වෙදගම හොරිවිල කැඩුම් බිඳුම් විශේෂඥ වෛද්‍ය සේන බණ්ඩාර හා ඔහුගේ පුත් ප්‍රසාද් සේනානයක මහතා හොරිවිල හේරත් හාමි වෙද පරපුරේ සාඩම්බර් උරුමකාරයෝ දෙදෙනෙකි. ප්‍රසාද් සේනානායක උපාධිධරයෙකි. වෙදගම හා රදාවාන, වෙදගම හොරිවිල වෛද්‍ය මධ්‍යස්ථාන අධිපති ඔහුය.
හොරිවිල මහ වෙදගෙදර රෝහල හා බෙහෙත් හල වෛද්‍ය සේන බණ්ඩාර මහතාගේ බාල සහෝදර වෛද්‍ය ශාන්ත සෙනෙවිරත්න මහතා පාලනය කරයි.
තම සීයා වන දේශිය වෙදකමේ චක්‍රවර්තී නාමය හිමිකර ගත් හොරිවිල හේරත්හාමි වෙද මහතාගේ මඟ යමින් ඔහු සුවිශේෂි වෛද්‍ය සේවාවක් ඉටු කරයි.
සියලු බෙහෙත් , තෙල් බෙහෙත් වර්ග එක්රැස් කර නිෂ්පාදනාගාරවල නිෂ්පාදනය කරයි.
කැඩුම් බිඳුම් වෙදකමට අවශ්‍ය තෙල් බෙහෙත් නිෂ්පාදනයේ දී අතීතයේ පටන් ම සිරිත් විරිත් වලට අනුව සිදු කරයි. විශාල තටාක වැනි තඹ හැලි වැනි භාජන වල තෙල් සීදිමට පෙර, උඩු වියන් බැඳ සෙත් පිරිත් ගායනා කර තෙල් උණු කිරිමේ කාර්ය දැකගත හැකිය.
සන්ධි තෛලය, කැස්ස පැණිය,හර්බල් හෙයා,කැඩුම් බිඳුම් මෙන්ම සියලුම ශරීර ගත රෝග මුත්‍රාගල් පැණිය, ස්නායු රෝග ක්ෂණිකව ගුණදෙන ප්‍රතිකාර, ඖෂධ වගී නිෂ්පාදනය කරයි.
කිරිඳිවැල, මාලිගාවත්ත නිවස අසල නිෂ්පාදනාගාර පවත්වාගෙන යයි. දිළිදු හා වැඩිහිටියනට නොමිලේ ප්‍රතිකාර කරයි.
(හොරිවිල මහ වෙදගෙදර)
(වීඩියෝ - ලාල්සිරි ආරියදාස)
(වීඩියෝ - කාංචන කුමාර ආරියදාස)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිටින දක්ෂතම වෙද පරපුරක්...... (ම)
මෙහි දුරකථන අංකයක් ඇත්නම් දමන්න .ගෙඩි අර්සස් වලට වෙදකම් කරනවද මෙතන (ම)
අනු ශ්‍රී ලන්කන් ට්‍රැඩිෂනල් ආයුර්වේද හෝම් ..බලන්න (බ)
77 පශ්චාත් මැතිවරණ හිංසාවට ලක්වූ ප්‍රසිද්ධ තැනැත්තෙකුට බටහිර වෙදකමෙන් "කිසිදිනක ඇවිදින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ සදාකාලිකව රෝද පුටුවේ ඉන්න සිදු වෙනවා" කියා තිබියදී හොරිවිල වෙද මහතා ඒ තැනැත්තාට ඇවිදින්න පමණක් නොවෙයි කාර් එක එළවාගෙන යන්නත් පුළුවන් විදියට සුවපත් කළ බව මම පුද්ගලිකව දන්නවා. (නි)
මේ වගේ දේශීය දෙයක්වත් අගයන්න දන්නේ නැති මෝඩ මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ. මේ පෝස්ටුවට වැටිලා තියෙන අදහස් ප්‍රමාණයෙන්ම එ්ක පේනවනේ. අපරාදේ කියන්න බෑ බටහිර වෙදකමේ හෙම්බිරිස්සාවක් සනීප කළා කියල පොස්ටුවක් තිබ්බනම් බලන්න තිබ්බ මෙයාල පැනගෙන අදහස් දක්වල කළගුණ සලකන හැටි. (බ)
මගේ වම් පාදය යතුරුපැදි අනතුරකින් තුනට කැඩුණා. පාදය සුවකළේ ගරු සේන බණ්ඩා වෙද මහතාය. මේ මොහොතේ එය සිහිපත් කරමි. ඔබතුමාට චිරං ජයතු! (නි)
ඔබට තවත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මුහුණු පොත පිටුවට පිවිසෙන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න් \nhttps://www.facebook.com/www.Wedhagama/
මොවුන් රටටම සම්පතක් (නි)
මට වයස අවුරුදු 8 දී පමණ පොඩි අනතුරකින් අතෙහි අස්ථි බිඳී ගියා. මගේ පියා මෙතුමන් වෙත රැගෙන ගොස් හේරත් හාමි වේද මහතා වෙත ගොස් බෙහෙත් කලෙමි. දැන් මගේ වයස අවුරුදු 30 කි. මේ වනතුරු එම අතෙහි කිසිදු වේදනාවක් ඇති වී නොමැත. එමෙන්ම ම ඉතා ගෞරවයෙන් සිහිපත් කරනුයේ කිසිදු රෝගියෙක් වෙත මුදල් අයකිරීමක් හෝ නියම කිරීමක් නොකරයි. රෝගියාගේ කැමැත්ත පරිදි මුදලක් පරිත්‍යාග කිරීමට හැක. එය ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට සහ සේවක පඩි නඩි ගෙවීමට ඔවුන් වෙත දක්වන සහයෝගයකි. (ර)
කැකිරාවේ අපිටනම් හොරිවිල වෙදපරම්පරව මහගු සම්පතක් , බටහිර වෙදකමට සුවකිරීමට නොහැකි ලෙඩ්ඩු විශාල ප්‍රමාණයක් මේ වෙදකම් වලින් සම්පුර්න සුවය ලබා තියෙනවා. මේ වේද පරපුර අතිතයේ පටන්ම නොමිලේ ප්‍රතිකාර කරනලදී. මම දන්නා පරිදි හොරිවිල හේරත්හාමි වෙද මහතා මියයාමට පෙර තම දරුවන්ට උපදෙස් දුන්නාලු,අහල ගම් හතකින්වත් කිසිදු සතයක් නොගෙන නොමිලේම වෛද්‍ය සේවාව ලබාදෙන්න කියලා, (බ)
මම හොඳට දන්නා මිහිපිට දෙවිකෙනෙක් ඔබතුමාට දීර්ඝායුෂ පතමි (බ)
මෙතුමන්ලා කරන්නේ උතුම් සේවයක්. ඔබ සැමට තුණුරුවන්ගේ පිහිට ලැබේවා! (නි)
මෙම ලිපියේ සඳහන් කැස්ස පැණිය ලබාගන්නේ කෙසේද ? (බ)