IMG-LOGO

තේ කර්මාන්තයත් හාන්සියි

(ප්‍රේමතිලක පෙරමුණ)

ඉන්ධන අර්බුදයත් සමග කර්මාන්තශාලාවල අමු තේ දළු එකතු කිරීම විශාල අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියෝ පවසති.

ඉන්ධන නොමැති වීම නිසා දිනපතා අමු දළු එකතු කිරීම මේ වනවිටත් අඩාළ වී ඇති බැවින් දිනක් හැර දිනක් ලෙස තේ දළු එකතු කිරීම සිදුකරන බවද ඔවුහු පවසති

කෙසේ වුවද ඇතැම් දළු එකතු කරන්නන් මේ වන විට තම ආයතන කිහිපයක් වසා දමා ඇති බව ද , සේවකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා අහිමි වී ඇතැයිද කර්මාන්තයේ නියුතු වූවෝ පවසති

සමස්ත ලංකා පෞද්ගලික තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ වසරකට ඩොලර් බිලියන 1.3 ක විදේශ විනිමය රැගෙන එන මෙම කර්මාන්තය සඳහා වැවිලි අමාත්‍යාංශය සහ තේ මණ්ඩලය විවිධ ක්‍රමෝපායන් හඳුන්වා දුන්නත් බිම් මට්ටමේ සිට ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොවන බවත් එයට හේතුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබෙන සහයෝගය දුර්වලවීම නිසා බවත් ය

පහතරට වතු කම්කරු සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ රජය ගත් වැරදි තීන්දු නිසා අද තේ ගස්වල ඉතිරිව ඇත්තේ දඬු පමණක් බවත් ,රුපියල් දහසක කුලියට වැඩ කරන කම්කරුවන්ට දැන් ලැබෙනුයේ දින බාගෙක වැටුප බවත් ,ඒ නිසා ඔවුන්ට තේ දළු ආහාරයට ගැනීමට සිදුවන බවයි

 

 



අදහස් (0)

තේ කර්මාන්තයත් හාන්සියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site