
15 වැනි ජනාධිපති තෝරාපත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය ජනාධිපතිවරණය පසුගිය 18 වැනිදා පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ (21) රාත්‍රියේ සිදුවිය.
ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට, ඓතිහාසික ජයක් අත්පත් කර ගැනීමට සමත් වූයේ කාන්තාවකි. ඇය 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ය.
ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවකි.
ඒ අනුව, ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක විශිෂ්ට ජයක් හිමි කර ගනිමින්, ජනාධිපති ධුරයට පත් වුණු පළමු අවස්ථාව මෙයයි. ද්‍රෞපදී මුර්මු නව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේත් ලබන 25 වැනිදාය.
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු ඡන්දයෙනි. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලෝක් සභාව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ රාජ් සභාව (ඉහළ මන්ත්‍රී මණ්ඩලය) ආදී වශයෙන් කොටස් දෙකකි.
ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ, ලෝක් සභාවේත්, රාජ් සභාවේත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ගේ ඡන්දයෙනි.
ඉන්දීය ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඉතා වැදගත්ය.ඉන්දීය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ආකෘතික නායකයා වන්නේ ජනාධිපතිවරයාය.
ඉන්දියානු සන්නද්ධ හමුදා සේනාධිනායකයා වන්නේ ද ජනාධිපතිවරයාය.
ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 කි. ද්‍රෞපදී මුර්මු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමිනි. මුර්මුගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂක 84 හැවිරිදි යෂ්වාන්ත් සිංහා ය. ඉන්දියාවේ ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි.
මීට පෙර ඉන්දීය ජනාධිපති ධුරයට පත් වුණු කාන්තාව ප්‍රතිභා පාතිල් ය. ඇය ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා වූ අතර ඇගේ ධුර කාලය 2007 සිට 2012 දක්වාය. ප්‍රතිභා පාතිල් ඉන්දීය කොංග්‍රස් පක්ෂ සාමාජිකාවකි; නීතීඥවරියකි.
ද්‍රෞපදී මුර්මු භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක වන අතර ඇය ගුරුවරියක ද වෙයි. 2015 සිට 2021 තෙක් කාලයේ ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි. ජයග්‍රහණය තහවුරු වීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ද්‍රෞපදී මුර්මු හමුවී ඇයට සුබ පැතුවේය.
ඉන්දියාවේ උප ජනාධිපති ධුරය සඳහා ද පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වෙයි. ඒ එලඹෙන අගෝස්තු මාසයේය. මෙවර උප ජනාධිපති ධුරය සඳහා පාලක පක්ෂ සන්ධානයෙන් ජග්දීප් දන්කාර් සහ විපක්ෂ සන්ධානයෙන් මාග්‍රට් අල්වා ඉදිරිපත් වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවක හැටියට අගේකොට සලකනවා.
ඉන්දියාව ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ආදිවාසී සම්භවයකින්. ඇයි අපි අපේ දේශපාලන බලය කම්කරු පක්ෂයකට දෙන්න උත්සාහ නොකරන්නේ. බොහෝ සංවර්ධිත ප්‍රාන්තවල ඇත්තේ ධනවාදී ක්‍රමයකි. නමුත් දේශපාලන බලය පාලනය කරනු ලබන්නේ වැඩ කරන බලවේගය මගිනි.
ඉන්දියාවේ ජාතිබේද, ආගම්බේද, කුලබේද තිබුණද සුළු ජාතින් ඉන්දියාවේ අගමැති හෝ ජනාධිපති තනතුරට පත්ව තිබේ. "සුළු ජාතික කාන්තාවකට" ද්‍රෞපදී මුර්මු ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරමින් ඉන්දියාවේ ජනාධිපති තනතුරට පත්ව තිබේ... ලංකාවේ සුළු ජාතික කාන්තාවකට දේශපාලනයේ ඉහළ තනතුරකට පත්වීමට අවස්ථාව උදාවේද? ශ්‍රී ලංකාවේ සමස්ත සමාජයම අවධානයට ලක්කළ යුතු කරුණකි...
ලංකාවේ දැනට පවතින ජාතිබේද, ආගම් බේද ඇතිකරන්නා වූ අන්තවාදී කණ්ඩායම් සහ දේශපාලන වශයෙන් බෙදී තිබෙන්නා වූ සමාජයට සහ ජාත්‍යන්තරයට පණිවුඩයක් ලබාදීම වශයෙන් ලංකාවේ සුලුජාතිකයින් බහුතරයක් සිටින්නා වූ අප් කන්ට්‍රි හෝ වතුකරය වැනි ප්‍රදේශයකින් සිංහල පුද්ගලයකු සුලුජාතින් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට අවස්ථාව තිබේදැයි කියා සොයාබැලිය යුතුවේ. මේ අවස්ථාව එසේ කරන්නේ නම් සුදුසුම අවස්ථාවද මෙය වේ...!
කාන්තාවකට නම් සාඩම්බරයට කරුණක්... හැබැයි මේ ප්‍රදර්ශනාත්මකවාදය ඇත්තටම ඉන්දීය ජන සමාජය තුළ තිබේද යන්න එරටට කිඳා බැස තේරුම්ගත යුතු දෙයක්... ඉන්දීය රාජ්‍ය සේවයට, ක්‍රිකට් කණ්ඩායමට ඔය කියන ජාති, ආගම්, කුලමල භේදවලින් තොරව සැමට එක්විය හැකි ද යන්න තවමත් ගැටළු සහගතයි. එහෙත් වත්මන් අගමැති මෝදි මහතා නම් ඉන්දීය නගර සභාවක හිටපු කසළ කම්කරුවෙක්...
ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...
ලංකාවේ සුලු ජාතිකයින් බලාගෙන ඉන්නේ කොටසක් කඩාගෙන යන්න නෙවැ..!
නරකයි