හොරණ නවෝදය මෙහෙය වූ රයිගම් කෝරළයේ මහා බක්මහ උළෙල කාගේත් විශේෂ අවධානයට යොමු වූ මෑත යුගයේ පැවති වැදගත්ම අවුරුදු උත්සවය ලෙස සැලකිය හැකිය. බක්මහ උළෙලට අදාළ වූ සියළුම පාරම්පරික ක‍්‍රීඩා තරගයන්ගෙන් සම්පූර්ණ වූ මෙම උළෙල අලිරේස්, අශ්ව රේස්, අංගම්පොර සටන් ආදී අංගවලින් ද වර්ණවත් විය. රයිගම් කෝරළයේ අවුරුදු කුමාරි තරගය, කිලෝ මීටර 152 පුරා පැද ගිය මහා පාපැදි ධාවන තරගය, මැරතන් ධාවනය, ලිස්සන ගසේ නැගීම, කොට්ට පොරය, අයිල කරත්ත සන්දර්ශනය, කතුරු ඔන්චිල්ලාව, කඹ ඇදීම, කණා මුට්ටිය බිඳීම, ළමයින් සඳහා වෙන්වූ තරග, කැවුම්, කොකිස්, අතිරස ඉවීමේ දර්ශනය හා එම සිංහල රසකැවිලි සහ කිරිබත් කෙසෙල් ගෙඩි ඔසු කැඳ ජනතාවට අනුභව කරන්නට බෙදා දීම. ආදී ජාතියේ අනන්‍යතා සිදුවීම් මෙම බක්මහ උළෙලේදී දක්නට ලැබිණ. හොරණ නගර සභා ක‍්‍රීඩාංගණයේදී දවසක් පුරා පැවති මෙම උළෙල සාර්ථක කිරීම පිණිස මහ පරිමානයේ ත්‍යාග මුදල් හා ත්‍යාග භාණ්ඩ හොරණ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාව විසින් අත දිගහැර පරිත්‍යාග කර තිබුණි. උළෙල සංවිධානය කළේ හොරණ නවෝදය සංවිධානයේ නිර්මාතෘ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක විදුර වික‍්‍රමනායක මහතාගේ පුරෝගාමීත්වයෙන්ය. රයිගම් කෝරළ අවුරුදු කුමාරි තරඟය සඳහා 28 දෙනෙකු තරග වැදුනාහ. එයින් දස දෙනෙකු තෝරාගනු ලැබූ අතර ඒ අතරින් දිනූ තිදෙනෙකු ප‍්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගත්හ. වෑවල ටී.ඞී දේවිකා දිල්හානි (22) රයිගම් කෝරළයේ අවුරුදු කුමාරිය ලෙස අභිසෙස් ලැබූ අතර පොකුණුවිට නිහාරා මධුෂානි (21) දෙවැනි ස්ථානය ද හොරණ සින්දුජා ශ්‍රී භාග්‍යා තුන් වැනි ස්ථානය ද ලැබූහ. මෙම තිදෙනාට පිළිවෙලින් රුපියල් පනස් දහස, තිස් දහස හා විසි දහස බැගින් හා තවත් බරටම ත්‍යාග පිරිනැමිණි. දස වෙනියා දක්වා ද විශේෂ ත්‍යාග පිරිනැමින. ජනතාවට අස්ව රේස් දකින්නට ලැබෙන්නේ කලාතුරකින් ය. හොරණ නගර සභා ක‍්‍රීඩාංගනයේ මෙම අවුරුදු උළෙලේදී අශ්ව රේස් එකකින් වර්ණවත් විය. හොරණ නගරයෙහි පැවති කිසිදු අවුරුදු උළෙලකදී කතුරු ඔන්චිල්ලාව ඉදිවුනේ නැත. එහෙත් රයිගම් කෝරළ අවුරුදු උළෙල කතුරු ඔන්චිල්ලාවකින් අලංකාරවිය. එම ඔන්චිල්ලාව විවෘත කළේ මෙම උත්සවයේ උපදේශක පාරේලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතාය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි සමඟ මිනිසුන් කඹ ඇද්ද අවුරුදු උළෙලක්
සුපුන් Tuesday, 16 April 2013 11:55 AM
කව්ද ඉතින් දිනුම් ? (නි)
කුසුම් Sunday, 06 May 2012 05:00 AM
අලි මිනිස් ගැටුමේ දෙවෙනි අධියර....