IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කළු කොටි සැමරුමේ උපත

 

රොමේෂ් මධුසංඛ

 

1987 වසරේ ජුලි මස 5 වැනි දා යාපනය නෙල්ලියඩ් ප්‍රදේශයේ දී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්ධය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබිණ.

යාපනය නෙල්ලියාඩ් මහා විද්‍යාලයේ එවකට තිබු යුද හමුදා කඳවුර කොටි සංවිධානයට මහත් හිසරදයක් විය. මේ හේතුවෙන් මෙම කඳවුරට දැවන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි සංවිධානය සැලසුම් කළ අතර එහිදී ජල බවුසරයකට හැකිතාක් පුපුරණ ද්‍රව්‍ය සවි කර නෙල්ලියාඩ් යුද හමුදා කඳවුරේ පිවිසුම් දොරටුවට කඩා වැදී පුපුරුවා හරිනු ලබන්නේ මේ මිල්ලර් නැමති කළු කොටි සාමාජිකයාගේ ප්‍රධානත්වයෙනි.

අදාළ පිපිරීමත් සමඟ පිටුපසින් පැමිණි කොටි සමාජිකයින් විසින් අදාළ යුද හමුදා කඳවුරට පහර දෙමින් කඳවුර අත්පත් කරගත් අතර එහිදී මිල්ලර්ගේ මරණයෙන් පසුව ඔහු කළු කොටි සංවිධානයේ මියගිය පළමු සාමාජිකයා වශයෙන් කොටි සංවිධානය හඳුන්වනු ලැබු අතර ඔහු කැප්ටන් දක්වා උසස් කිරීමට ද කොටි නායකයා ප්‍රභාකරන් පියවර ගෙන තිබුණි.

එමෙන්ම කළු කොටි සංවිධානයේ ලාංචනයේ ද ඇත්තේ මිය ගිය මිල්ලර් නැමත්තාගේ රුපය මේ හේතුවෙන් 1987 වසරේ සිට 2009 වසර දක්වා කොටි සාමාජිකයින් ඇතුළු කොටි සංවිධානය සෑම වසරකම ජුලි මස 5 වැනි දා කොටි දිනය වශයෙන් හදුන්වා මිය ගිය මිල්ලර් සිහිකරයි.

 

ඡායාරූප නැරඹීම සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න.

https://tinyurl.com/ydhzgvtn



අදහස් (0)

කළු කොටි සැමරුමේ උපත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site