IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


බිත්තර කර්මාන්තයත් කඩා වැටෙයි

(ධම්මිකා බාලසූරිය)

බිත්තර අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව පඬුවස්නුවර ප්‍රදේශයේ බිත්තර නිෂ්පාදකයෝ පවසති.

දින ගණනාවක් තිස්සේ නිෂ්පාදනය වන බිත්තර මෙලෙස ගොවිපලවල රදවාගෙන සිටින බව ඔවුහු පැවසූහ.

පවතින ඉන්ධන අර්බුදය නිසාවෙන් බිත්තර ප්‍රවාහනය කර ගැනීමට හැකියාවක් නොමැතිකම මෙම ගැටළවට ප්‍රධාන හේතුව වේ.

බිත්තර ඉක්මනින්ම නරක් වන ආහාරයක් වන අතර දින කිහිපයක් ඇතුලත පරිභෝජනයට ගැනීම සිදු කළ යුතුය.

රටට අවශ්‍ය බිත්තර ප්‍රමාණයෙන් සියයට හැටක් පමණ නිෂ්පාදනය කෙරෙන්නේ පඬුවස්නුවර ප්‍රදේශයේය.

බිත්තර බෙදාහැරීම දිනපතාම කළ යුතු නමුත් අද වනවිට දින කිහිපයකට වතාවක් හෝ බෙදාහැරීම් කර ගැනීමට හැකියාවක් නොමැති බව ගොවිපලහිමියෝ පවසති.

රට පුරා බිත්තර ප්‍රවාහනය කරපු එක වාහනයක්වත් අද වෙනකොට බිත්තර රැගෙන යාම සඳහා ගොවිපල වලට නොපැමිණෙන බව ද ඔවුහු කියති.

නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම ගොවිපලහිමියන්ට දුෂ්කර කාර්යයක් වී ඇති අතර බිත්තර නිෂ්පාදනය අඩුවී ඇතැයිද ගොවිපලහිමියෝ කීය.

කර්මාන්තය රැක ගැනීමට ගොවිපල පවත්වාගෙන යාම සිදු කළ ද දිනපතාම පාඩු ලැබීමට ඔවුන්ට සිදුව තිබේ.

අද වෙනකොට ප්‍රදේශය තුල බිත්තර නිෂ්පාදන කර්මාන්තයෙන් සියයට හැත්තෑ පහක් ඉවත්ව තිබේ.

රටතුල පවතින ආර්ථික අර්බුද තත්වය හමුවේ කර්මාන්තය ඉදිරියට කරගෙන යාමට තමන්ට කිසිම හැකියාවක් නොවන බව කර්මාන්තකරුවෝ පවසති.

රට බංකොලොත් වී තිබෙන අවස්ථාවේ ආහාර සහ භාණ්ඩ ආනයනය කර ගැනීමට නොහැකිව සිටින මොහොතක දේශීය කර්මාන්තකරැවන් රැක ගැනීමට වැඩපිලිවෙලක් සකස් කිරීමේ වගකීමක් රජය සතු වන බවද ඔවුහු අවධාරණය කරති. 

 

 

 



අදහස් (0)

බිත්තර කර්මාන්තයත් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site