IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අදානි සුළං බල ව්‍යාපෘතිය - වුණේ මොකක්ද?

මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ යුතු බව එම බලාගාර සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කමිටුව ඒකමතිකව තීරණය කර ඇත. එය 2024 මැයි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ ඇමරිකානු ශත 8.62 ට වඩා සෑහෙන තරමේ අඩුවීමක් බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ලේඛනවලින් පෙනී යයි.

රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජනය කරන නිලධාරීන්ගෙන් මෙම ව්‍යාපෘති කමිටුව සමන්විත වන අතර, අදාළ ගෝලීය සහ කලාපීය සාධක ඇතුළුව සවිස්තරාත්මක තාක්ෂණික සහ මූල්‍ය තක්සේරු කිරීම් මත පදනම්ව ඔවුන්ගේ ගණනය කිරීම් කර ඇත.

 

සමාලෝචන කමිටු වාර්තාව

අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ලිමිටඞ් සුළං බල ව්‍යාපෘති නැවත සලකා බැලීම සඳහා ජනාධිපති අනුර දිසානායක පරිපාලනය විසින් පිහිටුවන ලද සමාලෝචන කමිටුවක වාර්තාවෙන් මෙය අනාවරණය වේ. සාමාජිකයන් 14 දෙනකුගෙන් යුත් කණ්ඩායම රැස්වූයේ පසුගිය වසරේ නොවැම්බර් 21 වැනිදාය.

ඇමරිකානු ඩොලර් ශත 2.76 කින් ගාස්තු අඩු කිරීමේ යෝජනාව ඇතුළුව ඔවුන්ගේ සොයාගැනීම් සහ නිර්දේශ, නීතිපතිවරයා විසින් පසුගිය මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ කිලෝ වොට් එකකට ඇමරිකානු ඩොලර් ශත 8.26 ක ගාස්තුවක් අනුමත කළ අදාළ කැබිනට් යෝජනාව අවලංගු කිරීමට රජයේ තීරණයක් අධිකරණයට දැනුම් දීමේ යෝජනාවේ කොටසක් ලෙසිනි. (කෙසේ වෙතත්, සමාලෝචන කමිටුව විසින් නිර්දේශ කරන ලද මෙම ඇමරිකානු ඩොලර් ශත 5.50 අනුපාතය, 2024 දෙසැම්බර් 30 දිනැති නව කැබිනට් තීරණයෙන් පිළිබිඹු නොවේ).

යෝජනාවේ පිටපතක් එහි ඇමුණුම් සමඟ “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට ලැබී ඇත. මීට අමතරව ශ්‍රී ලංකා විදුලි පනත් කෙටුම්පත පිළිබඳ 2024 තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ සියලුම විදුලි ප්‍රසම්පාදන සඳහා එනම්, දැනටමත් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති සහ ප්‍රදාන ලිපි නිකුත් කර ඇති ඒවා පවා තරඟකාරී ටෙන්ඩර් සඳහා යටත් වන ප්‍රතිපත්තියක් ස්ථාපිත කළ යුතු බවද සමාලෝචන කමිටු වාර්තාව පෙන්වා දෙයි. අදානි සුළං බලාගාර යනු ස්වේච්ඡා යෝජනා ය.

2022 මාර්තු 7 වැනි දින අදානි ව්‍යාපෘති සඳහා අනුමැතිය ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ බවත්, එදිනම එය අනුමත කළ බවත් ඇමුණුම්වලින් දැක්වේ. අදාළ අවබෝධතා ගිවිසුම දින තුනකට පසුව එනම්, මාර්තු 11 වැනි දින අස්සන් තැබුවේ අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඞ් සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය අතරය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් සංදේශයේ සඳහන් වන්නේ ඉන්දීය රජය විසින් අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් සමාගම ශ්‍රී ලංකා රජයට හඳුන්වා දී ඇත්තේ රටේ පුනර්ජනනීය බලශක්ති අංශයේ “පළමු ආයෝජකයා” වීමේ විභවයක් ඇති ආයතනයක් ලෙසින් බවයි. (මොවුන් මූලික මහජන නිකුතුවකට පෙර සමාගමක කොටස් වලින් සැලකිය යුතු කොටසක් මිලදී ගැනීමට කැපවී සිටින ආයතනික ආයෝජකයන් වේ).

 

එය “රජයෙන් රජයට” ව්‍යාපෘතියක් බවට පත් වූ ආකාරය

පසුව, රාජපක්ෂ පරිපාලනයේ කඩිනම් ව්‍යාපෘති කාර්යයන් පැවැරී ඇති “කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ආයෝජන කළමනාකරණ කමිටුව” මගින් යෝජනාවට අනුමැතිය ලබාදුන් අතර, මුලින්ම එය සුළං සහ සූර්ය බලාගාරවල එකතුවක් විය. අනතුරුව මෙම ව්‍යාපෘතියෙන් සූර්ය බලාගාර අංශය ඉවත් කරනු ලැබුවේ ඊට වෙන් කරන ලද ප්‍රදේශවල ප්‍රමාණවත් ඉඩම් නොමැති නිසාය. මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් ලෙස සලකා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ආයෝජන කළමනාකරණ කමිටුව නිර්දේශ කළේය. එබැවින් එය “රජයකින් රජයට” පිරිනමන ව්‍යාපෘතියක් විය.

එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූ කාංචන විජේසේකර විසින් 2023 අගෝස්තු මාසයේ ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකින් මෙය තවදුරටත් යුක්තිසහගත විය. 2023 ජූලි මාසයේදී නවදිල්ලි නුවරට කළ සංචාරයේදී එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය රජය සමඟ කළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ලිමිටඞ් ව්‍යාපෘති ඇතුළු පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කළ බව එහි සඳහන් විය.

“එසේම, මෑතකදී ආණ්ඩු දෙක අතර පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම මගින් ඉන්දියානු සමාගම්වල ආයෝජන මගින් ව්‍යාපෘති සංවර්ධනය කිරීම හඳුනා ගෙන ඇති බවද” එහි දැක්වේ. “ඉහත පසුබිම යටතේ, 2009 අංක 20 දරන විදුලිබල පනතේ 43(4)(සී)(අයි) වගන්තිය යටතේ සංශෝධිත පරිදි රජයෙන් රජයට පදනම යන කාණ්ඩය යටතේ ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඞ් හි එම යෝජනාව සලකා බැලීම දැඩි ලෙස යුක්ති සහගත කළ හැකිය.”

 

මන්නාරම ව්‍යාපෘතිය ගැන ඉහළ උනන්දුවක්

කිලෝවොට් පැයකට ඇමරිකානු ඩොලර් ශත 8.25 ක ගාස්තුවක් සඳහා කැබිනට් අනුමැතිය ලබා දීමෙන් පසු, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිමය අවසරයට යටත්ව, විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුමේ නියමයන් සහ කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට නියෝග කළේය.

ඒ අනුව, 2024 ජුනි 4 සිට 11 දක්වා සාකච්ඡා පැවැත්විණි. පසුගිය වසරේ සැප්තැම්බර් 11 වැනි දින දක්වා දෙපාර්ශවය අතර ලිඛිත හුවමාරු කිහිපයක් ද සිදුවිය. එහෙත් ඔක්තෝබර් 7 වැනි දින ජනාධිපති අනුර දිසානායක සහ එවකට ඔහුගේ ත්‍රිපුද්ගල කැබිනට් මණ්ඩලය “ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා” අදාළ බලධාරීන් සහ පාර්ශවවලින් උපදෙස් ලබා ගන්නා ලෙස බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනි දින, කැබිනට් මණ්ඩලය විසින් ගාස්තු පිළිබඳ තීරණය අවලංගු කිරීමට අමතරව, යෝජනාවේ නියමයන් නැවත ඇගයීම සඳහා නව ව්‍යාපෘති කමිටුවක් සහ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවක් ස්ථාපිත කිරීමට තීරණය කළේය. එහෙත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සහ අභියාචනාධිකරණය ඉදිරියේ ව්‍යාපෘති අභියෝගයට ලක් කරමින් එක් රිට් අයැදුම්පතක් ඇති බැවින්, තව දුරටත් ඉදිරියට යාම සඳහා රජය අධිකරණ අනුමැතිය ලබා ගන්නා බව බලශක්ති ලේකම් උදයංග හේමපාල “සන්ඬේ ටයිම්ස්” පුවත්පතට පවසා ඇත.

මේ අතර, ශක්‍යතාව සහ පාරිසරික බලපෑම් තක්සේරුව ඇතුළුව පූනරින් සුළං බල ව්‍යාපෘතියට අදාළ සියලු අධ්‍යයන අවසන් කර අනුමත කර ඇති බව සමාලෝචන කමිටු වාර්තාව පවසයි. 2024 පෙබරවාරි මාසයේදී, සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් පූනරින් අංශය සඳහා අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා ලිමිටඞ් සමාගම වෙත බලශක්ති බලපත්‍රය පවා නිකුත් කර ඇත. මෙය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සමාගම්වලට ඉඩ සලසන බලපත්‍රයකි. ඉඩම් අත්පත් කර ගැනීම ද මේ වන විට අවසන් කර ඇත.

කෙසේ වෙතත්, මන්නාරම සුළං බලාගාරය සඳහා වන පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව තවමත් අනුමත කර නොමැත. මධ්‍යම පරිසර අධිකාරිය විසින් එය මහජන උපදේශනය සඳහා විවෘත කළ විට, උනන්දුව ඉතා ඉහළ මට්ටමක පැවති අතර ඒ සඳහා ඉදිරිපත් කිරීම් 662 ක් ලැබුණු බව වාර්තාවේ සඳහන් වේ. එම අදහස්වලට ප්‍රතිචාර දැක්වීමට අමතරව, විවිධ පාර්ශව විසින් පෙන්වා දෙන ලද සමාජීය හා පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා තවදුරටත් පියවර නිර්දේශ කිරීමට පාරිසරික බලපෑම් තක්සේරුව සකස් කළ සමාගම සමග පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය සංක්‍රමණික පක්ෂීන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ නිල මට්ටමින් අවසන් තීරණයක් ගෙන ඇත්ද යන්න තවමත් අපැහැදිලිය. එහි ප්‍රතිඵලයක් ලෙස, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් අවශ්‍ය අනුමැතිය ලබා දී නොමැත.

මේ අතර, අධිකරණය ඉදිරියේ ඇති පෙත්සම් මගින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන්නේ පාරිසරික බලපෑම් තක්සේරුව සඳහා අනුමැතිය ප්‍රතික්ෂේප කිරීම සහ දැනටමත් ලබා දී ඇත්නම්, අනුමැතිය අවලංගු කිරීම; ගාස්තු තීරණය කිරීම නීතියට පටහැනි බවත් එය ශ්‍රී ලංකා රජයට පාඩු සිදු කරන බවත්; සහ ව්‍යාපෘතිය සංක්‍රමණික පක්ෂීන්ට සැලකිය යුතු හානියක් සිදු කරන බවත්ය.

 

(***)
නාමිනී විජේදාස විසිනි
“සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න



අදහස් (2)

අදානි සුළං බල ව්‍යාපෘතිය - වුණේ මොකක්ද?

gnarathna Saturday, 15 February 2025 01:24 PM

ඇත්තටම සුළං විදුලි බලාගාරයෙන් කුරුල්ලන්ට වෙන හානියක් නැ හේතුව අඩු වේගයකින් කැරකැවෙන සුළං පෙති තියෙන්නේ

:       2       3

AB Sunday, 16 February 2025 03:21 AM

ලංකාව දියුණු නොවීමට ප්‍රධානතම හේතුව නම් රටේ ප්‍රතිපත්තින් සහ ක්‍රියාදාමයන් සිදුවන්නේ දේශපාලන අවශ්‍යතා මත මිස ජාතික අවශ්‍යතා මත නොවේ. රටක ජාතික අවශ්‍ය තත්වයන් දේශපාලනීකරණයෙන් මිදී ජාතික ප්‍රතිපත්තියක් මත ක්‍රියා නොකිරීම නිසා විදේශීය බලවේග එම රටෙහි පවතින ආණ්ඩුව, දුර්වල දේශපාලන තත්වයන් හෝ දේශපාලන බලවේගය මතින් හෝ යොදාගනිමින් එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම වැළැක්විය නොහැකිය.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 22 0

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 45 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 50 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 666 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 229 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 1046 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1253 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site