හවායි මුහුදෙන් අමුතු ජීවියෙකු සොයා ගත් බව ඇමෙරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පිළිබඳ අධිකාරිය කියයි.
දුරස්ථ පාලකව ක්රියාත්මක වන වාහනයකින් භූ විද්යාත්මක සාම්පල එකතු කරන අතරතුරදී මෙම ජීවියා සොයාගෙන තිබේ.
ඔවුන් එය වාර්තා කර ඇත්තේ ‘භූතයකුගේ‘ හැඩය ඇති ජීවියකු ලෙසය.
මුහුදේ අඩි 14000ක් පමණ ගැඹුරෙන් මෙම ජීවියා හමුවී ඇතැයි විද්‍යාඥයෝ කියති.
ජීවියා කුමන කුලයකට, කුමන විශේෂයකට අයත්දැයි මෙතෙක් සොයාගෙන නැත.
සත්වයා සුදු පාටට හුරු අතර බූවල්ලකුගේ හැඩයක් ගනී. බාහුවල ඇගිලි වැනි කොටස්ද ඇති බව සදහන්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දැනුයි මට තේරෙන්නේ. මේ ඉන්දිකව ඔහොමම අල්ලලා ගැටගහලා තියාගන්න. මම ඇම්බියුලන්ස් එකක් එවන්නම්. (නි)
සුජාතා, මුලින්ම පැහැදිලි කරගන්න ඕන ජීවය කියන්නේ මොකක්ද කියලා. ඔයා කියන ඔය මරණය ලෙඩ රෝග ඇති වෙන්නේ අර මස් ගුලියට. දැන් ප්‍රස්නේ ජීවය කියන්නේ මස් ගුලියටද ? අනික ඔබ දක්වල තියෙන්නේ බටහිර විද්යඥයෝ කිහිප දෙනෙක් විතරයි. (ර)
චාමර, ඔබ ඉන්න මානසිකත්වයත් අපිට පෙනෙනවා,ඔබ ඔබගේම නොදන්නා කමට බයයි. ඔබ විශ්වාස කරගෙන ඉන්න අදහස් විවාදයට ලක්වෙනවට බයයි. ඔබ හදුනාගෙන තියෙන්නේ ඔබගේම බය මිසක් මගේ අදහස් නෙවෙයි. ඔබගේ පුහු විශ්වාසයන් රැකගන්න කරුණු දක්වන්නේත් නැතුව මගහරින ලේසිම ක්‍රමය තමා විරුද්ධ අදහස් වලට පිස්සු කියන එක. එ්ත් ඔය පුහු විශ්වාස වලින් සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. (බ)
ජීවය කියන දෙය තවමත් පරිණාමය වෙන දෙයක් මිස පරිණාමය නැවතී නැත. (නි)
මේ බූවලු ( ඔක්ටෝපස් ) විශේෂයක්. මොලුස්කා වංශයට අයත් බූවලු විශේෂයක්. විශේෂය හඳුනා ගැනීම සත්ව විද්‍යාඥයින්ගෙ වැඩක්. (නි)
ඇත්තටම හවායි මුහුදෙන් හමුවුණ අමුතු සතාටත් වැඩිය අමුතුම මනුසත්වයෙක් අපිට හමුවුණා. ඉන්දික, ඔයාගේ ශරීර ස්වභාවය කොහොමද? (නි)
ඉන්දික, පුද්ගලයෙක් හඳුනා ගන්නට අපිට අපහසු නැහැ. ඔහු කියන දේවල් වලින් ඔහු කවරාකාරයේ කෙනෙක්දැයි මනාව ඔප්පු වෙනවා. ඔයා හෙටම අංගොඩ පැත්තේ ගියොත් හොඳයි. (නි)
ජීවය දැනටමත් පරිපුර්ණයි. එය පරිපුර්නත්වයෙන් පරිපුර්ණත්වයට ගමන් කරමින් පවතියි. එහි කිසිම අඩු පාඩුවක් නැත. නමුත් මායාවට හෝ නිද්‍රාවට පත් වුවන් කිසිදා නොලැබෙන අර්ථයක් නැති අනාගත පරිපුර්ණත්වයක් බලාපොරොත්තු වෙති. එය මායාවේ ප්‍රතිපලයක් මිස සත්‍යක් නෙමෙයි. (බ)
ජීවය කියන්නේ මස් ගුලියක් විතර නම් කුකුලෙකුට වරුවකින් මනුස්සයෙක් වෙන්න පුළුවන්. මේ ක්රියාවලියට ජීර්ණ ක්රියාවලිය කියලත් කියනවා. එනිසා පැහැදිලිවම ජීවය යනු මස් ගුලියක් නෙමෙයි. ඒකට වෙනත් මාන තිබෙනවා. (ර)
ඇත්තටම පුදුමයි. තවත් මෙවැනි හඳුනානොගත් දේවල් කොපමණ ඇද්ද? (නි)
සෞම්‍යා, බෙහෙත් අවශ්‍ය ඔබටයි. ඔබගේ අවිද්‍යාවටයි. (නි)
සෞම්‍යා, කරුණාකරලා බොළඳ කතා කියලා බාධානොකර ඉන්නවද? (නි)
දෙවියන් වහන්සේ සත්ව විශේෂ කියක් මවල තියෙනවද , ඒ කිනම් වර්ශයේද??? දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්නකෝ. (බ)
ඉන්දික,ඔයාටම තේරේවි ඔයා මේ මොන පිස්සුවක්ද කියවන්නේ කියලා.මොනවා වුනත්,මින් පසු ඔයාගේ අදහස් කවුරුවත් විශ්වාසයකින් නම් කියවන එකක් නැහැ. (බ)
සිසිර ජීවයේ දැන් තියන අඩුව මොකක්ද ? තව මොනවාද පරිපුර්ණ වෙන්නේ තියෙන්නේ ? වෙනස් වීම කියන්නේ අඩුවක් පිරවීම නොවෙයි. වෙනස් වෙන්නේ පරිපුර්ණ වෙන්න නෙමෙයි. ඔබ ජීවය කියන්නේ මොකකටද? චලනය වෙන මස් ගුලියකටද? මරණය කියන්නේ මොකක්ද? මස් ගුලිය චලනය නොවෙන එකටද? ඕවයේ අගමුල අතබුලක්සේ නොදැන තමන්ට වත් නොතේරෙන කවුරු හරි කියපු දෙයක් අහගෙන අනිත් අය පිස්සෝ කියන්නේ කොහොමද? (බ)
සෞම්‍යා, මම අදහස් පළකළේ ඔබ වැනි අයට නොවෙයි. විචාරාමය දැනුමක් ඇති අය සඳහායි. ඔබ වැනි අයට මෙවැනි දේවල් කිසිදා පැහැදිලි කරගැනීමට ශක්තියක් නොමැත. එය ඔබේ කරුමය මිසක් මගේ කරුමය නෙමෙයි. (නි)
ජීවය දැනටමත් පරිපුර්ණයි කියන එක ගොඩක් අයට දිරවා ගන්න බැරි බව පෙනෙනවා. විශේෂයන් බටහිර සම්මත දැනුමෙන් අඳවූ අයට මෙවැනි දේ වටහා ගන්න අසීරුයි. (ම)
දනුක, ඔබට මගේ ශරීර ස්වභාවයෙන් වැඩක් වෙන්නේ නැහැ. එ්කේ ස්වභාවයත් ඔබේ වගේම තමා. හැබැයි මේ පද්ධතිය ඇතුළේ භෞතික නොවෙන වෙනත් මාන තිබෙනවා. සිත මුල්වූ මතුපිට බුද්ධියට මෙම මාන සොයාගන්න බැහැ. මොකද ඔබ සිතන සිත හා ඔබ කියා දැනෙන, විඥානය පවතින්නේ මෙම මාන මුල්වීමෙන්. එත් එය ගවේෂණය කරන්න පුළුවන් ක්‍රම තිබෙනවා. ඔබ කොන්ටම් හැසිරීම් ගැන අහලා තියනවා නම් මේ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. (නි)
අපේ විද්‍යාඥයන් සොයානොගත් මුහුදු පතුලේ සිටින දහසකුත් ජීවින් අතර මෙයත් සිටිනවා වියහැකියි. ඒ වගේම තමයි මුහුදු පතුලේදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් වලදී පිටවන අහිතකර කිරණ සත්ව ශරීර වලට මාරකයි. ඒ නිසා මේ සතා හරියටම කවුදැයි කියලා නිශ්චය කරනතුරු අපි එක එක අනුමාන වල ඉඳිමු. (නි)
ඉන්දික, ඔයා මොනවාද මේ දොඩවන බහු බුත...?ජිවය පරිපුර්ණ නම් ඇයි මරණය ජිවය බිලි ගන්නේ. ජිවය පරිපුර්ණ වෙන්නේ ලෙඩරෝග නැතිවී, මරණය නැවතුන දවසකට කියලා ආසන්න වශයෙන් කියන්න පුළුවනි. ජිවය ඇති සත්වයා පරිණාමය වෙනවා. ඒ පරිනමයවිම ඔයාටවත් මටවත් නවත්වන්න බැහැ. ඒ බව ඩාවින්ගේ පරිණාම වාදයේ හොඳින්ම ලයවිලා තියෙනවා විතරක් නොවෙයි අපේ ඇස දෙකටම පෙනෙන්න සාධක තියෙනවා. (ර)
හොඳ වෙලාවට මුහුදෙන් අඩි 14000ක් ගැඹුරු මුහුදේ මේ සතා ජීවත්වෙන්නේ. අපේ අයියලාට අහුවුණා නම් මෙලහකට පණපිටින් හමගහලා. (නි)
සමන්, ඔයා රෝහලකද වැඩ කරන්නේ ? එහෙනම් අනුන්ට ඇම්බියුලන්ස් යවන්න කලින් ඔහොමම ඔතනින් ඔයාගේ ඔලුව ස්කෑන් කරගන්න. (නි)
ඔයලගේ විශ්වාසයන් බිඳවැටෙන තරමට හොඳයි. මොකද විශ්වාසය නිසා අවිචාරය ඇතිවෙනවා. අන්ධ වෙනවා. (නි)
ඔවු විජිත්,ජීවයේ පරිණාමය නවතින්නේ නැහැ.මිනිසාගේත් අවශේෂ එහෙම නැතිනම් අනවශ්‍ය කොටස් තියෙනවානේ,ඒවගේම එක එක හේතු නිසා ඇතිවන, පරිසරයට හිතකර විකෘතින් අප හා එක්ව දිග ගමනක් යනවා. එහෙම තමයි ඩාවින්ගේ පරිණාම වාදයේ කියන්නේ. (බ)
ක්‍රිස්, ඔබේ ප්‍රකාශයට මම මගේ ආචාරය පුදකරමි! (නි)
මේ මනුස්සයා නම් ඉස්පිරිතාලෙන් පැනලා ආපු කෙනෙක්. අනේ ඉන්දික බෙහෙත් ගන්නකො. (නි)
ඉන්දික,මමත් ජිව විද්‍යා අංශයෙන් රැකියාව කරනකෙනෙක්. ඔබගේ අදහස් සිනහ ගන්වන සුළුයි. ජිවය පරිපුර්ණ නම් ඇයි මරණය ,ලෙඩරෝග...ආදිය පවතින්නේ. වයසට යන්නේ ඇයි.. ඩාවින්, මෙන්ඩල් වැනි ජිව විද්යඥයිටත් වැඩිය එහා ගිය, දර්ශනයක් පදනම් කරගෙනද ඔයාමේ කතා කරන්නේ..? (ර)
රාජු ඔයා මොනවා කියන්න හැදුවත් මම කියන්න හදපු දෙයින් කොටසක් ඔයාට ගිහින් ඇති බව පෙනෙනවා. ඒක මෝඩයෙක් වගේ පිලිගන්නෙත් නැතුව, පිස්සු කියල අහක දාන්නෙත් නැතුව, ගවේෂණය කළොත් ඔයාට ජීවයේ වෙනත් මානයක් අවබෝදධ කරගන්න අවස්ථාවක් ලැබේවි. ඒ අවබෝධය ඔබටම මිසක් මට නෙමෙයි. (බ)
ජීවය පරිපුර්ණව ඉවර නැත පරිණාමය වෙමෙන් පවතී පිස්සන්ට එය නොතේරේ (අ)
බලපු ගමන් හිතෙන්නේ මේ බූවලු කුලය කියලා. අඩි 14000 ක් මුහුදු පතුලේ ඉන්න හින්දා විශේෂය නම් පොඩ්ඩක් වෙනස් (නි)