IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ආහාර උද්ධමනයේ රතු ඉර නොපන්නනු

උද්ධමනයේ කාණ්ඩ ගණනාවකි. ඒ අතුරින් වඩාත්ම ජනතාවට බලපෑම් ඇතිකරන්නේ ආහාර කාණ්ඩයේ උද්ධමනයයි. එය ජනතාවගේ මේ දිනවල හිස් මුදල් පසුම්බියේ සිට ගෙදර කුස්සිය දක්වාම බලපෑම් ඇති කරවයි. නිවෙස්වල සිටින බාල, තරුණ, මහලු සියලු වයස් කාණ්ඩවලට ආහාර උද්ධමනයෙන් ඇතිකරන බලපෑම අතිමහත්ය. අවසානයේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයටත් සෙසු පිරිස් තුන්වේලෙන් දෙවේලට දෙවේලෙන් එක වේලට බහින්න වෙන මට්ටමටත් බලපාන සාධකයයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා සඳහන් කර තිබුණේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 94.9 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවය. එය අගෝස්තු මාසයේ පැවැති උද්ධමන අගය වූ සියයට 93.7 තවදුරටත් ඉහළ යාමකි. මේ සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ ආහාර උද්ධමනය ඉහළම තලයට එනම් සියයට 100 ක් දක්වා ඉහළ නැගීමට ඇත්තේ සියයට 5 ක් පමණී. එළඹෙන්නට නියමිත ව්‍යාකූල තත්ත්වය පිළිබඳ මෙය භයානක පෙර නිමිත්තකි.

ආණ්ඩුව මෙහි දී සක්‍රීය ලෙස මැදිහත් වී තත්ත්වය පාලනය කර ගනිමින් උද්ධමන වේගය තරමක් හෝ අඩුකර ගැනීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය රටේ පොදු මහජනතාවගේ ප්‍රාර්ථනය ද වෙයි. රටේ ඔය කියන තරම් මන්දපෝෂණ තත්ත්වයක් හෝ ආහාර අහේනියක් හෝ නැති බවට පාරම් බාන උද්ධච්ඡ අමාත්‍යවරුන් කිහිප දෙනකුට මේ භයානක තත්ත්වය අවබෝධ නොවුණාට රටේ දූ දරුවන්ගේ, මාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ කුසට ආහාර උද්ධමනයේ කටුක ප්‍රතිඵල ගෙඩි පිටින් දැනෙමින් තිබේ. මේ බැරෑරුම් අවස්ථාවේ අවශ්‍ය වන්නේ පම්පෝරි ගැසීම් නොව පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට ක්ෂණික වැඩ පිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමය.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි සංඛ්‍යා ලේඛන සමාජගත කරන්නේ ඒවා කටපාඩම් කිරීමට නොවේ. ඉදිරියේ දී ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව රතු ඉර පනින බවට ආණ්ඩුව දැනුම්වත් කිරීමටය. ආණ්ඩුවේ වගකීම වන්නේ එම සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දෙන යථාර්ථය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරමින් ජනතාව පීඩනයෙන් ගලවා ගැනීමට හැකි හැම වෑයමක්ම දැරීමය. එය එක් අමාත්‍යවරයකුගේ හෝ දෙතුන් දෙනකුගේ හෝ වගකීම නොවේ. කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමකි. වරප්‍රසාද සහ වරදාන ලබා ගැනීමේ අවස්ථාවල දී සියලු මැති ඇමැතිවරුන් එකාවන්ව සාමුහිකව කටයුතු කර ඒවා ලබාගන්න බව නොදන්නා කෙනකු නැත. එසේ නම් රට මුහුණ දෙන බරපතළ ව්‍යසනයක දී එම වගකීම ඔවුන් අතින් ඉටුවිය යුතුය.

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සම්බන්ධයෙන් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින් ද ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.. එහි සඳහන් වූයේ ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය සහ පවතින ඉන්ධන හිඟය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට දිගින් දිගටම තර්ජනය කරන බවය. එය සත්‍යයක් නමුත් මේ රටේ ආහාර සුරක්ෂිතතාවට ප්‍රබලම තර්ජනය එල්ල වූයේ වී ගොවිතැන ඇතුළු රටේ කෘෂි නිපැයුම් සඳහා රසායනික පොහොර භාවිතය පැය 24 ක් තුළ දී තහනම් කිරීමට ගනු ලැබූ අත්තනෝමතික තීන්දුව බව අපගේ විශ්වාසයයි. මේ තීන්දුව ගෙන එය ක්‍රියාවට නැංවූ අවස්ථාවේ සිට එය රටේ ඉදිරි ආහාර සුරක්ෂිතතාවට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ද එය සාගතයක් තරම් භයානක තත්ත්වයක් කරා වර්ධනය විය හැකි යැයි ද මෙරට කෘෂි විශේෂඥයෝ අනතුරු ඇඟවූහ.

අද රටේ ආහාර අහේනිය සහ උද්ධමනය සම්බන්ධයෙන් අති පණ්ඩිත කතා කියන මැති ඇමැතිවරුන් අතුරින් බහුතරයක් එදා එම තීන්දුව වැරදි බවත් ඒ හේතුවෙන් මේ රටේ දූ දරුවන් ඇතුළු ජනතාව බලවත් ආහාර අර්බුදයකට තල්ලු කරනු ඇති බවත් ප්‍රකාශ කළේ නැත. එක්කෝ ඔවුන්ට එසේ කීමට කොන්දක් තිබුණේ නැත. නැත්නම් තමන් භුක්ති විඳින වරප්‍රසාද වලට තට්ටු වේ යැයි බියවෙන්නට ඇත. මේ කුමන හේතුව වුවද අද රටේ ඇති වී තිබෙන අධික ආහාර උද්ධමනයට එදා එම තීන්දුවට අත් එසවූ සියලු මැති ඇමැතින් වගකිව යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු.

ආහාර කාණ්ඩයේ අධි උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීමට අප්‍රමාදව පියවර ගත යුතුය. කුරුණෑගල ප්‍රදේශයේ එක් ප්‍රධාන පෙළේ පාසලක සිසුන් පිරිසක් වෙනත් සිසුන්ගේ ආහාර පාර්සල් සොරාගෙන කන බවත් එයට හේතුව ආහාර අහේනිය බවත් අපගේ ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රධාන සිරස් තලයකින් පසුගියදා හෙළිකර තිබිණි. තවත් පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එකතුව ආහාර අහේනියෙන් පෙළෙන සිසු දරුවන් සඳහා ‘ආහාර බැංකු’ ක්‍රමයක් සකස් කර තිබෙන බව ද ඊට පෙර වාර්තා විය. මේ ආහාර උද්ධමනය සියයට 100 ක් කරා කිට්ටු වන විට ඇතිවෙමින් තිබෙන තත්ත්වයයි. ඒ අනුව එය 100 ඉක්මවා  ගියොත් ඇතිවිය හැකි තත්ත්වයේ බරපතළකම සියලු බලධාරීන් විසින් තේරුම් ගත යුතුව තිබේ.

 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගත්තේ මේ සියලු නරක පෙර නිමිති පහළ වෙමින් තිබියදීය. ඔහු සියලු වැර වෑයම් යොදමින් උද්ගත වෙමින් තිබෙන තත්ත්වය පාලනය කර ගැනීමට මහත් කාර්යභාරයක් කරමින් සිටී. සෙසු මැති ඇමැතිවරුන්ගේ කාර්ය භාරය විය යුත්තේ තම තමන්ගේ ගැටලු විසඳා ගැනීමට පෙර රටේ ගැටලු විසඳා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දීමය. රට මැදි වී තිබෙන ආර්ථික සුළි කුණාටුව කිසිසේත් අවතක්සේරු කළ යුතු නැත.

(***)



අදහස් (3)

ආහාර උද්ධමනයේ රතු ඉර නොපන්නනු

ganegoda Friday, 07 October 2022 11:23 AM

අද ලෝකයේ බලවත්ම සංවර්ධනය ක්‍රියාත්මක වන්නේ චීනයෙන්... ! ඇයි අපිටත්, චීනයට, රුසියාවට, ඉන්දියාවට එකතුවෙලා සංවර්ධනය වෙන්න බැරි..?

:       1       1

විනිවිද Saturday, 08 October 2022 07:24 AM

ශ්‍රී ලංකාව යනු කිසිඳු ආකාරයකට ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ගැටළුවක් ඇතිකර ගත යුතු රටකි. රට පුරාම වැව්, ගංගා, සහ වෙනත් වාරිමාර්ග ජලය සැපයීම සඳහා තිබේ. නිසි ආකාරයට කෘෂි උපදෙස් මත ක්‍රමවත්ව සැලසුමකට අනුව රටපුරාම කෘෂිකර්මාන්තය කරන්නේ නම් මෙවැනි අර්බුද මතුවන්නේ නැත. ලංකාවේ සෑම අංශයකම තිබෙන ප්‍රධාන ගැටලුව නම් නිසි කළමනාකාරීත්වයක් නොමැතිකම සහ "වැඩබලන පිරිස් වැඩිවීම" සහ වැඩකරනා පිරිස් නොමැතිවීම වේ..!

:       0       0

Akila Sunday, 09 October 2022 10:51 AM

අහාර උද්දමනය වැඩි වෙන්න පටන් ගත්තේ රනිල් අවට පස්සේ , ජනතාවට එකතු කරපු අධික බදු බර මේකට ප්‍රදාන හේතුවක් .අනික තමයි දමා තිබෙන ආනයන සිමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 109 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 134 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 59 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 25 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 37 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 478 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1295 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site