IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර්

මෙරට කීර්තිමත් දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ 27 වැනි ගුණ සමරුව අදට (10) යෙදේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකර් මහතා 1917 මැයි මාසේ 12 වැනිදා ඡන්මලාභය ලැබුවේ බේරුවල මරදාන ප්‍රදේශයේ ‘‘හකීම් විලා’’ මහ වෙද ගෙදර සුප්‍රකට වෙද පරපුරකින් පැවත එන පවුලකය. එතුමාගේ පියාණන් ආයුර්වේද වෛද්‍ය හලිම් අලිය මාරික්කාර් මොහොමඩ් මරික්කාර්. මව්තුමිය ඉස්මයිල් මරික්කාර් රහිලා උම්මා මැතිනියයි.

මෙතුමන් කුඩා අවධියේ පාසල් ගියේ තම එකම හා වැඩිමල් සහෝදරිය වන දුර්රතුල් යතීමාගේ සුරතේ එල්ලී ලංකාවේ ප්‍රථම මුස්ලිම් බාලිකා විද්‍යාලයටය. ඉන් අනතුරුව 1924 දී කොළඹ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළු වුණු පුංචි බාකීර් මාකර් එම පාසලෙන් සිංහල, ඉංග්‍රීසි, දෙමළ, ලතින් භාෂා මැනවින් ඉගෙන ගෙන උසස් අධ්‍යාපනයට කොළඹ සහිරා විද්‍යාලයට ඇතුළත් වූයේය.

බහු භාෂා උගතකු ලෙස සහිරා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා සමාජගත වන ඔහු නීති විද්‍යාලයෙන් නීති ක්ෂේත්‍රයට ප්‍රවේශ වන්නේය. නීති විද්‍යාලයෙන් තරුණ නීතිඥයෙකු ලෙස සමාජගත වන අල්හාජ් බාකීර් මාකාර් මහතා වැඩි කලක් යන්නට මත්තෙන් අධිනීතිඥයකු ලෙස කළුතර උසාවියේ වෘත්තීය කටයුතු සේම සමාජ සේවය ආරම්භ කරන්නේය.

එතුමා දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ බේරුවල නගර සභාවට තරග කරමිනි. නගර සභා දේශපාලනය ඔස්සේ ජාතික දේශපාලනයට ප්‍රවිශ්ට වන අප කතානායකතුමා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා 1960 මාර්තු මහ මැතිවරණයෙන් බේරුවල ආසනයේ නියෝජිතයා ලෙස මුල් වරට පාර්ලිමේන්තුවට පත් වන්නේය.

1977 ජේ.ආර්. ජයවර්ධන මහතා දේශමාන්‍ය එම්.ඒ. බාකීර් මාකර් මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙසත් අනතුරුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසත් පත්කරනු ලබන්නේය.

‘‘මා මේ රටේ තුන්වැනි පුරවැසියාට හිමි පාර්ලිමේන්තුවේ කතා නායක ධුරයට ජනතාව තෝරාපත් කර ගනු ලබනවා. මේ තත්ත්වයට පැමිණීමට සුළු ජාතිකයෙකු වූ මට කිසිදු බාධාවක්, ගැටලුවක්, අභියෝගයක් ඇති වූයේ නෑ. මේ රටේ ජීවත් වන අන් සෑම සුළු ජාතිකයකුගෙන්ම මා ඉල්ලා සිටින්නේ මහ ජාතිය වන සිංහල ජාතිය සමඟ එකමුතුව, සමගිව, සුහදව, සහජීවනයෙන් කටයුතු කරන ලෙසයි. අපේ ප්‍රශ්න ඒ අය සමඟ සාකච්ඡාවෙන් කතා බහ කර එක්ව විසඳාගන්නට අසීරු වෙන්නේ නෑ’’

එතුමන් තම වැඩිමල් පුතණුවන් අල්හාජ් ඉම්තියාස් බාකීර් මාකාර් ලංකාවේ අග්‍රගණ්‍ය සිංහල බෞද්ධ පාසල වන කොළඹ ආනන්දයට එවන අතරම සිය දියණියන් යවන්නේ බම්බලපිටිය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයටයි. බාල පුතු කොළඹ රාජකීයට ඇතුළත් කළේය.

සියලු ජාතීන්ට එකසේ ගෞරව කිරීම මෙන්ම සියලු ආගම්වලට එකසේ ආදරය කිරීම මනුෂ්‍යත්වය උරාග  බැලීමක් ලෙස අදහන බාකීර් මාකාර් මහතා හරි හම්බ කළේත් මනුෂ්‍යයින්ම පමණයි.

උතුම් වූ මනුෂ්‍යත්වයෙන් පිරි අවංක, සුවඳ හමන හදවතක් හා නිකැලැල් පිරිසිදු නොකිලිටි දෑතක් සහිත කීර්තිමත් නාමය පමණක් නොවේද..? ධන ධාන්‍ය, මිල මුදල්, යානවාහන, ගේ දොර ඉඩකඩම්වලින් ආඩ්‍ය නොවූ ඒ කීර්තිමත් නාමය මේ ශ්‍රී ලාංකීය ජන සමාජයට මොනතරම් පරමාදර්ශයක් සපයයිද...

 

ඒ පරමාදර්ශයේ ප්‍රතිමූර්තියක් ඔබ අප ඉදිරියේ ඉතිරි කර තබා 1997 සැප්තැම්බර් 10 වෙනිදා ඔබ අප අතරින් නික්ම ගියේය.

මා මිත්‍ර ඉමිතියාස් බාකීර් මාකර් මැතිතුමනි, ඔබ තුමන්ගේ පියතුමන් මේ විශ්වය මත ඉතුරු පහදු කර ගිය පරමාදර්ශයේ ප්‍රතිමූර්තිය ඔබම හැර අන් කවරෙක්ද?

 

(***)
පාර්ලිමේන්තු මන්ත්‍රී
ඩලස් අලහප්පෙරුම

 



අදහස් (1)

අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර්

Robin Wednesday, 11 September 2024 12:20 PM

ඔය කියන තරම් ගුණ මේ පුද්ගලයා ළඟ තිබුණේ නැති බව බේරුවල අවුරුදු 70ක් විතර ජීවත් වුණු මම දන්නවා...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site