මේ දවස්වල සිනමාව සම්බන්ධ කෙරෙන ලොකුම කතාව තමයි චිත්‍රපටි බෙදාහැරීම. මේ වැඬේට නඩුහබ පවා පටලගෙන ඔන්න ආපහු වැඬේ ජාතික චිත්‍රපටි සංස්ථාව අතට ඇවිත්. මේකටත් දැන් ආපහු වැඬේ ජාතික චිත්‍රපටි සංස්ථාව අතට ඇවිත්. මේකටත් දැන් ආපහු වාද විවාද කොහොම වුණත් කවුරු හරි හරියට වැඬේ කරනවනම් එච්චරයි. පූසා මැටියෙන් වුණත් කමක් නැතිලුනේ මීයෝ අල්ලනවනම්.

මේ වැඬේ අලුත් තත්ත්වය සහ ඒක කෙරෙන විදිය ගැන දැනුම්වත් කරන්න කලාකරුවන්ට සහ මාධ්‍යවලට කැඳවීමක් තිබුණා. පසුගිය දවසක ජාතික චිත්‍රපටි  සංස්ථාවෙ තමයි මේක පැවැත්වුණෙ. මුලින් අදහස් දැක්වීම කළේ චිත්‍රපටි සංස්ථාවෙ සභාපති අනුෂා ගෝකුල. ඊට පස්සේ සභාවට අදහස් දැක්වීමට සහ ප්‍රශ්න අහන්න ඉඩ දුන්නා. අනුෂා ගෝකුල වැඬේ කෙරෙන විදිය වගේම අපේ සිනමාව සහ සිනමාවෙ වැඩ කරන අය ගැනත් එයාගෙ අදහස් කිව්වා. ඒවා ගැන වුණත් යම් යම් විවේචන තියෙනවා. අලුත්  ක්‍රමවේද හදලා ඒ අනුව වැඬේ ක්‍රියාත්මක කරනවා කියන එක තමයි අන්තිම තීරණය. මේ ක්‍රමවේදය ගැන තමයි ඊළඟට ප්‍රශ්න මතුවෙන්නේ. ඒක ගැන ගොඩක් අයට  ප්‍රශ්න තියෙනවා. ඇතැම් ප්‍රශ්නවලට උත්තර හොයන්න ගියාම ප්‍රශ්න ආපහු මුල ඉඳලා නූල් බෝලෙ වාගේ පැටලෙනවා. මේක අවුරුදු ගාණක් ඇදි ඇදී එන්නෙත් ඒ නිසා.

මේ ක්‍රමවේදය හැදුවෙ කවුද කියලත් හොයා බලන්න.  මේ ගැන එක එක කමිටුවලින් වාර්තා හදලා දුන්නා. පසුගිය කාලේ ඒවා මේකට පාදක කර ගත්තද දන්නෙත් නෑ. කොහොම හරි වැඬේ කරන්න දැන් ඔක්කොම ලෑස්තියි කියලා තමයි අනුෂා නම් කියන්නේ. එයාට බාල්දි පෙරළන්න එහෙම ආවොත් පස්සට යන්නෙත් නැතිලු. කෙළින්ම කිව්වෙ  ගේමට නම් ගේම කියලා. මේ වගේ ප්‍රශ්න ඉතිං ඔච්චර චණ්ඩි වෙලා බේරුම් කරගන්න පුළුවන්ද කියලත් හිතෙනවා. කොහාම හරි බලමුකො වැඬේ කෙරෙන විදිය. වැඬේ කෙරෙද්දි එන ප්‍රශ්නවලටත් එයාට උත්තර හොයන්න වේවි. එතකොටත් ඔය ගැම්ම ඔහොමම තිබුණොත් හොඳයි. හැබැයි චණ්ඩිපාට් එකෙන් තමන්ට ඕන විදියටම මේක කරන්න ගියොත් නැති ලෙඩ වැටෙන්නත් පුළුවන්.

 මේ ක්‍රමවේදය ඇතුලෙ ප්‍රශ්න කරන්න සෑහෙන්න තැන් තියෙනවා. ඒව අපි ඉස්සරහට පනින එක අහමු. මේ ගැන සංවාදය ඉදිරියට යාම හොඳයි. එහෙම නැතුව සජිත්  ප්‍රේමදාස තියරියටම මේක කෙරුණොත් ඉතින් බඩුම තමයි. මේ වගේ වැඩවලට දේශපාලන නායකත්වය ලැබිය යුතු මාත්‍රාවෙන් මිසක් ඊට වැඩියෙන්  හෝ අඩුවෙන් ලැබුණොත් ලෙඬේ වැඩි වෙනවා. 

එදා ඒ සංවාදයේදි චිත්‍රපටි අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායකත් අදහස් පළ කළා. එයා මේ ක්‍රමවේදයේ ප්‍රශ්න කාරි බව තමයි කිව්වෙ. සෝමරත්නගෙ කතාව ඉවරවෙනවත් එක්කම සභාවෙන් හූ හඬක් ආවා. දෙතුන් පාරක්ම මේ විදියට හූ හඬ ආවා. සෝමරත්න දිසානායක සිනමාවේ හැසිරීම ගැන අපිට විවේචනයක් තියෙනවා. ඒ විවේචනය අපි මීට පෙර කීප වතාවක්ම ලියලත් තියෙනවා. ඒවට සෝමරත්නත් උත්තර ලියලත් තියෙනවා. ඒ විවේචන එසේම තියෙද්දී වුණත් එවැනි  සභාවක ඒ වගේ හූ කීමත් කිසිසේත් අනුමත කරන්න බැරි බව මතක් කරන්න ඕන. අදහස් මතවාද වලින් හැප්පෙනවා මිසක් කෙනෙකුගේ අදහසකට හූ කීම ගෝත්‍රික ලක්‍ෂණයක්. සිනමා කරුවෝ ඒ වගේ හිවල්ලු වීම ගැන නම් තියෙන්නේ අප්‍රසාදයක්. සෝමරත්නලා තමන්ගේ චිත්‍රපටි පෙන්නපු හැටිත් දේශපාලන නායකයන්ට කඬේ ගියපු හැටිත් අපට  මතකයි. ඒ අයගෙ  කෙරුවාවල් ගැන අපේ විවේචනයේ අඩුවක් නෑ. ඒත් මේ වගේ කතා බහකදී ශිෂ්ට විදියට ගනුදෙනු බේරගන්න එක තමයි වඩා හොඳ. එය සෝමරත්නට හූ කියපු එක චිත්‍රපටි කාරයොගෙ චිත්‍රපටි කෙරුවාව ගැන මම පසුගිය දවසක මේ කොලම් එකේම ලිව්වා. අනුන්ට හූ කියන්න කලින් තමුන් කවුද කියලත් කල්පනාවෙන් ඉන්න ඕන.

අනුෂා ගෝකුල තමන්ගේ කතාවෙදි කිව්වා අපේ රටේ සමහරු චිත්‍රපටි හදන්නෙ ඇයි කියලා. ඒ වගේම අපේ සිනමාවෙ ගේම් කාරයො මස් වැද්දො ඉන්න බවත් කිව්වා. සෝමරත්න දිසානායකගෙ කතාවෙදි එයා කිව්වා එහෙම කියන්න එපා එහෙම අය නෑ. මේකෙ ඉන්නේ බුද්ධිමත් කලාකාරයෝ කියලා. හැබැයි සෝමරත්නලා දන්නෙ නෑ වගේ හරියට මේකෙ ගේම් කාරයොත් ඉන්නවා කියලා. 

අනුෂාගෙ ඒ කතාව එක්ක නම් අපි ඉහළින්ම එකඟයි. අද කොල්ලොයි බල්ලොයි හැම එකාම චිත්‍රපටි හදන්න ඇවිත් මේක චා කරල තියෙන්නේ. චිත්‍රපටි හදන්න පුළුවන් අයයි බැරි අයයි ඔක්කොම පිරිලා. මේ අය අතර පට්ට ගේම් කාරයෝ ඉන්නේ. ඒ වගේම තමයි මස් වැද්දෝ. නම් ගම් එක්ක ඔප්පු කරන්න පුළුවන් මේ ගේම් කාරයන්ගේ මස් වැද්දන්ගෙ කෙරුවාව. කවුරු හරි මේ වර්ගයට අයිති තැන්නම් කලබල නොවී ඉන්න. එච්චරයි.

 දැන් මේ චිත්‍රපටි බෙදා හැරීම් අලුත් ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන ආකාරය  ගැන අපිත් හොඳ සෝදිසියෙන් ඉන්න බව මතක් කරනවා. වැඬේ සිද්ධ වෙන්නේ යුක්තියටමද කියලා බලමු. මේක ඇතුලෙ බලවත්කමට හිතවත් කමට එක එක වංගු ගහල මීට කලින් වගේ චිත්‍රපටි පෙන්නගන්න මාන බලන අය ඉන්න පුළුවන්. බලමු ඔය සංවේදියි කියන කලාකාරයෝ ඇත්තටම සංවේදීව වැඩ කරනවද කියලත්. අනුෂා නෝනා යකඩ ගැහැනිය කියලා අන්දන්න හදන චිත්‍රපටි හදන අයියලගෙනුත් පරිස්සම් වෙන්න කියලා මතක් කරනවා. මොකද ඔහොම අයියලා චිත්‍රපටි සංස්ථාව පැත්තෙ මීට කලිනුත් කරක් ගහනවා අපි දැකලා තියනවා. 

අවසාන වශයෙන් කියන්න වෙන්නෙ මේ ක්‍රමවේදය දේව භාෂිතය කියලා පිළිගන්නහෝ නරකම ක්‍රමය කියලා ප්‍රතික්ෂේප කරන්න ඉක්මන් වෙන්න එපා කියලා. යන විදිය දිහා බලමු.

ප්‍රියන්ත කොඩිප්පිලි