පොලිය නැංවීම විසඳුමද?
සාර්ව ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ බලවේගවල හැසිරීම් ක්ෂණික නැත. වතුර, සුළඟ, ගින්දර වැනි බලවේග මෙන් ක්ෂණික ව අත්දැකීමට අපට නොහැකි ය. උද්ධමනය, සේවා වියුක්තිය, කොටස් වෙළෙඳපොළ, පොලී අනුපාතික සහ විනිමය අනුපාතික වැනි වෙළඳපොළ බලවේගවල හැසිරීම් අපට අද්දැකීමට හැකි වන්නේ කෝච්චිය ගියාට පසුවය.