පනස් දෙකේ අගමැති පොරය ජාතියේ පියාවූත්, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක 1952 මාර්තු 22 වැනිදා රටම සෝ සයුරේ ගිල්වා ඛේදනීය හදිසි අනතුරකින් මරණයට පත්වූයේය. ඔහුගේ අකල් මරණය නිසා රටේ ඊළඟ අගමැතිවරයා පත් කිරීමේ අවශ්‍යතාව පැන නැගුණේය. 07 July 2022
61 දී ශ්‍රී ලංකාවට වැරදුණු තැනින් පටන්ගත් සිංගප්පූරුව ඉන්දියන් තෙල් සමාගමට අනුබද්ධ ඉන්ධන පිරවුම්හල්වල ඛනිජ තෙල් ඇතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල්වල ඉන්ධන නොපවතී. එය එසේ වන්නේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ තරගකාරීත්වයක් නැති නිසාය. ඒ තරගකාරීත්වය නිර්මාණය කිරීම සඳහා කුමක් කළ යුතු දැයි අප විමසුවේ නැව්වලින් භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළෙඳ ප්‍රජාවගේ සංවිධානය වන කොළඹ නැව් ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතාගෙනි. 07 July 2022
දිළිඳුකමේ ගැටලුව පාලකයන්ට නොපෙනේද? මුළු රටේම දුප්පත්කම භයානක අඩියක් දක්වා වර්ධනය වෙමින් තිබේ. ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයකට මැදි වී සිටින රටකට එසේ සිදුවීම ගැන එක් අතකින් විස්මයට කරුණක් නොවේ. එහෙත් මුළු රටේ වැඩි පිරිසක් දරිද්‍රතාවේ ඉහළ මට්ටමට ළඟා වනවිට රටේ සෑම ජන කොටසකගේම ජීවිත සහ දේපළ අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මේ සම්බන්ධයෙන් රටේ පක්ෂ - විපක්ෂ සියලු දේශපාලන කණ්ඩායම්වල අවධානය යොමුවීම අවශ්‍ය බව පෙන්වා දිය යුතුය. 07 July 2022
සංස්ථා පාඩු ජනතා කරපිට පැටවීමේ විපාක දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීමට සමාගම් වැඩි ගණනකට අවසරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බව අපට අසන්නට ලැබිණි. ඒ අනුව ඉන්ධන ආනයනය කිරීමට කැමැති කොම්පැනිවලට එසේ ආනයනය කොට දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඉඩ සැලසේ. මූලධර්මයක් ලෙස ගත් විට විවිධ සමාගම් දේශීය වෙළෙඳපොළට පිවිසීම ඔස්සේ, වෙළෙඳපොළ මිල, ගුණාත්මක බව සහ කාර්යක්ෂමතාව අතින් ඒ තුළ තරගකාරී බව වර්ධනය වේ. 06 July 2022
තත්ත්වය බරපතළයි වහා ප්‍රතිකාර ඕනෑ රට පැටලී ඇති වියවුලෙන් කවදා නිදහසක් ලැබේදැයි කිව නොහැකිය. ඒ වෙනුවට දිනෙන් දින මොහොතින් මොහොත අර්බුද වගුර ගැඹුරුවන බව නම් පැහැදිලිය. තෙල් සොයා මැති ඇමැතිවරු රට රටවල සංචාරය කරති. එහෙත් ඉන්ධන පෝලිම් අගක් මුලක් සොයා ගත නොහැකි තරමට දිගු වී තිබේ. සියලු ක්ෂේත්‍ර, සියලු සේවා ඇඳ බැඳ තබා තිබෙන ඉන්ධන නොමැතිකමින් මුළු රටම මග නතර වී තිබේ. 06 July 2022
බලශක්ති අර්බුදය කොයිබටද? බලශක්ති ස්වෛරීත්වය යනු රටක ජාතික ආර්ථික ස්වෛරීත්වයේ පාදමකි. බලශක්ති අතරින් ද විදුලිබලය සුවිශේෂී වන්නේ සමාජ-ආර්ථිකයේ සෑම ක්‍රියාකාරකමකටම පාහේ විදුලිබල යෙදවුම අවශ්‍ය වන බැවිනි. ජල විදුලි බලයෙන් පෝෂණය වූ අපගේ විදුලි පද්ධතිය මීට වසර 50 කට පමණ පෙර අඩු වැඩි වශයෙන් ස්වාධීනව හා ස්වයංපෝෂිතව පැවැති බවත්, එවක ඉදිවෙමින් පැවැති ජල විදුලි බලාගාර ක්‍රියාත්මක වූ පසු විදුලිය අපනයනය කිරීමට ද ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි බලධාරීන් වහසි දොඩමින් සිටි බවත් අපට අමතක නැත. 04 July 2022
රටට බරක් නොවිය යුතු පාඩු ලබන රාජ්‍ය ආයතන මේ රටේ ආර්ථිකයට උසුලාගත නොහැකි බරක් බවට පත්වෙමින් තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් බොහොමයක් මත පළවෙමින් තිබේ. කාලයක් තිස්සේ එවැනි රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡාවට බඳුන් වෙමින් තිබූ අතර රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ බරපතළකම සමඟ එවැනි ආයතන සම්බන්ධයෙන් තීරණාත්මක විසඳුමකට අනිවාර්යයෙන් යායුතු තැනකට රට තල්ලු වී ඇත. 04 July 2022
අර්බුදයට ඉවසීමෙන් මූණදීම 2022 වර්ෂයේ පළමු කාර්තුවට අදාළව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවෙහි දැක්වෙන පරිදි එම කාලයේදී මෙරට ආර්ථිකය ඍණ 1.6 කින් හැකිළී තිබේ. 2015 වර්ෂයේ සිටම ආර්ථික වර්ධන වේගය පැවතියේ පහළ මට්ටමකය. 2019 වන විට එම අගය 2.3 දක්වා අඩු විය. 2020 සහ 2021 වර්ෂවලදී ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් වාර්තා කළේය. එම තත්ත්වයේ සිට ආර්ථිකය තවත් පහතට වැටීමක් සිදුව ඇති බව මේ නවතම දත්ත මගින් පැහැදිලි වේ. 04 July 2022
කන්දකාඩු ඛේදවාචකයේ වරද කොතැනද? කාගෙද? යුද්ධය නිමවීමත් සමග පොලොන්නරුව කන්දකාඩු ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ විය. එහි එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ පුනරුත්ථාපනය වූහ. එම ව්‍යාපෘතියෙන් පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්විය. කොවිඩ් කාලයේදී එය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්විය. 04 July 2022
බිත්තර කර්මාන්තයත් කඩා වැටෙයි බිත්තර අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව පඬුවස්නුවර ප්‍රදේශයේ බිත්තර නිෂ්පාදකයෝ පවසති. 04 July 2022
රටේ තෙල් බිංදුවටම හින්දුවේ නාමල්ගේ කොම්පැනියෙන් තෙල් ගේන්නද ? මේ වෙන විට රටේ තෙල් සංචිතයක් නැත. තෙල් සංචිත බිංදුවටම හිඳී ඇති බව බනිජ තෙල් සංස්ථාවේ තොරතුරුම පෙන්වා දෙයි. ලංකා බනිජ තෙල් සංස්ථාව මගින් ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කොට තෙල් ලබාදීමේ 03 July 2022
ලංකාවට වැටෙන හිරු එළියේ සුළගේ අයිතියක් අදානිට පසුගිය දා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ ගැටලු ගණනාවකට ප්‍රශ්නාර්ථයක් එකතු කරමිනි. ඉන්දියානු ප්රාකෝටිපතියෙකු වූ අදානි සමූහයේ සභාපති ගෞතම් 03 July 2022
තේ කර්මාන්තයත් හාන්සියි ඉන්ධන අර්බුදයත් සමග කර්මාන්තශාලාවල අමු තේ දළු එකතු කිරීම විශාල අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියෝ පවසති. 03 July 2022
ලොකු ලූනු ගොවියාගෙන් ඇමතිට පණිවිඩයක් දැනට විදේශ රටවලින් මෙරටට ඇනවුම් කොට තිබෙන රසායනික පොහොර බෙදාහැරීමේදී දේශීය ලොකු ලූනු ගොවියාටද එම පොහොරවලින් යම්කිසි ප්‍රමාණයක් ලබාදී භූමිත තෙල් මිල දී ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙළක් සකසන ලෙස අනුරාධපුර, මාතලේ, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල දේශීය ලොකු ලූනු ගොවීහු කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටිති. 02 July 2022
අර්බුදයෙන් ඉගෙන ගන්න පාඩමක් පවතින අර්ථික අර්බුදය නිසා හෙම්බත්ව කෝපයට පත්ව සිටින මෙරට ජනතාව තමන්ගේ සියලු බලාපොරොත්තු තබා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතය. තමන්ගේත් තම දරුමල්ලන්ගේත් අනාගතය සුඛිත මුදිත කිරීම කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් වත්මන් ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුද විසඳී වසරකට පෙර සිටි තත්ත්වයට හෝ රට පත්වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. 02 July 2022
සැලසුමක් නැතිකමින් හටගත් තෙල් අර්බුදය ඉන්ධන සැපයුම බරපතළ ලෙස අඩාල වීම නිසා රට ඉබේම වැසී යන තැනට කටයුතු යෙදී තිබේ. ආණ්ඩුව කියන්නේ මේ මස 10 වැනිදා දක්වා මෙම තත්ත්වය පවත්නා බැවින් ජනතාව තෙල් පෝලිම්වල රැඳී නොසිටිය යුතු බවයි. මෙය හරියට අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැම්මා වැනි තත්ත්වයකි. රජය කුමක් ප්‍රකාශ කළ ද රටේ ආර්ථිකය දුවන ජීව රුධිරය බඳු ඉන්ධන සැපයුම ගැන විධිමත් සැලසුමක් නොතිබීම මෙම අර්බුදය උග්රවීමට හේතු වූ බව නොරහසකි. මෙයට ඍජුවම ආණ්ඩුව වගකිව යුතුය. 02 July 2022
අර්බුදයට හත්වැදෑරුම් විසඳුමක් රට මේ වන විට මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය පිළිබඳව නොලියා වෙනත් යමක් පිළිබඳව ලිවිය නොහැකි ගණනකට ඒ අර්බුදය වර්ධනය වී ඇත. ආර්ථික අර්බුදයේම දිගුවක් ලෙසින් මතුවන දේශපාලන ගැටලුකාරීත්වයක් ද මතු වී ඇත. මේ තත්ත්ව දෙක (ආර්ථිකය සහ දේශපාලනය) විසින් රටේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විශාල අර්බුද ගණනාවකට තල්ලු කර තිබේ. එම තත්ත්වය ගැටලු සංකීර්ණයක් බවට හැරී ඇතැයි කීම නිවැරිදිය. 02 July 2022
බූරු පොළේ සාකච්ඡා සිහිගන්වන ඇමැති-බස් සංගම් සාකච්ඡාව ඉන්ධන පිරවුම්හල්වල කා කොටා ගන්නා පුරවැසියන්ගේ රූපරාමු මනුෂ්‍යයන්ගේ අසරණකම විදහා පාන්නකි. රටේ ප්‍රශ්න පාලකයන් නොවිසඳනවිට ජනයා ආවේගශීලීව හැසිරීම විමතිය දනවන්නක් ද නොවේ. සන්සුන්ව හා බුද්ධිමත්ව හැසිරෙන්නැයි කෙරෙන ඉල්ලීම් හරසුන් නීච වාගාලාපයන්ගෙන් වෙනස් නොවන්නකි. සා පිපාසිත ජනයා එසේ හැසිරෙද්දී වගකිවයුත්තන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේද එබඳුම තත්ත්වයකි. ඇමති - බස් සංගම් සාකච්ඡාව එයට කදිම නිදසුනකි. 02 July 2022
විදුලි පාඩු උපත කොහේද? රටේ පවතින විදුලි අර්බුදයෙහි ප්‍රධානතම වගඋත්තරකරුවා විදුලිබල මණ්ඩලය බවට චෝදනා නැගෙයි. එසේම විදුලි බල මණ්ඩලය රටේ ආර්ථිකය වනසන රාක්ෂයන් අතරින් එකකු බවට ද ඇත්තේ ප්‍රබල මතයකි. නැගෙන ඒ චෝදනාවලින් මණ්ඩලය ගලවාගන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. 30 June 2022
විදුලිබල මණ්ඩලේ විහිළු මවන දීමනා ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය 2020 සහ 2021 දෙවසර තුළදී රුපියල් කෝටි 367කට අධික මුදලක් විවිධ දීමනා වශයෙන් ලබාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම දීමනා ලබාදී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව බවත් හෙළි විය. 30 June 2022
ජීවන වියදමට විසඳුමක් නොපෙනේද? ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක සිට ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කී රටකි. එහෙත් යටත් විජිතවාදීන්ගේ ලංකාගමනයත් සමග එම ස්වයංපෝෂිත ආර්ථික රටාව යැපුම් ආර්ථිකයක් බවට පෙරළිණි. ඒ අනුව තේ, පොල් සහ රබර් යන ප්‍රධාන භෝග අපනයනයෙන් ඉපැයූ විදේශ විනිමයෙන් රටට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම මුල් කාලයේ දී සිදු විය. යැපුම් ආර්ථිකයේ දී කෘෂිකර්මයට ඉහළ අවධානයක් යොමු නොවිණි. ඒ වෙනුවට බොහෝ දේවල් පිටරටින් ගෙන්වන සංස්කෘතියකට අපි හුරු වුණෙමු. අදට ද එම තත්ත්වය දැකිය හැකිය. 29 June 2022
ජූලි 10 වැනිදා දක්වා රට අකර්මණ්‍ය කිරීම ඉන්දියන් සාගරේ මුතු ඇටය යැයි විරුදාවලි ලත් අප රට ඉතා දුක්ඛිත ඉරණමකට මුහුණ පා සිටී. අම්මා හෝ දියණිය ගෑස් පෝලිමේය. තාත්තා ඉන්ධන පෝලිමේය. පුතා පාස්පෝට් පෝලිමේය. රට හැර යාමට බුරුතු පිටින් ජනයා සූදානමින් සිටිති. එපමණටම රටේ ජනතාවට රට තිත්ත වී තිබේ. මේ කුමන ශාපයක් ද පාපයක් ද යැයි හඳුනා ගැනීමට නොහැකි තරම්ය. 29 June 2022
ආයෝජකයන්ට ගැරහීමේ විපාක නිව් යෝර්ක් හි පෙඩරල් අධිකරණයක, ශ්‍රී ලංකාවට විරුද්ධව නඩුවක් ගොනුකර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 250 ගෙවීම පැහැර හැර ඇති අතර වහාම එම ණය සහ පොලිය අය කරදෙන දෙන ලෙස පැමිණිලිකාර හැමිල්ටන් බැංකුව ඉල්ලා තිබේ. සංකීර්ණ ආර්ථික අර්බුදයක සිටින ශ්‍රී ලංකාව ණය ගෙවා ගත නොහැකි බව ප්‍රකාශයට පත් කර ඇත. එය පහසු තීන්දුවක් නොවේ. 27 June 2022
මේ ඝාතන රැල්ලේ අවසානයක් නැද්ද? නාඳුනන තුවක්කුකරුවන් පැමිණ වෙඩි වරුසා එල්ල කර මිනීමරණ යුග ගණනාවක් මේ රටේ තිබිණි. එක කාලයක එම නාඳුනන තුවක්කුකරුවෝ මේ රටේ ආණ්ඩු පෙරළීමට කැස කැවූ ත්‍රස්තවාදී කල්ලිවල ගිණුමට බැරවූහ. ඒ ගිණුම් කවදාවත් විවෘත නොවූ බැවින් එම ගණයේ නාඳුනන තුවක්කුකරුවෝද වාෂ්ප වූහ. තවත් කාලයකදී ඒ ඝාතන සිදු කළ අපරාධකරුවෝ රට බෙදන යුද්ධයට සම්බන්ධ කල්ලිවල සාමාජිකයෝ වූහ. ඒ ඇතැම් අය වෙනත් කල්ලිවල තුවක්කුකරුවන්ට බිලි වූ අතර තවත් පිරිසක් ආරක්ෂක අංශ අතින් මැරුම් කෑහ. 27 June 2022
අර්බුදයේ ඇත්ත හංගන අංක විජ්ජා මේ සටහන ලියන්නේ 2021 ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවේ අදාල කොටස් දෙවැනි වතාවටත් කියවීමෙන් පසු ඇති වූ විචිකිච්චාව නිසා ය. මේ විචිකිච්චාව සඟවා ගෙන සිටීම විශ්‍රාමික විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ලෙස මට නොවටනේ ය. මහ බැංකු වාර්ෂික වාර්තාව සාමාන්‍යයෙන් පිට කෙරෙන්නේ එම අදාළ වර්ෂය අවසන් වූ පසු ය. ඒ අනුව 2021 වාර්තාව පිට කෙරෙන්නේ 2022 අප්‍රේල් මාසයේ වගේ ය. මේ නිසා මහ බැංකු වාර්තාව අදාළ වර්ෂය ගැන සහේතුක චිත්‍රයක් ඉදිරිපත් කරන්නේ යැයි සිතීම අසාධාරණ නොවේ. 27 June 2022
තෙල් ගෑස් බෙදන්න බැරිනම් ආණ්ඩුවකින් වැඩක් තිබේද? කොළඹ වරායට ඉන්ධන නැවක් පැමිණීම මාධ්‍යයට ප්‍රබල පුවතක් වන තරමට තෙල් හිඟය උග්රය. වෙනදා තෙල් නැව් ආවාද ගෑස් නැව් ආවාද කියා ජනතාව දන්නේ නැත. ඔවුන්ට ඒ ගැන සොයන්නට වුවමනාවක් තිබුණේද නැත. ඒත් අද රට වැටී තිබෙන තත්ත්වයේ හැටියට කොළඹට තෙල් නැවක් පැමිණීම සකල ජනයාගේ චිත්ත ප්‍රීතිය දනවන පුවතකි. 27 June 2022
21 වැනි කඩුල්ල පැනීම පක්ෂවලට වෙන්ව බිඳී ගොස් තිබෙන පාලක සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැළකිය යුතු මන්ත්‍රීන් පිරිසක් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය දැක්වූහ. 25 June 2022
වෙනසකට ආ ගමනේ අතරමංවීම රනිල් වික්‍රමසිංහ මහතා මැයි මස 12 වැනිදා අගමැති ලෙස දිවුරුම් දීමත් සමග ආර්ථික අර්බුදය නිසාත් මහජන උද්ඝෝෂණ නිසාත් විශාල පීඩනයකට ලක් වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පීඩනයෙන් බොහෝ දුරට මිදී ඇති බව පෙනේ. 25 June 2022
ඩෙංගු මාරයාත් ඇවිත් පරෙස්සමින් සිටිමු ජීවත්වීමට මගක් නැතැයි කියා දරුවා කැලණි ගඟට විසිකර දිවි නසා ගැනීමට තැත් කළ අම්මා කෙනකු සම්බන්ධයෙන් පසුගිය දිනක පළවූ පුවත මෙන්ම සැමියා රැකියාවක් සොයා නිවෙසින් පිටව ගිය පසු දරුවාට විෂ ද්‍රව්‍යයක් පොවා නිවෙසින් පලාගිය අම්මාට අදාළ පුවත ද රටේ ඇත්ත ඇතුළාන්තය මනාව නිරූපනය කරයි. දින දෙකක් තුළ ඉන්ධන පෝලිම්වල දී රටේ පුරවැසියන් තිදෙනකුට දිවි අහිමි විය. මේ කුමන ශාපයක්ද? පාපයක්ද? යන්න සිතාගත නොහැකි තරම්ය. 25 June 2022
රාජ්‍යය පෞද්ගලික බූදලයක්ද? පෞද්ගලික හාස්කම්වලින් රාජ්‍යයක් ගොඩනැගිය නොහැක. එසේම වැටුණු රාජ්‍යයක් යළි ගොඩනැගීම ද තනි පුද්ගලයකුට සිදුකළ නොහැක. එහෙත් රාජ්‍යයක් ගොඩ නැගීමේ ව්‍යාපෘතියකට නායකත්වය දීමට තනි පුද්ගලයකුට පුළුවන. 24 June 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026