ඉන්ධන මිල වැඩිවීමේ බියකරු යථාර්ථය
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ක්‍රියාත්මක කර තිබෙන ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය නිසා නිවෙස්වලටම වී දින ගණනාවක් ගතකරමින් සිටි පුරුෂයින්, කාන්තාවන් සහ දරුවන් බහුතරයක්, ගෙවුණු සිකුරාදා මධ්‍යම රාත්‍රිය වන විට සිටියේ නින්දේය. ආර්ථික වශයෙන් බරපතල පහරක් එල්ල කැරෙමින්, ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු කරවීමට හේතුවූ යමක් සිදුවූනේ එම හෝරා කිහිපයේදීය.