IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


රට යන්නේ අර්බුදයෙන් අර්බුදයට

 

රටේ ඇතිවී තිබෙන ආර්ථික  හා දේශපාලන කරුණු කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීනවූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:♦ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලපු ඔබ දැන් මතවාදීව වෙනත් අදහසක සිටිනවා. එම දේශපාලන වෙනස පිළිබඳ කතා කරමින් සාකච්ඡාවට එළඹෙමු.

පිළිතුර: පසුගිය කාලය පුරාම අපේ රටේ තිබුණු ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙමින් තිබුණා. ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යන්න සිද්ධ වුණා. නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වී තිබෙනවා. අවාසනාවකට කාරණාව තමයි මොන තරම් රටේ අර්බුදයක් ඇති වුණත් ඒ අර්බුදය මොකක්ද කියලා තේරුම් ගන්න රටේ පාලකයන්ට අවස්ථාව ලැබිලා නැහැ. ඔවුන් අර්බුදයට උත්තර හොයනවා කිව්වාට කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යම් යම් දේවල් කරමින් ඉන්න එක. අර්බුදයෙන් තවත් අර්බුදයකට රට ගමන් කරන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. 

ප්‍රශ්නය:♦‍‍පොහොට්ටුව දැන් කෑලි කීපයකට බෙදී වෙන් වී තිබෙනවා. ඔබත් ස්වාධීන මතයක් දරමින් සිටිනවා. මේ වෙනසට හේතුව කුමක්ද?

පිළිතුර: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හා පොදු ජන සංවිධානය කියන්නේ පෙරමුණක් විදියට තමයි කටයුතු කළේ. එහෙත් එය විධිමත් සන්ධානයක් විදියට කටයුතු කළ නොහැකි නිසා පසුගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තමයි හවුල්කාර පක්ෂවලට කටයුතු කරන්න සිද්ධ වුණේ. ආණ්ඩුව පත් වුණු දවසේ ඉඳන් අපේ වැඩපිළිවෙළට බොහෝ විට විරුද්ධ දේ තමයි ක්‍රියාත්මක වෙමින් තිබුණේ. සාමූහික සාකච්ඡා සාමූහික වැඩපිළිවෙළකට නොගිහින් එක පුද්ගලයකුට එක පක්ෂයකට ඕන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් තමයි මේ අර්බුදයට මුහුණ දෙන්න සිදු වුණේ. ආර්ථික අර්බුදය අවසානයේ දේශපාලන අර්බුදයක් බවට පත්වුණා. ආණ්ඩුවේ අත්තනෝමතික තීන්දුවල දී හවුල්කාර පක්ෂ විදියට අපිට ඊට විරුද්ධව කටයුතු කරන්න සිද්ධ වුණා. අවසානයේ එතනිනුත් එහාට ගිහින් විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්න සිද්ධ වුණා.

තවත් කණ්ඩායම් ගණනාවක් වරින් වර ආණ්ඩුවෙන් තරග කරපු අපි වගේ කණ්ඩායම් කීපයකුත් සිටිනවා.  තුනෙන් දෙකක බලයක් තිබූ පොහොට්ටුවෙන් 50ක් විතර දැන් ඉවත්ව ගොස් තිබෙනවා. ආණ්ඩුවට තිබූ ජනවරම දැන් නැතිව ගොස් තිබෙනවා. ආණ්ඩුවේ මේ වැඩපිළිවෙළ තුළ තව තවත් කණ්ඩායම් ආණ්ඩුවෙන් එළියට බැසීම සිද්ධ වේවි. සැබෑ ජනමතය නියෝජය කරන කණ්ඩායමක් එක්ක තමයි අපිට ඉදිරියට කටයුතු කරන්න වෙන්නේ. ඉදිරියේ දී ඒ සියලු දෙනා එකතු කරගෙන පොදු කණ්ඩායමක් විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:  ඉදිරියේ දී පාර්ලිමේන්තු මැතිවරණය හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන්න යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ තිබෙන ප්‍රශ්නවලට එකම විසඳුම නව ජනවරමකට ඉඩ දීම ද?

ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණයක් තමයි නිසි කාලයේ දී නිසි ආකාරයට මැතිවරණ පැවැත්වීම. කල් දාපු පළාත් සභා මැතිවරණය පවත්වන්න මේ රජයට හැකි වුණේ නැහැ. දැන් පළාත් පාලන මැතිවරණයත් කල් ගොස් තිබෙනවා. මහ මැතිවරණයට තව කල් තිබුණත් විකෘති ජනමතය නිසා සමාජයේ මතයක් තියෙනවා ඉක්මනින්න ඡන්දයක් පවත්වන්න කියලා. අපි කල්පනා කරන්නේ මේ මැතිවරණය ඉතාම කල්පනාකාරීව පැවැත්විය යුතුයි. නැතිනම් මීට වඩා අරාජිකත්වයකට රට තල්ලු වීමට ඉඩ තියෙනවා. සැබෑ ජනමතය ඉදිරියේ දී ප්‍රකාශ  නොවුණොත් මීට වඩා දරුණු ආගාධයකට අප ගමන් කිරීමට ඉඩ තිබෙනවා. 

ප්‍රශ්නය:♦ රට ආර්ථික වශයෙන් වැට්ටවීමේ වගකීම දැරිය යුත්තේ රාජපක්ෂවරු විතර ද? ඔබලාත් ඒ ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙලා හිටියා. 

පිළිතුර: මේ අද ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට රාජපක්ෂවරු විතරක් නෙවේ පසුගිය කාලය තුළ රට පාලනය කළ සියලුම දෙනා වගකිව යුතුයි. විවෘත ආර්ථිකය තුළ හැඩ ගැන්වුණු ආර්ථිකය නිසා තමයි මේ තත්ත්වයට අපට මුහුණදීමට සිද්ධ වෙලා තියෙන්නේ. අපිත් යම් යම් ආණ්‍ඩුවල පංගුකාරයන් බවට පත්වෙලා හිටියා. ඒ නිසා අපත් ඒ සඳහා යම් ප්‍රමාණයකින් වගකිව යුතු වෙනවා. ඒ වරදකාරී බවින් අපටත් මිදෙන්න බැහැ.

ප්‍රශ්නය:♦රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සභාවක් පිහිටුවා තිබෙනවා. ඊට ඔබේ පක්ෂය එකඟතාවයක් දක්වනවාද?

පිළිතුර: ජාතික සභාව සම්බන්ධයෙන් පැහැදිලි කරගත යුතු කාරණාවක් තිබෙනවා. අපි තමයි පළමු වරට රටේ ප්‍රශ්න විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදිය යුතුයි කියන එක. ඒ ආණ්ඩුවේ මෙවලම බවට පත් කරගත යුත්තේ සියලු පක්ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක්, ඒ සභාවෙන් තමයි ප්‍රතිපත්ති තීන්දු ගත යුතුයි කියන එක අපි යෝජනා කළේ. රටේ අගමැති වගේම ඇමැති මණ්ඩලය තීරණය කළ  යුත්තේත් ඒ සභාවෙන් කියන එකයි අපේ යෝජනාව. රටේ ජාතික ප්‍රතිපත්ති සම්බන්ධව තීන්දු ගැනීමට තමයි ජාතික සභාව අපි යෝජනා කළේ. ඒ ජාතික සභාව හදන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වුවමනාව තිබුණත් ඊට ඉඩකඩ ලැබුණේ නැහැ.

ඔහුට ජනාධිපති ධුරයෙන් යනකන්ම ඒ සම්බන්ධ කටයුතු කරන්න ලැබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වූ මොහොතෙත් අපි ඊට සම්බන්ධ යෝජනා ඉදිරිපත් කෙරුණත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ මොහොතේ පසෙකට දාපු යෝජනාව දැන් ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙනවා. ඒත් අපි යෝජනවා කළ ජාතික සභාව නෙවෙයි මේ ජාතික සභාව. හැබැයි මේ ජාතික සභාව තුළ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච වැඩපිළිවෙළ තුළ ව්‍යවස්ථාවේ සාමූහිකයේ යන වැඩ පිළිවෙළක් යෝජනා වෙලා තිබෙනවා. වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ජාතික සභාව ස්ථිර වැඩ පිළිවෙළක් වෙනවා නම් ව්‍යවස්ථාදායකයට යම් බලයක් නිර්මාණය වන එකක්.

රටේ බහුතරයකගේ මතය එතනදී නිරූපණය විය යුතුයි. පොදුජන පෙරමුණ මෙතනදි කටයුතු කරන ආකාරය දිහා බැලුවාම පේනවා මේක අපි යෝජනා කරන එක නොවෙනවා වගේම මේකේ අර්ථය ඒ අය වටහා ගනීද කියන කාරණාව. පොදුජන පෙරමුණ දැන් ඉදිරිපත් කර තිබෙන කණ්ඩායම දිහා බැලුවාම ජාතික සභාවකින් ඉෂ්ඨ විය යුතු දේ ඉෂ්ඨ වේවිද කියන සැකය අපට මතු වෙනවා. මේ අපට තිබෙන ගැටලු පැහැදිලි කර ගත්තාට පස්සේ තමයි අපි මේකට සම්බන්ධ වෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ.

ප්‍රශ්නය:♦ රනිල් ජනපති වනවිට මේ රටේ පැය 10ක් විදුලිය කැපුවා. තෙල්, ගෑස්, අර්බුධ තිබුණා. මේ තත්ත්වය දැන් යම් දුරකට සමනය වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ දක්ෂයෙක් කියන එකට මේවා සාක්ෂි නොවේද?

පිළිතුර: රනිල් වික්‍රමසිංහ මහතා රට හදන්න නෙවෙයි වෙන වැඩවලට දක්ෂයි. රටේ වර්තමානයේ ඇති වී තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ඔහු ඉදිරිපත් කරලා නැහැ. ඔහු කර තිබෙන්නේ ප්‍රශ්න යටපත් කිරීම පමණයි. තෙල් ප්‍රශ්නය ගත්තොත් මිනිසුන්ගේ මිල දී ගැනීමේ හැකියාව නැති නිසා තෙල් ඉල්ලුම අඩු වී තිබෙනවා. කර්මාන්ත වැසීම නිසා තෙල් ඉල්ලුම අඩු වී තිබෙනවා. කලින් ආපු තෙල්වලට වඩා 50%ක් තමයි අද වෙන විට ලංකාවට එන්නේ. තෙල් සලාක ක්‍රමය නිසා යම් පාලනයක් ඇති වී තිබෙනවා. විදුලිය කප්පාදුව දැන් අඩුවීමක් තිබුණත් ඒකත් සම්පූර්ණ විසඳුම නොවෙයි. තෙල් සහ විදුලි කප්පාදුව දැන් නැවතත් ආරම්භ වෙමින් තිබෙනවා. රට ස්ථාවර වෙලා නැහැ. රට වෙනස් කරන්න පුළුවන් වැඩ පිළිවෙළක්  ඉක්මනින්ම ආරම්භ විය යුතුයි. රටේ ආදායම වැඩි කිරීමට වගේම ණය ප්‍රශ්නය විසඳීමට හරි නායකත්වයක් තිබිය යුතුයි. යම් උත්සාහයක් ජනාධිපතිවරයා ගන්න බව පෙනුණත් ඒක තාම සාධනීය මට්ටමට ළඟා වෙලා නැහැ. 

ප්‍රශ්නය: ♦ IMF එකෙන් ණය ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂයේ අදහස කුමක්ද?

පිළිතුර: IMF තුළින් මේ රටේ සියලු ප්‍රශ්න විසඳන්න ලැබෙන්නේ නැහැ. මේ ආර්ථික අර්බුදයට යම් තාවකාලික විසඳුමක් ගන්න පමණයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ලැබෙන්නේ. ආර්ථික අර්බුද ආපු රටවල් මේ ක්‍රමවේදයට අනුගත වුණත් මේකට ස්ථිර සාර විසඳුම ඒක නොවෙයි.  IMF යෝජනා සම්බන්ධව අපි විතරක් නොවෙයි මට හිතෙන්නේ කැබිනට් මණ්ඩලයවත් තවම දන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කාරණා එක්ක තමයි මේක සාර්ථක ද නැද්ද කියන්න වෙන්නේ. රාජ්‍ය සේවය කප්පාදුව, පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් රාජ්‍ය ආයතන විකිණීම ආදී කාරණා එක්ක තවත් අර්බුද ඇතිවෙයි. IMF  යෝජනා ගෙඩිය පිටින් ගිලිනවාද කියන එක අපි සොයා බැලිය යුතුයි. 

ප්‍රශ්නය:♦පාසලේ දී කෑමට කුරුම්බා ගෙන ඒමටත් දරුවන් මන්දපෝෂණය හැදී කලන්තේ දාලා වැටෙන මට්ටමට පත්වී තිබෙනවා. මේවාට වගකිව යුත්තේ කවුද? 

පිළිතුර: මේ ප්‍රශ්න නිසා දරුණු අර්බුදයට ලක්වී තිබෙන්නේ දරුවන්. අනිත් පැත්තෙන් අඩු ආදායම්ලාභී පවුල්. පහළ ආදායම් ලබන මිනිසුන් මේ වනවිට කරකියා ගන්න බැරි තත්ත්වයට පත්වී තිබෙනවා. මන්ද පෝෂණය හා ආහාර අහේනිය අතින් ලංකාව මේ වනවිට තිබෙන්නේ ඉතාම අසීරු තැනක.

ආහාර පිළිබඳ උද්ධමනය සියයට 90 ක් බවට පත්ව තිබෙනවා. ගොඩක් පවුල් තුන් වේල අද දෙවේලක් බවට පත් කරගෙන තිබෙනවා. ගමේ වගේම නගරේ පවුල්වලටත් අද මේ තත්ත්වය බලපා තිබෙනවා. ප්‍රශ්නවලට ආණ්ඩුව ඉක්මනට විසඳුම් සැපයිය යුතුයි. ප්‍රශ්න යටපත් කරන් නැතුව ඒවා විසඳන්න හැමෝම එකතු වෙන්න ඕන. දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වෙනවා කියන්නේ මුළු රටේම අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. ආණ්ඩුව වහාම මේවාට විසඳුම් සපයා දිය යුතුයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ

සටහන අමිල චින්තක ගමගේ

(***)



අදහස් (1)

රට යන්නේ අර්බුදයෙන් අර්බුදයට

Gamunu Saturday, 08 October 2022 07:37 AM

ලංකාවේ ආර්ථිකය සහ ජනජීවිතය කඩාවැටී තිබේ... IMF හෝ වෙනත් ආයතන හෝ රටවල් ලංකාව දෙස සුබවාදීව කටයුතු කිරීමට නම් වර්තමාන පාර්ලිමේන්තුව වෙනස් විය යුතු බව ඔවුන් තරයේ කියා සිටියි. ජාත්‍යන්තරය, වර්තමාන පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයට කැමැත්තක් දක්වන්නේ නම් මේ වනවිටත් සහයෝගය ලබාදී අවසන්ය. නමුත් මේ වනවිට ජාත්‍යන්තරය බලා සිටින්නේද රටේ පුරවැසියන් මෙන් ලංකාවේ දේශපාලනය තුළ කැපීපෙනෙන වෙනසකි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 107 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 133 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 59 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 25 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 37 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 478 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1294 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site