ආණ්ඩුවට අභියෝග තුනක්
ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය උත්සන්න වී තිබේ. එනිසා ලාංකේය ජාතිය අද වන විට වේදනාවට පත්ව ඇත. දසක හතකට වැඩි කාලයක් මුළුල්ලේ මෙරට දේශපාලන නායකයන් අනුගමනය කළ වැරදි ප්රතිපත්ති සහ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් මෙවැනි අර්බුදයක් හටගෙන තිබේ. දූෂණය, වංචාව සහ නාස්තිකාර වියදම් ද ඊට ඇතුළත් විය යුතුය. මේ සියල්ලෙහි එකතුව 2022 දී ප්රකාශයට පත් විය. ඉන්ධන, විදුලි බලය සහ ගෑස් නොමැති තත්ත්වයක් රටේ ඇති වූයේත් ආහාරපානවල මිල ගණන් ශීඝ්ර ලෙස ඉහළ ගියේත් එහි ප්රත