ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා ආසන්න හුදකලා දූපතක වාසය කරන මෙන්ටවායි ගෝත්‍රිකයෝ තවමත් නූතන සමාජයෙන් ඈත්ව තමන්ට ම ආවේණික වූ සම්ප්‍රදායික ක්‍රම භාවිතා කරති.
මෙන්ටවායි යනු ඉන්දුනීසියාවේ දේශීය ජන කොට්ඨාසයකි. ඔවුන් අලංකාර පච්ච සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. එමෙන් ම අර්ධ සංචාරක ජිවිතයක් ගත කරන ගෝත්‍රයක් ලෙස ද ඔවුහු ප්‍රචලිතය.
වෘත්තීය ඡායාරූප ශිල්පියකු වූ මොහොමඩ් සාලේ බින් ඩොලා පවසන්නේ මේ ගෝත්‍රිකයන්ට කිසිදු ගැටළුවක් නැති බවයි. අවම වශයෙන් ඔවුන් මිනිසා විසින් නිපදවන ලද ඖෂධ කිසිවක් භාවිතා කරන්නේ නැත.
ස්ත්‍රීන්ගේ ඇඳුමේ පටන් සියලු දේ ඔවුන් ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන සකසා ගැනීම විෆශ්ෂත්වයකි. උණ දැව හා තෘණ වර්ග යොදා සකස් කරගනු ලබන උමා නම් නිවෙස්වල මොවුහු දිවි ගෙවති. සංඛ්‍යා ලේඛන වාර්තා දක්වන්නේ ගෝත්‍රිකයන් 64,000ක් පමණ වාසය කරන බවයි.
ඔවුන් පවුල් වශයෙන් එක්ව ජීවත් වෙති. මේ සංඛ්‍යාව ඇතැම් විට සාමාජික සාමාජිකාවන් 30ත් 80ත් අතර ප්‍රමාණයක් දක්වා වෙනස් වෙයි.
ඡායාරූප ගත් මොහොමඩ් 2014 ජුලි මාසයේ දී මෙන්ටවායි ගෝත්‍රිකයන් සමග ටික දිනක් කල් ගතකිරීමට තරම් වාසනාවන්ත වූයේය.
‘‘ මේ ඡායාරූප ගැනීමට මා වාසනාවන්ත වුණා. මෙන්ටවායි ගෝත්‍රිකයන් සමග කාලය ගත කිරීම ඇත්තටම අපූරු අත්දැකීමක්. ඔවුන් තමන් සමග ජීවත්වන මිතුරකුට මෙන් මට උදව් උපකාර කළා. මේ ගෝත්‍රිකයන් අතර සිටින මිනිසුන් කිහිප දෙනකුට ඔවුන් සලකන්නේ වීරත්වයෙන්. මේ දූපතේ තියෙන විශේෂත්වය තමයි මෙහි සිටින සියලු දෙනා ඉතා සංතෝෂයෙන් ජීවත් වීම.“ මොහොමඩ් තම අත්දැකීම් විස්තර කළේ ඒ ආකාරයෙනි.






















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්රික් එහෙත් ගිහින්ද? කාන්තාවන් අර ඇඳුම් ගළවලා විසිකරලද කොහෙද? (නි)
කෙනත්, ඔබේ ඉතිහාස දැනුම වැරදියි. අනුරාධපුර අවුරුදු 1500 තරම් දිගු කාලයක් ලංකාවේ අගනුවර වූයේ නැහැ. පොළොන්නරු රාජධානිය පිහිටවූයේ විජයබාහු I රජු නොවෙයි. ඉංග්‍රීසි ජාතිය ගොඩනැඟෙන්නේ ක්‍රි.ව.1000 දී යන්නත් වැරදියි. මහාවංශය, චූලවංශය ආයෙත් කියවන්න. ඉංග්‍රීසි ඉතිහාසය ගැන දැනුමක් ඇතිකර ගැනීම සඳහා අඩු වශයෙන් ශාන්ත බීඩ්ගේ"අ හිස්ටරි ඔෆ් ද ඉංග්ලිෂ් චර්ච් ඇන්ඩ් පීපල්" කියවන්න. බ්‍රිතාන්‍ය දූපත් ක්‍රි.පූ. පළමු සියවසේ සිට බටහිර මුළු යුරෝපයත් සමඟ රෝමන් අධිරාජ්‍යයට යටත්ව තිබුන බව අමතක කරන්න එපා. ඔවුන්ට බොහොම දියුණු සංස්කෘතියක් තිබුනා (නි)
නියම පින්තුර ටිකක් හරිම ලස්සනයි (ම)
හොඳ ලිපියක් (නි)
කෙනත්, කුමාරගේ කතාව හරි. ලංකාවේ රජ පවුල් සහ සිටුවරු හැරුනහම අනෙක් වැසියෝ හිටියේ ඔය වගේ තමයි. ඕන තරම් සාක්ෂි තියෙනවා පින්තුරත් එක්ක. ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට ශිෂ්ට ලෙස වාසය කරන්න හැකියාව ලැබෙන්නේ යුරෝපියෝ ලංකාවට ආවට පස්සෙයි. ඊට කලින් තිබ්බේ කුල ක්‍රමයට වැඩ කටයුතු කිරීම සහ ජිවත් වීමයි. ඒවා ගැන ඕන තරම් අහල ඇතිනේ. වංසේ කබල් ගාල වැඩක් නෑ . (ර)
වාසනාවන්ත මිනිස්සු කොටසක්....(ම)
අවම වශයෙන් ඔවුන් මිනිසා විසින් නිපදවන ලද ඖෂධ කිසිවක් භාවිතා කරන්නේ නැත. ස්ත්‍රීන්ගේ ඇදුමේ පටන් සියලු දේ ඔවුන් ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන සකසා ගැනීම විශේෂත්වයකි. උණ දැව හා තෘණ වර්ග යොදා සකස්කරගනු ලබන උමා නම් නිවෙස්වල...... 12 වෙනි පින්තුරය දහසක් දේ කියවි හොඳට බැලුවොත් රොලෙක්ශ් වොච් එක (බ)
මම මේ පළාතට ගිහින් තියෙනවා. සුමාත්‍රා සිට මියන්මාරය දක්වා දුපත් 572 ක් තියෙනවා. ඉන් බොහොමයක ගෝත්‍රික වර්ග 26 ක් ජීවත් වෙනවා. ඉතාම සුන්දර දුපත්. සමහර දුපත් වල ගිනිකඳු තියෙනවා. (ර)
ඔරලෝසුව තුවක්කුව ඡායාරූප ශිල්පියාගේ වෙන්න බැරිද?? (බ)
"සියළු දේ ඔවුන් ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන සකසා ගැනීම විශේෂත්වයකි" ඒ වුනාට ඔරලෝසුව, තුවක්කුව ආදිය කොහොමද ලැබුනේ? පින්තුර ටික නම් හරිම ලස්සනයි. වෘත්තීය ඡායාරූප ශිල්පියකුම තමයි. (හේ)
අපේ රටෙි අයත් ගල් යුගයේදී මෙි විදිහට තමයි ඉන්න ඇත්තේ (හේ)
මේ ඉන්න දරුවන්ගේ අනාගතය කෙබඳු වේද? මුලික මිනිස් අයිතිවාසිකම් ස්පර්ශ කරන්නට මේ දරුවන්ට නොලැබේද? පරම්පරාව , ගෝත්‍රය වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය බිළිදෙයිද? (ම)
දුම්බොන්න පුරුදු කරලා තියෙනේ විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙසට.(හේ)
කුමාර ගල්ෆ් ගැන ඇතිවෙන්නේ දුකක්. ඔහු තමුන්ගේ දැනුමේ අඩුව පිළිබඳව දන්නේ නැහැ. කුමාර ගල්ෆ්, සුද්දන් වැද්දන් සේ ගල් ගුහාවල ජීවත්වන කාලවල ශ්‍රී ලංකාවේ රජමාලිගා ඉදිවුණා. ඒවායේ නුතන වැසිකිළි වලට සමාන වැසිකිළි පද්ධති සහ ජල පහසුකම් හා වැසිකිළි පෝච්චි/සෙප්ටික් වළවල් පවා තිබුනා. නිවාඩුවකට ගෙදර ආවහම අනුරාධපුරේ ගිහිල්ලා බලන්න (නි)
නුතන සමාජයෙන් ඈත්ව, තමන්ටම ආවේනික වූ ලොවක ජීවත් වෙන මෙම මිනිසුන් වාසනාවන්ත ජන කොට්ටාශයක් යයි මට සිතේ.අපට මෙන් නිමක් නැති,සංකීර්ණ අවශ්‍යතාවයන් ඔවුන්ට නැත.මව් කිරෙන් පෝෂණය වෙන ඔවුන්ගේ දරු පැටවුන් කෙතරම් නිරෝගී පෙනුමකින් යුතු පුෂ්ටිමත් දරුවන්ද..? (අ)
ඊතාමත් අනර්ඝ පින්තූර ටිකක් (හේ)
මානව අයිතිවාසිකම් ස්පර්ශ කරන්න වර්තමානයේ අපිට සිදු වුනේ අපේම වරද නිසා, ඒ නිසයි මානව අයිතිවාසිකම් කියල දෙයක් මේ ලෝකෙට බිහි වුනේ, ඇත්තටම හරිම ලස්සන ජීවිත,, සැහැල්ලු, සරල ජීවිත, (බ)
මට හිතෙනේවා මේ අයට කිසිම පිළිසරණක් නැති අය කියල. කොහොම වුනත් වැරදි පුරුදු කියල දුන්නත් නරකද. අන්තිමට වැඩේ දෙල් වෙනවනම් නොකර ඉමු නේද. ඔබලාට තෙරුවන් සරණයි. (බ)
කොළඹ ඉඳලා මහියංගනේ ගොහින් වැද්දන්ගේ පාට් එක රඟපාලා සල්ලි හොයන බුවල්ලො වගේද දන්නේ නෑ. කොහොම වුණත් බොඩි ෆිට්නස් එක නම් තියෙනවා (බ)
ගෝත්‍රිකයන්ගේ නිරෝගී බාවයට හේතුව ගසාකන පාලකයෝ නැති කමයි. (ර)
කාටත් කරදරයක් නෑ මේ වගේ පාඩුවේ ඉන්න තියෙනවා නම්.(හේ)
ලස්සන පින්තුර ටික - එත් දුම්බීම ඔවුන්ට පුරුද කලේ කව්ද ? (ර)
ප්‍රියන්තගේ අදහස නිවැරදියි. (ම)
හරිම චාම්, හරි සරලයි, එන ආත්මේ මම මේ වගේ තැනක ඉපදෙන්න ප්‍රර්ථනා කරනවා... නිකන් බොරු කියන්න එපා හලෝ. ඔය කියන එක්කෙනෙක්වත් යන්නේ නෑ ඔය විදියට ජිවත් වෙන්න. මට ඒක සීයට ලක්ෂයක් ෂුවර්. (බ)
මානව අයිතිවාසිකම් ස්පර්ශ කරන්නෙ මොකටද මේ දරුවෝ. මේ ඉන්න විදිහට ඉන්න දෙන එක තමයි හොඳම අයිතිවාසිකම. නුතන සමාජයේ මානව අයිතිවාසිකම් ගැන කතා කළාට ජනතාව ඉන්නෙ ඒ අයිතිවාසිකම් වලින් සන්නද්ද වෙලාද? නැහැ නේද. ඒ නිසා මේ ගෝත්‍රක මිනිසුන්ට මේ විදිහටම ඉන්න දෙන එක තමයි දෙන්න තිබෙන ලොකුම අයිතිවාසිකම. (නි)
කොහොමහරි අපේ මිනිස්සු ගිහින් මේ මිනිසුන්ගේ ජීවිත අඳුරේ හෙළන එක තමයි කරන්නේ. වනාන්තරේට වෙලාවත් අශීලාචාර ලෝකයෙන් ගැලවිලා ඉන්න දෙන්නේ නැති හැඩයි (නි)
හොඳ ලිපියක් (නි)
මගේ එකම ප්‍රාර්ථනය ඊ ළඟ ආත්මේ මේ ගෝත්‍රිකයෙක් වෙලා ඔවුන්ගේ රටේ ඉපදීම.. (ර)
විදේශිකයෝ එන්නට පෙර ලංකාවේ අය හිටියෙත් මේ වගේ තමා. (නි)
පොඩි දරුවා මයියොක්කා අල කපන හැටි දැකලා බය හිතුනා, අතවත් කපා ගනීවිදෝ කියලා.හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන ජන කොට්ඨාසයක් ආසා හිතෙනවා දැක්කාම. (බ)
කුමාර් ගල්ෆ්, ඉතිහාසය ගැන ඔබේ ඇති මාහැඟි දැනුම මෙවන් ප්‍රසිද්ධ ස්ථාන වල එළිදැක්වීම එතරම් ප්‍රියජනක නොවේ. උදාහරණයක් වශයෙන් ඔබ ඔය කියන සුද්දෝ නැත්නම් බ්‍රිතාන්‍යයෝ ඔවුන්ගේ ගෝත්‍ර වර්ග එකතුකොට ඉංග්‍රීසි ජාතිය ගොඩනඟන්නේ ක්‍රි. වර්ෂ 1000 දී පමණය. මේ වනවිට ලංකාව වසර 1500ක් අගනුවර වුණ අනුරාධපුරය අතහැර මහා විජයබාහු රජු සමඟ පොළොන්නරුවේ දෙවන රාජධානිය පිහිටුවයි. ලොව උසම ගොඩනැගිලි සෑදු සිංහලයෝ සමුදුරු පරයන කෘතීම වැව් සහ වාරි පද්ධතීන් සහිත මහා නගර බිහිකර අවසන්ව තිබුණි. (නි)
දුම්බොන්න පුරුදුකරල තියෙන්නේ මොහොමඩ් (බ)
කවුද දන්නේ නැහැ තුවක්කුව හැදුවේ. හැබැයි සෑහෙන නූතන දේවල් භාවිතා කරන බව නම් පෙනෙනවා (නි)
ලස්සන ෆොටෝ ටික..! (නි)
බොන සිගරැට් එකෙන් තමයි ගොඩක් දේවල් එළිවෙන්නේ (නි)
තුවක්කු විතරක්නම් මොකද ඔය රොකට් ලෝන්චර් එකකුත් කරේ එල්ලගෙන ඉන්නේ .. (ර)
පව් අර පුසයි බල්ලයි ඉන්න පොටෝ එක මිලියන ගානක වටිනා ස්වභාවික අරුත් කියාපාන ඡායා රුපයක් ඒ පුසා මොකක්දෝ කියනවා ඒ ආච්චිට .. .. ඒ ඡායාරූපය හරිම ලස්සනයි ..!අර පොඩි දරුවාව වතුරෙන් නාවන දර්ශනය හරිම ලස්සනයි ...? අපේ සිත්වල වගේ එමිනිස් සිත්වල කෙලෙස් නැහැ ....සැහැල්ලුයි ...ඔබ සැමට සෙතක් වේවා ...!(හේ)