කාබනික තීන්දුවේ වින්නැහිය පාලකයන්ගේ වැරැදි ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග නිසා ලංකාව නිදහසින් පසු දරුණුතම ගෙවුම්ශේෂ අර්බුදයකට මුහුණදී සිටියි. එසේම කෘෂිකර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් සිදුවී තිබෙන්නේ ගොවිතැන සියයට 100 ක් කාබනික කිරීමේ අදූරදර්ශී තීරණය නිසා බව කාගේත් පිළිගැනීමයි. ඒ හේතු දෙක මත රට දරුණු සාගතයකට තල්ලුවෙමින් පවතින බව දෙස් විදෙස් කාගේත් පිළිගැනීමයි. 29 September 2022
කොල්ලකෑම් නතර කිරීමට බලවත් යාන්ත්‍රණයක් ඕනෑ එක් අතකින් මහමග අරගල නව වටයකින් පණ ගැන්වී තිබේ. බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීම් පෙර පුවතට පසුපසින් එන පුවතය. රටේ තත්ත්වය පිළිබඳව වගේ වගක් නැතිව ෆේස්බුක් සාදවල මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිය ගණන් තරුණ තරුණියන් සිහිමඳ ගතියෙන් තැන තැන වැටී සිටිය බව දැක්වෙන පුවත ගම්පොළෙනි. මේ අතරවාරයේ කප්පම්කරුවෝ ද කුඩ්ඩෝ ද චෞර කප්පිත්තෝ ද පාතාලයෝ ද රැයක් දහවලක් නොමැතිව රට භීතියට පත් කරමින් සිටිති. 29 September 2022
ගොවිතැනට ව්‍යාපාරික දැක්මක් මීට මාස කිහිපයකට පෙර කතාබහ කළේ වී නිෂ්පාදනය රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවී සහල් හිඟයක් සැප්තැම්බර් මාසයේ සිට ඇතිවෙන බවයි. එහෙත් අද මාතෘකාව වී ඇත්තේ ගොවීන්ට වී විකුණා ගැනීමට නොහැකිවීමය. සාමාන්‍යයෙන් විකුණා ගැනීමට නොහැකිව වී මිල පහළ වැටෙන්නේ නිෂ්පාදනය වැඩි වූ අවස්ථාවලදීය. මෙවැනි තත්ත්වයක් අප අත් දකින්නේ මහ කන්නයේ අස්වැන්න නෙළන මාර්තු සහ අප්‍රේල් මාසවලදී ය. එහෙත් යල කන්නයේ අස්වැන්න වෙළඳපොළට එන ජූලි සහ අගෝස්තු මාසවල එවැනි තත්ත්වයක් වාර්තා නොවේ. 28 September 2022
පුදුම හිතෙන දුම්රිය අතිකාල දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී ලැබූ ආදායම රුපියල් කෝටි 260කි. එයින් කෝටි 230ක් අතිකාල දීමනා වශයෙන් ගෙවා තිබේ. මේ කරුණු පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි. දුම්රිය ගාස්තු යම් මට්ටමකින් සංශෝධනය කිරීමට සිදු වූයේ මේ වියදම් සැලකිල්ලට ගනිමින් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබිණි. 28 September 2022
ජිනීවා යෝජනා පරද්දන චෝදනා සැප්තැම්බර් මස 12 වැනි දින ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඔක්තෝබර් මස 7 වැනිදායින් නිමා වේ. එහෙත් මෙම සමුළුව ආරම්භ වීමට දින හයකට පූර්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබිණි. එම වාර්තාව පිළිබඳව ලෝකයේ මෙතෙක් නොවූ විරූ සාකච්ඡාවක් ඇති විය. 27 September 2022
ආහාර අර්බුදය විසඳීමට දේශපාලන මත ගාවනු එපා ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් තුනෙන් එකකට වඩා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවුල් දහයෙන් අටක් ආහාරවේල් මගහැරීම සහ ණයට ආහාර ගැනීමට යොමු වී ඇති බවද එම වාර්තාවේ දැක්වේ. ලෝක බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වන්නේ ලෝකයේ ඉහළ යන ආහාර උද්ධමනය ඇති රටවල් අතර තවත් ඉදිරියට යමින් ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානයට පත්ව ඇති බවය. 27 September 2022
ආර්ථිකය වනසන උද්ධමනය උද්ධමනය අද මුළු රටම වෙළාගත් ආර්ථික ව්‍යාධිය බවට පත්ව තිබේ. සාමාන්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම උද්ධමනයයි. ඒ අනුව උද්ධමනකාරී තත්ත්වයකදී සිදුවන්නේ, භාණ්ඩ හා සේවා මිල දිගින් දිගටම ඉහළ යාමත්, අදාළ රට භාවිත කරන මුදල් ඒකකයේ වටිනාකම අඛණ්ඩව පරිහානියට ලක්වීමත්ය. මේ උද්ධමනය මැනීමට ලංකාවේ භාවිත වන ප්‍රධාන දර්ශක දෙකකි. 26 September 2022
දේශපාලක වරප්‍රසාද අපවිත්‍ර කරන්න එපා ලෝක ව්‍යවහාර නීතියේ මෙතෙක් භාවිත නොවූ යෙදුමක් මෑතකදී ප්‍රකාශයට පත්විය. එම ප්‍රකාශය නිකුත් වූයේ ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවෙනි. මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාවේ ශ්‍රී ලංකාව ගැන සඳහන් වන පරිච්ඡේදයේ දැක්වෙන විශේෂ නෛතික යෙදුමක් මගින් ප්‍රථමවරට ආර්ථික අපරාධ චෝදනාව මෙරට දේශපාලකයන්ට එල්ල කර තිබේ. 26 September 2022
බුදු සසුන බබළවන තලල්ලේ චන්දකිත්ති හිමියෝ කොළඹ නාරද බෞද්ධ මධ්‍යස්ථානවාසී තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ 34 වැනි පැවිදි සමරුව මෙම 25 වැනි දාට යෙදී තිබේ 24 September 2022
ආර්ථික අපරාධ චෝදනා එ.ජා. මානව හිමිකම් කවුන්සිලය කතා කරන්නේ ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර පැවැති යුද්ධයේ දී ආරක්ෂක හමුදා අතින් උල්ලංඝනය වූවා යැයි කියන මානව අයිතීන් සම්බන්ධයෙන් පමණකැයි ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශවල පොදුවේ මතයක් පවතී. 24 September 2022
විදේශ ආයෝජනවල වටිනාකම තේරුම් ගනිමු ගාලු වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව ඇති බවටත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය දෙන බවටත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයා පැවසූ පුවත නොබෝදා පුවත් පත්වල පළ වූයේය. 24 September 2022
ආර්ථීකයට තැබූ අත ප්රජාතන්ත්රයටත්? ‘‘ලබ්බට තැබූ අත පුහුලටත් තැබුවා වාගේ’’ යැයි කියමනක් පැරැන්නන් අතර තිබේ. එයින් අදහස් කරන්නේ එක දෙයක් විනාශ කළ අයෙක් එයින් නොනැවතී තවත් බොහෝ දේ විනාශ කිරීමේ සූදානමක් ඇති බව හැඟවීමය. එකක් වැනසූ පසු මීළඟ එකත් වැනසිය හැකි බව පෙන්නා දීමටය. මෙවර කිවිදා දැක්ම මේ පැරණි ඉඟි වැකියෙන් පටන් ගත්තේ මෙරට සමාජයට මේ කියමන අදාළ වෙන බවක් පෙනෙන්නට තිබෙන නිසාය. 23 September 2022
පන්සල් - පල්ලිවලට දුන් සල්ලි පිල්ලි යැව්වේ කවුද? ජාතික විගණන කාර්යාලය මේ දිනවල නිකුත් කරන ඇතැම් වාර්තාවල සඳහන් කරුණු විමසා බලන විට රට මේ තරම් බංකොලොත් වී ආර්ථිකය කඩා වැටීම පිළිබඳ පුදුම විය යුතු නැත. මහජන මුදල් අවභාවිතය එතරම් ඉහළ මට්ටමක පැවති බව එම වාර්තා මගින් තහවුරු වෙමින් තිබේ. මේ සම්බන්ධ අලුත්ම වාර්තාව ආගමික ස්ථානවලට සම්බන්ධ වීම සිද්ධියේ බරපතළ බව තවත් උග්‍ර කර තිබේ. 23 September 2022
ආර්ථිකය:අනාගතය අවදානම් ලංකාව සතු විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව සැරසෙයි. හෙට එනම් 2022 සැප්තැම්බර් 23 වැනිදා ලංකා ආණ්ඩුවත් ආණ්ඩුව විසින් පත්කරන ලද උපදේශකයන් දෙදෙනාත් ලංකාවේ ණය හිමියන් සමග ප්‍රථම සාකච්ඡාව ඇරඹීමට නියමිතය. මේ ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. විජේවර්ධන මහතා ප්‍රවීණ සහ ප්‍රායෝගික ආර්ථික විශ්ලේෂකයකු ලෙස ප්රකටය. මේ ඒ මහතාගේ හඬයි. 22 September 2022
අරාබි පාසලේ බුද්ධ ධර්මය නිදහස ලබා හැත්තෑ හතර වසරකි. මේ ගෙවුණු කාලයට රටක් වශයෙන් අප අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය කිසි ලෙසකින් හෝ සතුටු විය නොහැක. එක් අතකින් මතු උපදින දරුවාත් ලෝකයට රුපියල් ලක්ෂ 10ක ණයකාරයෙකි. 22 September 2022
ආහාර හිඟයට පාර කැපු මෝඩ තීරණ කෘෂිකර්ම අර්බුදය පිළිබඳ කතාන්තරය ආරම්භ කිරීමට සිදු වන්නේ රසායනික පොහොර ආනයනය සහ භාවිතය තහනම් කිරීමට ගත් වැරදි තීන්දුව විවේචය කරමිනි. ඒ විද්‍යාත්මක දත්ත සහ පැහැදිලි කිරීම් නොතකමින් ගත් එම අමනෝඥ තීන්දුව හේතුවෙන් අද වන විට රට ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇත. 21 September 2022
සිමෙන්ති යකඩ හිඟයෙන් බැටකන ඉදිකිරීම් සේවකයෝ තමන්ගේම වූ ගෙයක් දොරක් හදා ගැනීම ඕනෑම පුරවැසියකුගේ සිහිනයකි. එහෙත් එකී සිහිනය ජීවමාන යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා යම් උත්සාහයක නිරත විය හැකි පරිසරයක් රටේ තිබිණි. එහෙත් දැන් එම සිහිනය සිහිනයක්ම බවට පත් වෙමින් බොඳවී යමින් තිබේ. රටක පුරවැසියාගේ දෑතට මෙසේ විලංගු ලෑම කිසි ලෙසකින් හෝ අනුමත කළ හැකි හා සාධාරණීකරණය කළ නොහැකිය. 21 September 2022
අර්බුදයට ව්‍යවසාය විසඳුමක් ලංකාව මේ වන විට මුහුණදී සිටින්නේ බරපතළ ආර්ථික අර්බුදයකටය. මෙම අර්බුදයෙන් මිදීමට විශේෂයෙන් විදෙස් විනිමය උපයා ගැනීම අවශ්‍යය. ඒ සඳහා ගත හැකි පියවර කිහිපයක් පිළිබඳව ආචාර්ය රුවන් පෙරේරා මහතා කළ කරුණු දැක්වීමකි මේ. ඒ මහතා රොවෙල්මාක් පෞද්ගලික සමාගමේ සහ කොළඹ ජාත්‍යන්තර හෝටල් ව්‍යාපෘතියේ සභාපතිවරයා ද වෙයි. ජපානයේ අන්තර්ජාතික නිපොන් පදනමේ ජාත්‍යන්තර කටයුතු අධ්යක්ෂ වන ඒ මහතා, සෝනි සමාගමේ යුරෝපා කලාපයේ උපදේශක සහ ජපානයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්ද වෙයි. 20 September 2022
හෝටල් වැසී යාම නරක පෙරනිමිත්තක් උණුසුම් කිරි මාළු හොදි සමඟ ඉඳිආප්ප සහ පොල් සම්බෝල අපේ රටේ සුප්‍රකට උදෑසන ආහාර වේලක් වූ කාලයක් තිබිණි. තෙම්පරාදු කළ උණු උණු පරිප්පු සමඟ දර පෝරණු පාන්ද එවැනිම ආහාරයකි. රටපුරා හෝටල් සහ කැන්ටින්වල මෙම ආහාර වේලට තිබුණේ ලොකු ඉල්ලීමකි. 20 September 2022
ක්‍රමය වෙනස් වන තුරු අරගලය දිගටම - ධානිෂ් අලි ක්‍රමය වෙනස් විය යුත්තේ ජනතාවට අවශ්‍ය ආකාරයට මිස පාලකයන්ට අවශ්‍ය ආකාරයට නොවෙයි. 20 September 2022
ප්‍රේමයේ සත් මහලෙන් පලා ගිය කුහුඹු මිනිසා ගීතයට සාහිත්‍යමය විචාරයක් අවශ්‍යය යන්න වෙසෙසින් තහවුරු වන්නේ මෙබඳු ගී මිණක් දුටු තන්හිදීය. අර්ථ පූර්ණ ගේය පද මාලාවක් සංකල්පීය විචාරයකට භාජනය වීම සාහිත්‍යයේ උන්නතියට මෙන්ම සුභාවිත ගීතයේ ප්රගමනයට ද හේතුභූත වෙයි. සාහිත්‍ය විචාරය නමි ගීතයකට පාදක වන පද මාලාවේ රස-විරස අනාවරණය කිරීමයි. ඒ අනාවරණය සඳහා එහි එන යෙදුමි, ප්‍රකාශන විධි,කාව්‍යෝක්ති ආදිය විශ්ලේෂණය කිරීම අවශ්‍ය වන්නේය. ගී විනිස කෙරෙන් අප අනවරතයන් උත්සාහ කරනුයේ ද එබඳු උසස් විචාර කලාවක් ගොඩනැගීමට 19 September 2022
තරඟකාරී ආර්ථිකයක් අවශ්‍ය ඇයි? ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත විශේෂ ආරාධිතයකු කර්තෘ මණ්ඩලයට කැඳවා සාකච්ඡා කරන සම්ප්රදායක් අනුගමනය කරයි. ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින් ද මොරගොඩ මහතා ‘Idea Exhange’ විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් රට දැනට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය ජය ගැනීම අරමුණු කරගෙන ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් යෝජනා කළේය. 19 September 2022
මිථ්‍යාවලට සමාජය හසුකරගන්නා පිළිල ප්රාග් ඓතිහාසික යුගයේදී මිනිසා ඉර, හඳ, ගස්වැල් මෙන්ම පර්වත ද වන්දනා මාන කළහ. ඒ ඒවා දෙවියන් ලෙස සලකමිනි. එහෙත් විද්‍යාව දියුණු වී මිනිස් සමාජය නවීකාරක වනවිට බොහෝ ඇදහිලි හා විශ්වාස සමාජයෙන් තුරන් වී ගියේය. 21 වැනි සියවසට මිනිසා පා තබා ඇත්තේ දැනුම පදනම බවට පත් කරගත් මිථ්‍යාවට එරෙහි වූ විද්‍යාත්මක ලෝකයකටය. එහෙත් එකී පරිනාමයට ලක් නොවූ පිරිස් ද සිටිති. 19 September 2022
ලියලන ජිනීවා චෝදනා ප්‍රකට හා ප්‍රබල ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හතරක් වන හියුමන් රයිට්ස් වොඩ්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ ආසියානු සංසදය (FORUM-ASIA) හා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම මේ දිනවල පැවැත්වෙන එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි යෝජනාවක් සම්මත කරන ලෙස කවුන්සිලයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කර ඇත. 17 September 2022
දූෂිතයන්ට එරෙහි ජිනීවා යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිය මේ දිනවල දී ක්‍රියාත්මක වෙමින් පවති. මේ සැසිවාරයේ අවසානය ශ්‍රී ලංකාවේ අනාගතයට සිදුකරන බලපෑම කෙසේ වේදැයි කල්තබා අනාවැකි පළකිරීම අපහසුය. එහෙත් එම සැසිය අවසන් වනවිට හැම වසරකදීම සිදුවන පරිදි ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වීමට නියමිතය. 17 September 2022
ඩොලර් උගුලෙන් ගැලවෙන්න මාර්ගයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැවරුණු මුල්ම කාර්යභාරය වූයේ එහි සාමාජික රටවල් විදේශ විනිමය අර්බුදයට මුහුණ දෙනවිට ඒවා විසඳා ගැනීම සඳහා සහාය දීමය. එහෙත් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකා රජයත් එකඟ වී ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ මූලික කාරණාත්, අනෙක් සියලු කරුණුත් පරීක්ෂා කර බැලුවහොත් එය බොහෝ සෙයින් රාජ්‍ය (බදු) ආදායමට සම්බන්ධ වූවකි. එවිට (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) IMF යන්න It’s Mostly Fiscal (IMF) යනුවෙන් හැඳින්වුවද වරදක් නැත. 16 September 2022
සුදුස්සන්ට පමණක් සමෘද්ධිය දෙන්න අප රටට නිදහස ලැබුණු වර්ෂ 1948 සිට 1977 විවෘත ආර්ථිකය හඳුන්වාදෙන අවස්ථාව දක්වා පුළුල් සුබසාධන ප්‍රතිපත්තියක් අනුගමනය කරන සුබසාධන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විණ. ඒ සමඟම ශ්‍රී ලංකාවට ඈඳුණු නාමය වූයේ ඌණ සංවර්ධිත රටක් යන්නයි. 16 September 2022
සාර්ථකත්වයට නිවැරදි නායකත්වයක් සිංගප්පූරුවේ සාර්ථකත්වය හා පැවැත්ම රඳාපවතින්නේ නිවැරැදි නායකත්වය මත බැවින්, නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු දෝෂයකට ඉඩ තැබීමේ අවකාශයක් සිංගප්පූරුවට නැතැයි සිංගප්පූරු අගමැති ලී සෙයින් ලුන්ග් ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කළේ අගෝස්තු 21 වැනිදා පැවැති එරට ජාතික දින රැස්වීම අමතමිනි. 15 September 2022
හැමතැනම රජයේ ඒකාධිකාරය : රට පස්සට මූල්‍ය අරමුදලට පමණක් ලංකාව ගොඩගත නොහැකිය. ඔවුන්ට කළ හැක්කේ යම් රටකට ඩොලර් නැති වූ විටෙක ඒ සඳහා යම් සහයෝගයක් ලබාදීම පමණකි. අප වැටී සිටින වළෙන් ගොඩ ඒමට කටයුතු කළ යුත්තේ අපමය. ඒ සඳහා අප අපේ ආර්ථිකයේ වෙනස්කම් රැසක් කළ යුතුය. 15 September 2022
ආර්ථික අර්බුදයෙන් මිරිකෙන ශ්‍රී ලංකා ජනතාව ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් වෙමින් තිබේ. ඇතැම්විට දේශීය වශයෙන් ද ඊළඟට ජාත්‍යන්තර වශයෙන් ද මේ අදහස් ඉදිරිපත් වෙයි. කොටින්ම ලංකාවේ ආර්ථික අර්බුදයත් එහි ප්‍රතිඵල වශයෙන් රටේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන දැඩි පීඩාකාරී තත්ත්වයත් දැන් ජාත්‍යන්තරයේ මාතෘකාවක් බවට හැරවී තිබේ. 15 September 2022
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026