියේ මතු පරපුර වෙනුවෙන් කැපකළ යුතුව ඇතැයි යන්න එහිදී එතුමාගේ දර්ශනය විය.

එතුමාගේ දේශපාලන ජීවිතයේදී ප්‍රකට කරන ලද අනෙක් වැදගත්ම ලක්ෂණය වූයේ බලය පවත්වාගෙන යාම හෝ රැකගැනීමට බැහැරින් එන ඕනෑම කොන්දේසියකට යටත් නොවීමට එතුමා තුළ වූ අධිශ්ඨානශිලී ශක්තියයි.

ඒ අනුව මේ රටට අද පමණක් නොව අනාගතයේදී ද අවශ්‍ය වනු ඇත්තේ ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන් තුළ විද්‍යාමාන වූ ඉහළ පුරුෂර්ථයන්ගෙන් සමන්විත වූ නායකයන්ය. එවැනි නායකයන් ඕනෑම රටකට, ඕනෑම ජාතියකට මහාර්ඝ සම්පතක්මය.

 

(***)
ඩී.එස්. සේනානායක අනුස්මරණ
පදනමේ සභාපති දේශබන්ධු
කරු ජයසූරිය

 

 



අදහස් (5)

තුන්කල් දුටු නායකයා

Raveendra Wednesday, 20 October 2021 11:23 PM

දුර දක්නා ඥානයෙන් තම උපන් රට වෙනුවෙන් අවංකව සේවයකළ මෙතුමා වචනයේ අර්ථයෙන්ම දේශපාලඥයෙක්ය. දියවනාව පට්ටියේ "දේශපාලුවන් 226ම" මෙතුමා ආදර්ශයක් වේවා...... උගත් යයි කියාගන්නා පුතාලටත් කුමාරලාටත් විශේෂයෙන් මෙම අදහස් කියවීමට හැකි වේවා....

:       27       12

nm Thursday, 21 October 2021 06:00 AM

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවර ඩී.එස්. සේනානායක මැතිතුමාගේ අදහසක් අනුව එදා සියලු ජාතින් එක්ව ආරම්භ කල ශ්‍රී ලාංකික අනන්‍යත්වය සක්තිමත්කර ශ්‍රී ලංකව වාද නැතී බේද නැතී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දේශයක් කරමු !

:       18       8

thimal Thursday, 21 October 2021 10:23 AM

තුන්කල් දුටුවනමි දැන් රටට මෙහෙම වෙනවද?

:       10       38

yamuna Thursday, 21 October 2021 11:10 AM

එවැනි නායකයන්ගේ වටිනාකම තේරෙන්නේ දැන් තමයි .අවස්ථාවාදී දේශපාලනයෙන් බැහැර නොවුනොත් රටට ගොඩ ඒමක් නැහැ

:       11       8

yamuna Thursday, 21 October 2021 11:11 AM

යලි උපන් මහසෙන් රජු

:       17       6

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

රටට නොමියෙන නමක් තැබූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක
2025 පෙබරවාරි මස 13 35 0

කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


සමාජ චින්තනය ක්ලීන් කරමු
2025 පෙබරවාරි මස 13 14 0

නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස


රටම අඳුරේ තැබූ විදුලියේ ජරමරේ
2025 පෙබරවාරි මස 12 199 0

විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින


එදා-මෙදා වී-සහල් සටන
2025 පෙබරවාරි මස 12 378 0

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො


එෆ්.සී.අයි.ඩී. පත්‍රිකාවෙන් හෙළිවූ මිග්-27 ගනුදෙනුවේ සුලමුල
2025 පෙබරවාරි මස 11 2018 1

ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි. මෙම වංකගිරියේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ ජනාධිපති මහින්ද ර


අධ්‍යාපන ගමන් මග කොතැනටද?
2025 පෙබරවාරි මස 11 143 1

ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 155 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 129 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site