IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කැනඩාවේ ප්‍රෞඪත්වය.. මොන්ටි‍්‍රයල්

 

 

ඔන්ටාරියෝ හි මේපල් පෙදෙසට එය තවත් සුන්දර උදෑසනක් විය. වසන්තයේ රන් හිරු රැස් තවරා ගන්නට පාත්තයින් රෑන්-රෑන් සුදේශ්ගේ මන්දිරය ඉදිරියේ ඇති හිස් භූමිය පුරා වැතිර සිටියේ සොඳුරු සිතුවමක් මෙනි. සුදේශ් ඔහුගේ නවීනතම බෙන්ස් රථයට නැග සිටියේය. ‘‘යමු... යමු ප‍්‍රමාද වෙන්න බැහැ. උදෙන්ම යන තරමට හොඳයි.’’ ඔහු කීවේය. සුන්දර පාත්තයින්ගෙන් සමුගෙන මම රථයට ගොඩ වීමි.

‘‘මේ පළතුරු බාස්කට් එක දාගන්න’’ සුදේශ්ගේ බිරිඳ එය ගෙනැත් දුන්නේ මෙතැන් සිට මොන්ටි‍්‍රයල් වෙත යන ගමන වඩාත් දුර වූ නිසාය. ටොරොන්ටෝවේ සිට මොන්ටි‍්‍රයල් නගරයට ඇති දුර කිලෝමීටර් හාර - පන්සියයක් පමණ වේ. අධිවේගී මග ඔස්සේ සුදේශ් රථය ධාවනය කරන්නට පටන් ගත්තේය. පැයට කිලෝමීටර සියය ඉක්මවා ඉදිරියට ධාවනය කිරීම විටෙක ගෙන දුන්නේ ත‍්‍රාසය දනවන හැඟීමකි. ඔන්ටාරියෝ ප‍්‍රාන්තයෙන් ටිකෙන් - ටික ඈත් වීම ගෙන දුන්නේ පුංචි දුකකි. ඒත් අප මේ යන්නේ කැනඩාවේ ඓතිහාසික නගරය වෙතය. එහි හැඩය මොන වගේද? කිංස්ටන් නගරය පසු කරන අතරේ මා සුදේශ්ගෙන් විමසීමි.

‘‘මොන්ටි‍්‍රයල් කියන්නෙ කැනඩාවේ ප‍්‍රධාන පරිපාලන නගරයයි. ටොරොන්ටෝව වාණිජ නගරය නම්, මොන්ටි‍්‍රයල් එයාලගෙ හදවත බඳු වූ නගරයයි. සියලූම පරිපාලන කාර්යාල තිබෙන්නෙ මොන්ටි‍්‍රයල්වලයි.’’ සුදේශ් කීවේය.

කිංස්ටන් පසුකර යන විට ඔටාවා වෙත යන මග ද, දහසක් දුපත් වෙත යන මග දැක්වෙන පුවරුද දැකගත හැකි විය. ඔන්ටාරියෝ ප‍්‍රාන්තයට අයත් පුවරු සියල්ල සඳහා යෙදා ගෙන ඇත්තේ කොළ පැහැය වුවද, මොන්ටි‍්‍රයල් අයත් වන්නේ කියුබෙක් ප‍්‍රාන්තයට නිසා පුවරු සියල්ල සඳහා යොදා ඇත්තේ නිල් පැහැයයි. නිල්වන් මොන්ටි‍්‍රයල් නගරය යනු ආදරණීය නගරයක් සහ ඉපැරණී නගරයක් ලෙස සංකේතවත් වෙයි. මෙහි හැඩය - පැහැය ගැන හෙට උදෙන්ම ගිහින් විස්තර බලාගන්න යැයි කියූ සුදේශ් මොන්ටි‍්‍රයල් හි සිටිනා ඔහුගේ මිතුරකු වන සුමිත් තිසේරා වෙත මා බාර දුන්නේය. එදින මට ගත කිරීමට සිදු වූයේ සුමිත්ගේ නිවහනේය.

‘‘අපි උදෙන්ම ගිහින් පැරණි මොන්ටි‍්‍රයල් සහ ශාන්ත ජුසේතුමාගේ ලෝ ප‍්‍රකට දේවස්ථානයන් වැඳ පුදා ගනිමු.’’ සුමිත් කීවේය.

ඒ අනුව පසුදා උදෑසනින්ම අපි ගමන් ඇරඹීමු. සහතිකෙන්ම මොන්ටි‍්‍රයල් යනු ටොරොන්ටෝවට වඩා හාත්පසින්ම වෙනස් වූ නගරයකි. ටොරොන්ටෝවේ තරම් අතිවිශාල නවීන ගොඩනැගිලි දක්නට නැත. එහෙත් අති විශාල පාලම් නම් දැකගත හැකිය. ඒවා යකඩින් තනන ලද යෝධ පාලම්ය. තවත් විදියකට සඳහන් කළහොත් ඒවා ලෝකයේ ඇති විශාලම පාලම්ය. ලෝ ප‍්‍රකට හඞ්සන් බොක්ක සමීපයේ ඇති පාලම ලෝකයේ දිගම පාලමකි. මොන්ටි‍්‍රයල් නගරයේ ඇති ගොඩනැගිලි වෙතින් දිස්වන්නේ පෞරාණික බවකි. ඉපැරණි මොන්ටි‍්‍රයල් නගරය :ධකා ඵදබඑරු්ක* වෙත ගිය අප එහි හැඩ බලා ෆෙරී බෝට්ටු සංචාරයකට ද එක්වීමු. ඉන්පසු සුමිත් මා රැුගෙන ගියේ ලෝ ප‍්‍රකට මැගිල්  සරසවි භූමිය වෙතය. ඒ යන අතරවාරයේදී චයිනා ටවුන් වෙත යන මගද පෙන්වූයේ ය. චයිනා ටවුන් යනු චීන ජනයා කඩ සාප්පු පවත්වාගෙන යමින් ජීවත්වන පෙදෙසකි. ඊළඟට අප ගියේ මොන්ටි‍්‍රයල් හි ඔලිම්පික් ක‍්‍රීඩා සංකීර්ණය වෙතය. වසර ගණනාවකට පෙර පැවැති ඔලිම්පික් තරගාවලිය සඳහා යොදාගත් මේ සංකීර්ණය තවමත් සංචාරකයන්ගේ තෝතැන්නකි. කෙසේ වෙතත් මේ සියලූ දේ ගැන සඳහන් වන පුවරු සඳහා යොදාගෙන ඇත්තේ ප‍්‍රංශ භාෂාවය. මොන්ටි‍්‍රයල් යනු ප‍්‍රංශ අධිරාජ්‍යයට නතුව තිබූ තැනක්වීම ඊට හේතුවය.
මෙනිසාම මෙහි සෑම තැනකම දක්නට ඇත්තේ ප‍්‍රංශයේ හැඩරුවය. ගොඩනැගිලි පමණක් නොව නිවාස පවා එලෙසිනි. ජනතාවගේ ජීවන රටාව පවා විකාශය වී ඇත්තේ ප‍්‍රංශ ජීවන රටාව මෙනි. මොන්ටි‍්‍රයල් හි වෙසෙන ජනයා බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත්වන ජනතාවකට වඩා නිතර විනෝදයෙන් ගත කිරීමට කැමති පිරිසකි. ඉඩ ලද විගස සංචාරය කිරීම, කා-බී විනෝද වීම ඔවුනගේ සිරිතය. නමුත් කිසිවෙකු වෙතින් කිසිවෙකුට කරදරයක් නොවන ගාණට ඒ සියල්ල සිදුවීම විශේෂිතය. විවිධ රසයන්ට, විවිධ හැඩයන්ට අනුව කා-බී විනෝද වීම සඳහාත්, වෙනත් විනෝදාත්මක දේ නැරඹීම සහ ආස්වාදය සඳහාත් මොන්ටි‍්‍රයල් අපූරු තෝතැන්නකි. නගරයේ ගාම්භීර හැඩයට අමතරව සුන්දර මිදි උයන්, චෙරි උයන් මෙන්ම වගාවන් සිදු කෙරෙන ස්ථාන ද දැක බලා ගත හැකිය.

මොන්ටි‍්‍රයල් වෙත පැමිණෙන සංචාරකයන් ඒ සියල්ල නැරැඹීමට යන අතරේ විශාල ගම්මානයක තරමට විශාල වූ සාප්පු සංකීර්ණය වෙත යන බව ද සඳහන් කළ යුතුමය. ලෝ ප‍්‍රකට වෙළඳ නාමයන් යටතේ වූ සාප්පු දහසකට වඩා එහි ඇත. එහි සංචාරය කිරීමට මුළු දවසකුත් ප‍්‍රමාණවත් නොවන්නේය. ශාන්ත පෝල් වීදිය මොන්ටි‍්‍රයල් හි ප‍්‍රධාන වීදිය වන අතර, මැගිල් වීදියෙහි නව අවන්හල් තනා ඇත. රාත‍්‍රී ජීවන රටාව සඳහා එම වීදිය වඩා ප‍්‍රකටය. බොහෝ දෙනා කා-බී විනෝදවීම සඳහා එතැනට රොක්වෙති. ඩවුන්ටවුන් හි විශාල ගොඩනැගිලි ඇති අතර නිබඳවම සැණකෙලි පැවැත්වෙන පළාතක් ලෙස එතැන ප‍්‍රකටය. රසවතුන්ට ඩවුන්ටවුන් යනු කදිම නිම්නයකි. සංස්කෘතික සංග රැුගත් උත්සව පැවැත්වෙන ස්ථානය පිහිටා ඇත්තේ හරියටම ඩවුන්ටවුන් මැද්දට වන්නටය.
මොන්ටි‍්‍රයල් හි ඇති දේ ගැන නම් කීමට ඇති විස්තර බොහෝය. එහෙත් එය එක් මොහොතකින් කියා නිම කළ හැකි දෙයක් නොවන්නේ කැනඩාවේ සංස්කෘතිය අතින් වැදගත් ලෙස සැළකෙන මේ ප්‍රෞඪ නගරය ලොව ඇති නගර අතරින් අතිවිශාල නගරයක් වූ නිසාමය. ඒ මහා නගරයේ අලූතින් නිමවා ඇති නිවාස සංකීර්ණයක අසිරිය නැරඹීම සඳහා ද සුමිත් මා හට අවස්ථාව සළසා දුන්නේය. මේ සුන්දර වූ සියල්ලටත් වඩා ආධ්‍යාත්මික අතින් වැදගත් තවත් ලෝප‍්‍රකට තැනක් මෙහි තිබේ. ඒ ගැන ලබන සතියට.

 

කැනඩාවේ සංචාරයකට පසුව....

 

 

සුන්දර නයගරාව...

රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන

නයගරාවේ සුවඳ පිරුණු මලින් පිපුණු මල් ඔරලෝසුව

සී.එන්. කුළුණට පේන කැනඩාවේ ලස්සන...

 

මැගිල් සරසවියට යාමට පෙර..
 
මොන්ටි‍්‍රයල්  නවීන නිවසක්..
 
මොන්ටි‍්‍රයල්  ඩවුන්ටවුන්...
 
දිගම පාලම උඩින් ගමන්...
 
පාලම් යෝදයා...
 
නිවසක ගාම්භීරත්වය..
 
ඔලිම්පික් කී‍්‍රඩාංගනය..
 
පැරණි මොන්ටි‍්‍රයල් ...
 

 



අදහස් (0)

කැනඩාවේ ප්‍රෞඪත්වය.. මොන්ටි‍්‍රයල්

සාලිය Tuesday, 20 August 2013 02:13 PM

කැනඩාව යනු කුමානකාරයේ රටක්ද? (නි)

:       0       0

ජයී තිසර Saturday, 17 August 2013 02:25 AM

ඈත ගමන් පිට රටකදි ලෙහෙසි නැතී.. දෑතෙ සවිය මිතුරන්ගෙන් ලැබී ඇතී.‍. ප්‍රීති සිතින් හැකි අයුරින් උදව් වෙතී.. ශීත රටක උණුසුම් පිරි මිනිස් ගති.(නදී)

:       0       0

චන්ද්‍රා Monday, 19 August 2013 11:37 AM

මෙවැනි පෙනුමක් තිබෙන මෙයට වැඩිය තරමක් විශාල සුදුම සුදු පාට ලස්සන පාලමක් බ්‍රිස්බන් නගරය මැද ඇත.කුවින් වික්ටෝරියා කියලා.හරිම ලස්සනයි. (නි)

:       0       0

දුමින්ද Friday, 16 August 2013 06:45 PM

කැනඩාව යනු සියලු දේ පිළිවෙලට හරියට සිදුවන සැමටම සමානත්වයෙන් සළකන දක්ෂතාවට අවස්ථා දෙන රටකි. (නි)

:       0       0

තිලක් Saturday, 17 August 2013 07:38 AM

කැනඩාව යනු අපේ රට දෙකඩ කරන්නට හදන කොටින්ට කිරි පොවන රටකි.(නදී)

:       0       0

කුමාර Friday, 16 August 2013 08:02 PM

හොද තොරතුරක්.(නදී)

:       0       0

මෝහණ Saturday, 17 August 2013 07:02 PM

අනේ පින් සිද්ද වෙයි. දැන් නම් කැනඩාව ගැන කියවල එපා වෙලා. දැන් සති කීයක් කැනඩාවේ උජාරුව කියෙව්වද?(නදී)

:       0       0

ප්‍රියා ආරියසේන Saturday, 17 August 2013 07:07 PM

මොන්ට්‍රියල් වල ලස්සන පොඩි ගෙවල් තියෙනවා සිටි එකෙන් ඈත. ලංකාවේ වගේ ස්ත්‍රී දුෂණ මෙහෙ නැහැ. අවශ්‍ය අයට අවශ්‍ය දේ තියෙනවා. කාගෙන් වත් කාටවත් හිරිහැරයක් නැහැ. (නි)

:       0       0

නයනා Saturday, 17 August 2013 09:49 AM

මොන්ට්‍රියල් වල තියෙන පොඩි ගෙවල් දැක්කේ නැද්ද?  ඩවුන් ටවුන් එකේ මේ පින්තූර වල තයෙන තරම් ලොකු ගෙවල් නැහැ. ගොඩක් ලොකු අය යන්නේ මේ පැත්තට. වාහන පැදවීමේදී මොන්ටේරියෝ වල වගේ නීති ගරැක නැහැ. පිටින් ලස්සනයි. ඒත් ඇතුලත භයානතයි.(නදී)

:       0       0

ගමයා Sunday, 18 August 2013 05:00 PM

සමහරුන්ගේ අඩු අවබෝධය ගැන බොහොම කණගාටුයි, මමත් ජීවත් වෙන්නේ කැනඩාවේ, සහ මම සිංහල බෞද්ධ, කැනඩාව කොටින්ට කිරි පොවන්නේ නැහැ. ලංකාවේ යුද්දේ තියෙනේ කාලයේ සහ ඊට පෙරත් දැනුත්, කැනඩාවේ පොලිසිය කොටි ක්‍රියාකාරකම් වලට විරුද්දව වැඩ කළේ. අදටත් කොටි මෙහෙ එළිපිට ඉන්නේ නැහැ. මෙහෙ නීතියට අනුව එල්.ටී.ටී.ඊ. තහනම් සංවිධානයක්. අනික මෙහෙ ඉන්න හැම දෙමල මිනිහෙක්ම කොටි නෙවෙයි. ලංකාවේ සමාජයේ තියෙන කණගාටුදායක තත්වය ඕකයි. මිනිස්සුන්ට අවබෝධයක් නැහැ සැබෑ තත්වය ගැන (නි)

:       0       0

ජගත් Friday, 16 August 2013 09:33 PM

ඇත්තටම කැනඩාව ලස්සන රටක්. මමත් ආසයි ඒ රටට. එහෙට යන්න ඇත්නම් මටත්.(නදී)

:       0       0

ජගත් Friday, 16 August 2013 09:39 PM

ලෝකයේ ලස්සනම රට කැනඩාවේ. ජිවත් වෙන්න පුලුවන් නිදහසේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site