කලකට ඉහත අංශභාග රෝගය වයස්ගත වූවන්ගේ රෝගයක්. නමුත් දැන් ඉතාම තරුණ වයසේ අයත් අංශභාගයට ගොදුරුවීම වැඩි වශයෙන් දැකිය හැකි තත්ත්වයක්. සමහරු ආඝාත තත්ත්වයෙන් මිය යාමත් බොහෝ දෙනකු අකි‍්‍රය වූ ගත, දෑත්, දෙපා සමග එක තැන් වීම පවුලට මෙන්ම සමාජයටත් රටටත් බලපාන ගැටලූවක්. ඒ තරුණ වයසේ පසුවන්නන් රටේ නිෂ්පාදන කි‍්‍රයාවලියට එක එල්ලේම සම්බන්ධ වූවන් නිසයි. නමුත් මේ සටහන එවැනි අංශභාග රෝගීන්ට අලූත් ආරංචියක්. නුගේගොඩ තලපත්පිටියේ අනුර මාවත අංක 21/1, ස්ථානයේ පසුගියදා අංශභාග රෝගීන් වෙනුවෙන් විශේෂ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත වුණා. විශේෂයෙන්ම තරුණ අංශභාග රෝගීන් විශාල සංඛ්‍යාවක් එහිදී දැක ගන්නටත් ඔවුන් හා කතා බහ කරන්නටත් අපට පුළුවන් වුණා. මේ ප‍්‍රතිකාර ක‍්‍රම සියයට සියයක්ම දේශීයයි. පාරම්පරික හෙළ වෙදකම හා බැඳුණු නයනතරු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය අධ්‍යක්‍ෂිකා ආයුර්වේද ශාස්තී‍්‍ර වෛද්‍ය භූෂණ පංචකර්ම විශේෂ වෛද්‍ය ශ්‍යාමලි වෛද්‍ය කුමාරි මහත්මිය මේ රෝගීන්ගේ සුව කිරීම පිළිබඳ මෙසේ පැවසුවාය. මෙහි මට හමුවුණ ලාබාලම අංශභාග රොගියාගේ වයස අවුරුදු 24 යි. ඒ කියන්නේ එවැනි ලාබාල වයස්වලදීත් මේ රෝගය ඇතිවෙනවා. රෝහල්වලින් මේ රෝගීන්ගේ ජීවිත තර්ජනය ඉවත් කරවන්නට ප‍්‍රතිකාර කර රෝගීයා නිවෙස වෙත යැවුවත් ඔහුගේ අප‍්‍රාණික දෑත් දෙපා නැවත ප‍්‍රකෘතිමත් කිරීමේ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් සැලසෙන්නේ නැහැ. පුරාණයේ වගේම අදටත් ඒ සඳහා බය නැතිව ඉදිරිපත් වෙන්නේ දේශීය වෛද්‍ය ක‍්‍රමයයි. මේ රෝගීන් සඳහා යොදා ගන්නා ඖෂධ කිසිවක් පිටරට වලින් ආනයනය කරන අප නොදන්නා රසායනික සංයෝග නොවෙයි. අපේ රටේ ස්වභාවික පරිසරයේ තිබෙන ස්වභාවික, කොළ, පොතු, ගෙඩි, මල් වැනි දේ. මේ දේවල ඇති සුවකිරීමේ බලය හරියට හාස්කමක් වගේ. නමුත් ඒ හාස්කමේ ගෞරවය අයිති වන්නේ මේවායින් ඒ ප‍්‍රතිකාර වට්ටෝරු සැකසූ ආයුර්වේද වෛද්‍ය වේදයටයි. වෙද ගෙදර කීවම එදා අපේ සිතේ ඇඳුනේ තෙල්පත්තු සුවඳින් නැහැවුණු තැනක්. නමුත් ඔබ මේ සඳහා ඉතාම නවීන පහසුකම් සහිත ස්ථානයක් තෝරාගෙන තිබෙනවා. වෛද්‍ය ක‍්‍රමය මොකක් වුණත් පිරිසුදු කම කියන්නේ මනුෂ්‍යයන් තුළ තිබිය යුතු අංක එකේ රෝග නිවාරණ ක‍්‍රමයක්. වෛද්‍ය මධ්‍යස්ථානයකට වැඩිපුර පැමිණෙන්නේ රෝගීන්. ඔවුන් මනසිනුත් ඇද වැටුණු පුද්ගලයන් විදිහටයි මෙතනට එන්නේ. සුවපත් පරිසරයක ඔවුන් ගත කරන කාලය ඔවුන්ගේ සිතේ රෝගය ගැන ඇති කනස්සල්ල අමාරුව, වේදනාව අමතක කරවන නිහඬ ඔසුවක්. ඇතැම් රෝගීන් රැක බලාගැනීම හෝ සාත්තු කිරීමට ක‍්‍රමයක් නිවැසියන්ට නැහැ. ඉතිං ඉතාම දුරබැහැර සිට පැමිණෙන හෝ ඉහත කී තත්ත්වය ඇති ඇතැම් රෝගීන් කීප දෙනෙක් අපි නවතාගෙන ප‍්‍රතිකාර කරනවා. ඔවුන්ට මේ පරිසරය ඔවුන්ගේ නිවස තරම් සමීප කරවන්නටයි, මේ ආකාරයට රෝගීන්ගේ සුව පහසුව වෙනුවෙන් කටයුතු කළේ. මේ රෝගීන් හැරෙන්නට ඔබ වෙනත් රෝගීන්ට ප‍්‍රතිකාර කරන්නේ නැතිද? අංශභාග රෝගීන් සඳහා විශේෂයක් දැක්වූවාට මෙහි සියලූම පංචකර්ම ප‍්‍රතිකාර කරනවා. සමහරු ඉන්නවා අධික ස්ථුලතාව නිසා මතුයම් දවසක හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග වලට ගොදුරු වීමට අවදානම් ඇති අය. ආයුර්වේදයේ මෙවැනි පුද්ගලයන්ගේ අධික තරබාරුව ඉවත්කර ඔවුන් මේ රෝගවලට ඇති අවදානමෙන් ඉවත් කිරීමට අප විශේෂ ප‍්‍රතිකාර ක‍්‍රමයක් අනුගමනය කරනවා. මේ ක‍්‍රමය ඖෂධ බීමට දීමෙන් කරන දෙයක් නොවෙයි. ආයුර්වේදයේ ඇති ඉපැරණි ස්වේද ප‍්‍රතිකාර ඇසුරෙන් බාහිරව කරන ප‍්‍රතිකාර ක‍්‍රමයක්. සමහරු පැමිණෙනවා රූපලාවන්‍යාගාර වලින් ප‍්‍රතිකාර පතා ගිහින් ඇති වූ ගැටලූ සමග. ඒ අය වෙනුවෙනුත් අපි වඩා සාර්ථක ප‍්‍රතිකාර ක‍්‍රම සකස් කර තිබෙනවා. උදරයේ මේදය තැන්පත්වීම නිසා විවිධ ගැටලූවලට ලක් වූ රෝගීන්ටත් මෙහිදී උදරය අඩුකර ගැනීමට ප‍්‍රතිකාර කරනවා. සියලූම සර්වාංග රෝග සඳහා නයන තරු විවෘතයි. නයනතරු ශාඛා තිබෙන ස්ථාන ගැන කතා කළොත්. හෝමාගම කටුවාන පාරේ ‘වෛද්‍ය ශ්‍රී’ නමින් අපේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ශාඛාවක් තිබෙනවා. එය අංශභාග රෝගීන් සඳහා වැඩි ඉඩකඩක් වෙන් වූ ස්ථානයක්. ඈත සිට එන රෝගීන් කොළඹට එන්නට බොහෝ දුරක් ගෙවිය යුතු බැවින් අප ඔවුන්ගේ පහසුව වෙනුවෙනුයි එය වෙන් කළේ. රෝගී වී සුවය ලබමින් පසුවෙන රෝගීන්ට අවශ්‍ය මානසික සුවය හා විවේකය ලබා ගැනීමටත් අපි එහි පහසුකම් සලසා තිබෙනවා. අංශභාග රෝගීන් සුවකිරීම සම්බන්ධයෙන් ඔබට ඇති පළපුරුද්ද හා අත්දැකීම් ගැන කතා කළොත්. මම කුඩා කල සිටම අංශභාග රෝගීන් අතරේ හැඳුන වැඩුණ කෙනෙක්. මගේ මව ස්වර්ණලතා අතුකෝරල වෙද පරපුරක පුරුකක් වගේම දක්‍ෂ අංශභාග වෛද්‍යවරියක්. වචනයක්වත් කතා කරගන්නට බැරිව අතපය නොහොල්ලා බොහෝම අසරණ තත්ත්වයෙන් රැගෙන එන අංශභාග රෝගීන් මගේ මව ඉතාම කෙටි කලකින් සුවපත් කරන හැටි දැක්කම මට ආශාවක් ඇතිවුණා. ඒ අංශය ප‍්‍රගුණ කරන්න. පසුකාලයක මම වෛද්‍යවරියක් විදිහට ඉගෙනීම අවසන් කළ වහාම මවගේ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක්ද හොඳින් ප‍්‍රගුණ කලා. මගේ නැගණිය තර්කා දර්ශනීත් වෛද්‍යවරියක්. මමත්, මගේ මවත් නැගණියත් අංශභාග රෝගීන් වෙනුවෙන් කාලාන්තරයක් විවිධ පර්යේෂණ කර සොයාගත් අපේම සුවකිරීම් ක‍්‍රමවේදවල අත්දැකීම් මට තිබෙනවා. මේ වන විටත් මම අංශභාග රෝගීන් සිය ගණනකට අධික ප‍්‍රමාණයක් සුව කරන්නට දායක වෙලා තිබෙනවා. එය මට මහත් සතුටක්. ඇවිඳින්නට බැරිව කතා කරන්නට බැරිව රැගෙන එන රෝගියා ටික කාලයකදී හිටපු තත්ත්වයෙන් ගොඩ එනවා නම් වෛද්‍යවරියකට එතරම් ආත්ම තෘප්තියක් තවත් නැහැ. ඇත්තෙන්ම මට ඒ සතුට ඉතාම නිහතමානීව විඳගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබේ වෛද්‍ය ක‍්‍රමයේ පවතින සුවිශේෂතා මොනවාද? අංශභාග රෝගීන් වෙනුවෙන් සකසන සියලූම ඖෂධ නිර්මාණය කර ගන්නේ අප විසින්මයි. ඒ ඒ ඖෂධවල පවතින නිවැරදි භාවය, ඖෂධ ගුණය හා නියම ප‍්‍රමිතිය ගැන මට දැඩි විශ්වාසයකින් කටයුතු කරන්නට හැකිවී තිබෙන්නේ අප ළඟ ඇති පාරම්පරික වට්ටෝරු අනුව ඒවා අප අත්හදා බලා ඉතාම සාර්ථක ප‍්‍රතිඵල අත්දැක ඇති නිසයි. වෙළෙඳ අරමුණු ඉලක්ක කරගෙන මං ඖෂධ නිපදවන්නේ නැහැ. ඒ නිසා මගේ රෝගීන් සඳහා මා නිපදවා ගන්නා ඖෂධවල ගුණාත්මක භාවය ඉතාම හොඳින් රැකෙන පරිදි ඒ ඖෂධ නිපදවෙන නිසා  ඕනෑම අංශභාග රෝගියකු සුව කළ හැකි බව මා විශ්වාස කරනවා. අද ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය ගැන බොහෝ දෙනකු තුළ උනන්දුවක් ඇති වී තිබෙන යුගයක්. පසුගිය කාලයේ මට විදේශීය රෝගියකුගේ අංශභාග තත්ත්වයක් සුව කරන්නට ලැබුණා. ඔහු අපේ මේ දේශීය වෛද්‍ය ක‍්‍රමය ගැන පුදුම පැහැදීමකින් තමයි පිටව ගියේ. මම නවීන ක‍්‍රම ගැන උනන්දුවක් දක්වන කෙනෙක්. අපි ප‍්‍රතිකාර කිරීමේදී එක රෝගීයකුගේ අනන්‍යතාව අනෙක් රෝගියාට දැනෙන්නට ඉඩ තබන්නේ නෑ. හේතුව දරුණු අංශභාග රෝගියකුට ප‍්‍රතිකාර කිරීම එතරම් දරුණු නැති රෝගීයකු දැකීමෙන් ඒ රෝගියාගේ මානසිකත්වයට පහරක් වදින්න පුළුවන්. රෝගියා ප‍්‍රතිකාර ලබන අතර ඔහු හෝ ඇයට වඩා සුහදශීලි ලෙස සලකන්නට අප ඇප කැපවී ඉන්නේ. එයින් රෝගියාට තමන් අසරණ වී නැතැයි වැටහෙන්නට උදව්වක් ලැබෙන නිසයි. මියුසික් තෙරපි කියන ලොව පුරා පිළිගත් ක‍්‍රමය මාත් අගය කරනවා. රෝගියාට ප‍්‍රතිකාර ලබාදීමේදී සියුම් සංගීතයක් ශ‍්‍රවණය කරන්නට මම උනන්දු වෙනවා. මෙවැනි රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ඔබ මුහුණ දෙන දුෂ්කරතා මොනවද? බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙනවා. විශේෂයෙන්ම සමහර රෝගීන්ට ඖෂධ ලබා දෙන අවස්ථාවලදී ඇතැම් රෝගීන් පැමිණෙන්නේ ඔවුන් රැක බලාගන්නා සේවක සේවිකාවන් සමගයි. නියම කරන බෙහෙත් ලබාදිය යුතු ආකාරය අපි ඔවුන්ට පවසා සිටියත් ඒවා ඒ ආකාරයෙන් ලබා දීමට තරම් ඔවුන් මතක තබා ගන්නේ නැහැ. මෙවැනි රෝගියකුට ප‍්‍රතිකාර කිරීමේදී සතියෙන් සතියට අපි ඖෂධ මාරු කරනවා. ඒ රෝගියාගේ තත්ත්වය සුව අතට ගන්නට අපි නිසි ක‍්‍රමවේදයක් ඇතිව ප‍්‍රතිකාර කරන නිසයි. එහෙත් බෙහෙත් වේල් කී ආකාරයට නැතිව වෙනස් කර දුන්නාම එය ඊළඟ බෙහෙත් පන්තිය ආරම්භ කිරීමට බාධාවක්. මේ නිසා එවැනි රෝගීන් වෙනුවෙන් පැය 24 පුරාම කි‍්‍රයාත්මක විමසීම් අංශයක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව 0114 912612 යන ඇමතුම් අංකය හරහායි. නමුත් සමහර රෝගීන්ගේ රැක බලාගන්නන් දුරකථනය මගින් ලබාදෙන උපදෙස් පවා එතරම් සැලකිල්ලට ගන්නේ නෑ. මෙහිදී ඉතාම අසීරු අභියෝගයකට මුහුණ දෙනවා. මේ රෝගියාගේ සුව කිරීම සම්බන්ධයෙන්. නමුත් වෛද්‍යවරියකගේ කාර්යය මේ සියල්ල නිවැරදි කර රෝගියාට සුවය ලබාදීම මා උත්සාහ කරන්නේ අංශභාග රෝගයෙන් දුක් විඳින රෝගීන් එයින් මුදා ගැනීමටයි. අංශභාග රෝගීන් වැඩිවීම ඔබ දකින්නේ මොන ආකාරයටද? අංශභාග රෝගියා හදිසියෙන් රෝගි වන්නෙක් මිස රෝග වන්නට උරුම කරගෙන උපන් අයෙක් නොවෙයි. නිරෝගිව වෙසෙන අවදියේ ඔහු ගන්නා ආහාර අනුව රෝගයට ගොඳුරු වීමේ මුල් සාධක ගොඩ නැගෙනවා. සමහරු තමන්ට අධි රුධිර පීඩනය තිබෙන බව කියන්නේ ආඩම්බරයෙන්. එය පෝසතුන්ට හැදෙන රෝගයක් විදිහටත් සමහරු සලකනවා. නමුත් මොන පොහොසතා වුණත් රෝගී වීම දුප්පත්කමක් ලෙස සලකන්න එපා. ලූණු අධික කෘති‍්‍රම ආහාර වර්ග, කෙටි කෑම වර්ග මාජරින් අඩංගු ආහාර වර්ග, මේ සියල්ලෙහි අධික ලූණු ප‍්‍රමාණයක් අඩංගු වී තිබෙනවා. මේ ආහාර වැඩිපුර ගැනීම රෝගවලට අත වැනීමක්. අධි රුධිර පීඩනය අංශභාගය විතරක් නොවෙයි. දෑස් අඳ වීමටත් හේතුවක්. නමුත් අප රුධිර පීඩනය ඇතැයි හඳුනාගත් පසුවත් ඔවුන් ලූණු අධික ආහාර වලින් ඈත් වෙන්නේ නෑ. ආහාර හා ජීවන රටාවේ ඇති වැරදි පුරුදු නිසා නිරෝගීව සිටින තමන් රෝගී වන බව ඔවුන් කල්පනා කරන්නේ නැහැ. කිසියම් කෙනකුට අධි රුධිර පීඩනය ඇතැයි දැන හඳුනාගන්නට ලැබුණොත් එය පාලනය කරගන්නට ඖෂධ හා චර්යාවන් හුරුපුරුදු වෙනස් කිරීම් කළ යුතුයි. නොඑසේ නම් මේ විදිහට යම්කිසි සේවයක් රටට සමාජයට කළ හැකි වයසේ පසුවන බොහෝ දෙනකු මේ රෝගය නිසා පීඩාවට පත්වෙන්නට පුළුවන්. ඖෂධ හා ජීවන රටාව යනුවෙන් ඔබ විශේෂ සඳහනක් කළේ ඇයි? අද බොහෝ දෙනෙක් ව්‍යායාමයෙන් ඈත්වෙලා ආහාර පාලනය කළත් ඖෂධ ලබා ගත්තත් ව්‍යායාමයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා කොතරම් කාර්ය බහුල ජීවන රටාවකට හුරුපුරුදු වූ කෙනෙක් වුණත් ව්‍යායාම කළ යුතුයි. මම එය අංශභාග රෝගියාටත් ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ එක් අංගයක් ලෙස යොදාගෙන තිබෙනවා. තෙල් ගැල්වීම් තැවිලිවලට අමතරව මම රෝගියාගේ අප‍්‍රාණික දෑත් දෙපාවලට විශේෂ භෞතික චිකිත්සක ක‍්‍රම උපයෝගී කරගෙන ව්‍යායාම් කරවනවා. ඇතැම් අංශභාග රෝගීන් මා වෙත එන්නේ තවත් නිධන්ගත රෝගත් සමගයි. එවන් අවස්ථාවල මා ඒ රෝගියාගේ සියලූම රෝගවල නිවාරණය පිළිබඳවත් අවදානය දක්වා ප‍්‍රතිකාර කරනවා. වැඩිපුරම බහුලව අංශභාග රෝගීන් වීමට බලපා තිබූ හේතු ලෙස ඔබ හඳුනා ගන්නේ මොනවාද? මත්පැන් දුම්පානය වැනි හේතු වගේම වැඩිපුර ක්‍ෂණික ආහාර නිසා බවයි මට හිතෙන්නේ. රෝගිවීම කවදා කොතැන දී වේදැයි කියන්නට බැහැ. එම නිසා ශරීරයට විෂ සහිත රසායන ඇතුළුවන දුම්බීම කිසිම කෙනකුට යහපත් දෙයක් නොවෙයි. මත්පැන් පානයත් එබඳුම අත්හළ යුතු පුරුද්දක්. ඇබ්බැහි වීම් කතාව මා විශ්වාස කරන්නේ නෑ. තදින් මත්පැනට හෝ දුම්පානයට ඇබ්බැහිවී සිටි බව කියන ඇතැම් අංශභාග රෝගීන් රෝගී වූ වාට පසු ඒවා නැතිව ඉන්නවා නම්, එය ඇබ්බැහි වූවක් විදිහට හිතන්නේ කොහොමද? අංශභාග රෝගීන්ගේ සුව අසපුව ‘‘නයන තරු’’ වෙතින් සමුගන්නා මොහොතේ, රෝගයට ලක්ව ප‍්‍රතිකාර ලබන්නන් හා මොහොතක් කතා කරන්නට අපි උත්සාහ කළෙමු. ‘‘කට පරිස්සම් කරගත්තානම්, ඇඟපත වෙහෙසුවානම්, මේ ලෙඩෙන් ගැලවෙන්න තිබුණා.’’ එය ඔබට ද යම් දිනයක සිතිය හැකි බැවින් පරෙස්සම් වෙන්න.
සැකසුම/ඡායාරූප නාලිකා රාජපක්‍ෂ
වෛද්‍ය ශ්‍යාමලී උදර මේදය අඩු කරවන ප‍්‍රතිකාර කරමින් අංශභාග රෝගියෙකුට ශීරෝධාර ප‍්‍රතිකාර ක‍්‍රමය යොදමින්