IMG-LOGO

2023 ඔක්තෝබර් මස 04 වන බදාදා


අනුරාධපුරය

ලෝක උරුමයක් වන අනුරාධපුරය ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම රජධානියයි. කි‍්‍රස්තු පූර්ව හතර වැනි සියවසේ පටන් කි‍්‍රස්තු වර්ෂ 11 වැනි සියවස දක්වාම ලංකාවේ ප‍්‍රධාන රාජධානිය විය. විජය රජු සමග ලංකාවට පැමිණි අනුරාධ නැමැති අමාත්‍ය වරයෙකු කදම්බ නදිය හෙවත් මල්වතු ඔය ආසන්නයේ තැනූ අනුරාධ ග‍්‍රාමයේ භද්දකච්චානා කුමරියගේ සොහොයුරු අනුරාධ නැමැති කුමරාද පදිංචි වී ඇත. පසුව රජ පැමිණි පණ්ඩුකාභය රජු එම ග‍්‍රාමය නව නරගයක් ලෙස වැඩිදියුණු කොට අනුරාධපුර රාජධානිය ගොඩනගා තිබේ. නගර ප‍්‍රතිෂ්ඨාපනය අරඹා ඇත්තේද අනුරාධ නැකැතිනි. මේ හේතූ නිසා අනුරාධපුරයට ඒ නම ලැබී ඇතැයි විශ්වාස කැරේ. ශී‍්‍ර ලංකාවේ උතුරු දිග තැනිතලාවේ මුහුදු මට්ටමින් අඩි 295 ක් පමණ උසින් අනුරාධපුරය පිහිටා ඇත. අද උතුරු මැද පළාතේ අග නගරයයි. අනුරාධපුර රාජධානිය බිඳවැටි සිංහල රාජධානිය වෙනත් ප‍්‍රදේශ කරා යද්දී අනුරාධපුරය වනයෙන් වැසී ගියේය. නැවත බි‍්‍රතාන්‍ය පාලන සමයේදී 1874 දී පමණ එළිපෙහෙළි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුරයේ කැණීම් සිදු කොට නටඹුන් වූ රාජධානිය මතු කරගත් අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංස්කෘතික ති‍්‍රකෝණ වැඩසටහන යටතේ තවමත් අනුරාධපුර සංරක්ෂණ කටයුතු සිදුවේ. පැරණි නගරය හා නව නගරය යනුවෙන් කොටස් දෙකකි. පැරණි නගරයෙන් පදිංච් ස්ථාන හා වෙළඳ ව්‍යාපාර හැකිතාක් ඉවත් කොට නව නගරයට ගෙනැවිත් ඇත. පැරණි නගරය වර්ග සැතැපුම් නමයක් පමණ ප‍්‍රදේශයක් පුරා පැතිර පවතී. එහි ඇතුළු නුවර හා පිට නුවර යනුවෙන් හැඳින්වෙන කොටස් දෙකකි. ඇතුළු නුවර හා පිට නුවර ඉතා විශාල ප‍්‍රාකාරයකින් එකිනෙක වෙන්වේ. කි‍්‍රස්තු පූර්ව 42 සිට 20 දක්වා රජ කළ කුටකණ්ණතිස්ස රජ සමයේ නගරය වටා දිය අගලක් තැනවූ බවත් වසභ රජතුමා නගරයේ ප‍්‍රාකාරය දහ අට රියන් උස්ව බැන්දවූ බවත් මහාවංශයේ සඳහන් වේ. නගරය ගොඩනැගීම පිළිබඳ විස්තර මහාවංශයේ දැක්වේ. ඒ අනුව විවිධ කුල වලට අයත් ජනතාව හා විදේශීය වෙළෙඳුන් සඳහාද වෙන වෙනම ගොඩනැගිලි තිබී ඇත. මෑතදී සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අනුරාධපුර රාජධානිය විදේශයන් සමග විශාල වශයෙන් සබඳතා පැවැත්වූ බව තහවුරු වී ඇත. අක්කර 250 ක පමණ භූමි භාගයකින් යුතු අනුරාධපුර ඇතුළු නුවර ප‍්‍රධාන ගොඩනැගිලි කිහිපයකි. ඒවා අතර රජ මැදුරත්, දළදා මන්දිරයත්, මහාපාලි දාන ශාලාවත් ප‍්‍රධාන වේ. පිට නුවර ප‍්‍රධාන වශයෙන් විහාරා‍රාම හා වෙනත් ගොඩනැගිලි රාශියක් දක්ට ලැබේ. ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. දේවානම්පියතිස්ස රාජ සමයේ ලක්දිවට බුදු දහම පැමිණීමත් සමග කලා ශිල්ප පිළිබඳ මහත් උද්යෝගයක් ඇතිවිය. අනුරාධපුරයේ ගොඩනැගූ මුල්ම චෛත්‍යය වන්නේ ථූපාරාමයයි. එතැන් පටන් වෙහෙර විහාර විශාල ප‍්‍රමාණයක් වරින් වර රජ පැමිණි නරපතීන් විසින් අනුරාධපුරයේ ඉදිකර තිබේ. දුටුගැමුණු රජු කි‍්‍රස්තු පූර්ව 161 ත් 137 ත් අතර ඉදිකළ මිරිසවැටිය හා රුවන්මැලි සෑය සුවිසල් දාගැබ් ඉදිකිරිමේ මූලාරම්භයයි. පසු කළෙක වළගම්භා රජු අභයගිරියත් මහසෙන් රජු ජේතවනාරමයත් ඉදිකළහ. තිබේ. ශී‍්‍ර ලංකාවේ විශාලතම චෛත්‍ය තුන රුවන්මැලිසෑය, අභයගිරිය හා ජේතවනරාමයයි අනුරාධපුරයට යන බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වන්නේ අටමස්ථාන වන්දනා කිරීමයි. කලින් කල අටමස්ථාන ලෙස හැඳින්වූ ස්ථාන වෙනස් වුවද ශී‍්‍ර මහා බෝධිය, ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, අභයගිරිය, ථූපාරාමය, ජේතවනාරාමය, ලංකාරාමය සහ මිරිසවැටිය අටමස්ථාන ලෙස සළකණු ලැබේ. අනුරාධපුරයේ දැවැන්ත වාරිමාර්ග ක‍්‍රමයක්ද දැකිය හැකියි. ඉන් පළමුවැන්න වන්න් පණ්ඩුකාභය රජතුමා විසින් කරන ලද අභයවාපී නැමැති වැවයි. අද එය බසවන්කුලම ලෙස හැඳින්වේ. තිසා වැව, නුවර වැව ආදී වාරිකර්මානත කරමින් අනුරපුර රජ දරුවෝ ලක් පොළොව අස්වැද්‍දූහ. සවිමත් පාලම් ද සහිතව ඉතාමත් විධිමත් මාර්ග පද්ධතියක්ද අනුරාධපුර පැරණි නගරයේ දැකිය හැක. එමෙන්ම විහාරාරාම, බුදු මැදුරු අදී ගොඩනැගිලිවල දැකිය හැකි විවිධ කලා නිර්මාණ හෙළ කලා කරුවාගේ නිර්මාණත්මක හැකියාව මනාව පිළිබිඹු කරයි. සඳකඩපහණ, මුරගල, කොරවක් ගල ආදිය එවැනි විශිෂ්ට නිර්මාණයන්ය. අතීත අනුරාධපුරය ලොව තිබූ ඉතාමත් දර්ශනීය නගරයක් බව විද්වතුන්ගේ පිළිගැනීමයි. අලංකාර උයන් වතු සුවිසල් මහල් ප‍්‍රාසාදයන්ගෙනුත් විසල් දාගැබ් වලිනුත් සාගර පරදන මහ වැව් වලිනුත් සමන්විත අනුරාපුර නගරය වරින් වර සතුරු ආක‍්‍රමණයන් හේතුවෙන් විනාශ වී ගියේය. පණ්ඩුකාභය රජුගෙන් ආරම්භ වී දේශීය රජවරු 109 දෙනෙකු විසින් පාලනය කරන ලද අනුරාධපුර රාජධානිය කි‍්‍රස්තු වර්ෂය 1017 දී සොළී ආක‍්‍රමණයෙන් පසු බිඳ වැටුණි. සොළීහු පොළොන්නරුවේ සිට රටේ පාලනය ගෙන ගියහ. අනුරාධපුරයේ අවසන් පාලකයා වූයේ පස්වැනි මිහිදු රජුය. සොළීන් පළවා හළ පළමුවැනි විජයබාහු රජු අනුරාධපුරයේ මාළිගාවක් තනවා එහි සිය රාජභිෂේකය පැවැත්වූවද ඔහු පොළොන්නරුව තම රාජධානිය කර ගතතේය. විජයබාහු, මහා පරාක‍්‍රමබාහු සහ නිශ්ශංකමල්ල වැනි රජවරු වරින් වර අනුරාධපුරය ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළද එය ක‍්‍රමයෙන් වනගතවී ගියේය. කි‍්‍රස්තු වර්ෂ 1448 අපේ‍්‍රල් 10 වැනිදා හයවැනි පරාක‍්‍රමබාහු රජුගේ චන්ද්‍රවති කුමරිය අනුරාධපුරයේදී උලකුඩය දේවී නමින් අභිෂේක කොට සුන්දර පාණ්ඩ්‍ය නම් කුමරුවකුට සරණපාවා දීම අනුරාධපුරයේ සිදුකරන ලද අවසන් රාජකීය උත්සවයයි. නැවත 1873 දී අනුරාධපුර කච්චේරිය පිහිටුවා රජයේ ඒජන්ත වරයෙකු පත්කිරීමෙන් පසු අනුරාධපුර පැරණි නගරය එළි පෙහෙළි කොට පුරාණ ගොඩනැගිලි පිළිබඳ පර්යේෂණ ආරම්භ කැරිණි . අභයගිරිය වල් බිහිවී තිබූ ආකාරය 1873 දී රුවන්මැලි සෑය සොයාගත් අවස්ථාවේ දිස්වූ අයුරු අභයගිරිය රුවන්මැලි සෑය ජේතවනාරාමය මිරිසවැටිය දාගැබ ශී‍්‍ර මහා බෝධිය කුට්ටම්පොකුණ ථූපාරාමය අභයගිරියේ කැණීම් වලින් හමුවූ මුරගලක් ඉසුරුමුණි පෙම් යුවල  



අදහස් (10)

අනුරාධපුරය

මැල්කම් Saturday, 25 October 2014 08:17 AM

ලංකාවේ අපි නොදන්නා දේවල් දැනගැණිමට ලැබිම සතුටුයි (නදී)

:       1       7

කුමුදුමලී Thursday, 07 June 2012 02:07 PM

කරැණාකර රිටිගල කදුපන්තිය ගැන පුරාවිද්‍යාත්මක තොරතුරැ පළකරන්න...

:       2       1

දිලිනි Saturday, 20 June 2015 03:58 PM

අනුරාධපුර රාජධානිය බිඳවැටීමට බලපෑ දකුණු ඉන්දීය ආක්‍රමණ ගැනත් අපිට කියන්න (නි)

:       3       1

සමන් සෙනරත් ජයසූරිය Thursday, 22 May 2014 02:35 PM

අනුරාධපුර යුගයේ සියලුම කළා ශිල්ප පිලිබදව තොරතුරු සපයන්න (දී)

:       1       1

නිලුෂි Monday, 30 November 2015 08:51 AM

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ අතීතය පිළිබඳ දැන සිටීම ඉතාමත් වැදගත් වෙනවා (ම)

:       3       11

සුමනතිලක හිමි Saturday, 17 December 2016 12:31 AM

ඉතාම වැදගත් ලිපියක් (නි)

:       1       2

ධම්මික Friday, 22 June 2012 02:28 PM

මේ ඉසුරුමුණියේ පෙම් යුවල යනු රාමා සීතා යුවලයි. රිටිගල රාවණ කාලේ හනුමා රැගෙන ආ කන්දෙන් කොටසකි. ඔබට මෙය විහිළුවකි. ජීව විද්‍යාවට අනුව රිටිගල අවට නැති ගස් රිටිගල ඇත. එපමණක්නොව ඉන්දියාවේ ඇතැම් වටිනා ඖෂධ වර්ග මෙහි තිබෙන බවට සාක්කි අදටසත් ඇත. (ස)

:       1       3

සමන්මලි Thursday, 28 June 2012 11:38 AM

අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..

:       1       1

අමිල Monday, 12 December 2011 08:15 PM

අනුරාධපුර නගර සැලැස්ම ඉතා විශිෂ්ට අන්දමින් රජවරු නිර්මාණය කර ඇත.

:       2       2

Chathuranga Thursday, 27 December 2018 04:15 PM

අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන හා පුරාවස්තුවලට වෙන හානි පිළිබඳ විස්තර සපයන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රාජ්‍ය බදු වැඩිකිරීම විසඳුමද?
2023 ඔක්තෝබර් මස 04 10 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගෙන තිබෙන එකඟතා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට නොහැකිවීම නිසා පසුගිය සැප්තැම්බරයේ දී ලැබීමට තිබූ දෙවැනි ණය වාරිකය ඉත


මෙරටට එන සංචාරකයන් අසීරුවට පත් නොකරමු
2023 ඔක්තෝබර් මස 04 15 0

නේපාලයේ කත්මන්ඩු නුවර බලා ඔක්තෝබර් පළමුවැනිදා උදේ පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානයක් පැය හතරකටත් වඩා ප්‍රමාද වීම නිසා ගුවන් මගී


අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලැබේද? නැද්ද?
2023 ඔක්තෝබර් මස 04 410 1

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර පැවැත්වෙන සාකච්ඡා පසුගිය සතියේ අවසන් විය. සාකච්ඡාව පැවැත්වුණේ IMF හි නිලධාරීන් සහ ශ්‍රී ලංකා


ආර්ථිකය ගොඩනැගීමට අලුත් ආකල්පයක් ඕනෑ
2023 ඔක්තෝබර් මස 04 77 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පමාවීම රටේ ආර්ථිකයට ඉදිරියේදී සිදුකරන බලපෑම් සම්බන්ධ බොහෝ පුරෝකථන සිදුවෙමින් පවතී. එක් අතකින් දේශපාලනඥයන්


පාසලේ සාහිත්‍ය ගුරුවරයා අද නෑ
2023 ඔක්තෝබර් මස 03 215 0

නවකතාව, කවිය, කෙටිකතාව, නාට්‍ය වැනි නිර්මාණාත්මක සාහිත්‍යයේ විවිධ ඉසව් මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයන, පර් යේෂණ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් කෘති රැසක් ලියා, පළ


අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුරුතුමා
2023 ඔක්තෝබර් මස 03 284 0

ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදීයා සහ දිවයින ආරම්භක කර්තෘවරයා වන එඩ්මන්ඩ් රණසිංහ මහතා වෙනුවෙන් උපහාර උළෙලක් අද 3 වැනිදා සවස 3.00 ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

පෙම් කෙලින්න දරුවන්ට කාමර දීලා
2023 සැප්තැම්බර් මස 24 43766 16




කිඹුලාගේ බලු සෙනෙහස
2023 ඔක්තෝබර් මස 01 12608 6

මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2308 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 829 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 467 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site