ඇමරිකාව තුල ස්වයංක්‍රිය තිරිංග සහිත වාහන නිපදවීම එරට රජය විසින් අනිවාර්ය කිරීමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් අත්සන් කොට ඇතැයි වාර්තා වේ.

මෙම ගිවිසුමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමාගම් 20ක් පමණ එකඟතාවය පල කර ඇත.

කෙසේ වෙතත් එම ආරක්ෂක පද්ධතිය සහිත වාහන නිෂ්පාදනය කිරීමට වසර හයක් ගත වන බවත් 2022 වන විට ඇමෙරිකාවේ නිෂ්පාදනය වන සියලුම වාහන එම රෙගුලාසි වලට යටත් විය යුතු බවත් ස්වයංක්‍රිය තිරිංග පද්ධතියක් තිබීම අනිවාර්ය කර ඇති බවත් දැනගන්නට ලැබේ.

මෙම තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කැමරා සංවේදක සහ රේඩාර් පද්ධති මගිනි.

මාර්ගයේ ඇති වස්තුන් කැමරා සංවේදක මගින් නිරීක්ෂණය කොට හදුනාගෙන රියදුරු ක්‍රියා නොකරන්නේ නම් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක වී වාහනයේ වේගය අඩාල වී නැවත්වීමට මෙම පද්ධතියට හැකියාව ඇත.

මේ වන විටත් එම පද්ධතිය සහිත වාහන කිහිපයක් වෙළද පොලේ ඇති නමුත් බොහොමයක් වාහන ස්වයංක්‍රිය තිරිංග රහිතව නිෂ්පාදනය වේ. මෙම ගිවිසුමට අනුව වසර 6ක කාලයක් එම නිතිය ගෙන ඒමට වැඩි බවට විචාරකයන් පවසයි.

මන්ද යත් ඊට පෙර එම නිතිය ගෙනවිත් වසර හයක තුල සිදු වීමට හැකි අනතුරු සහ ජිවිත හානි රැසක් වලක්වාගත හැකි බව ඔවුන්ගේ මතය වි තිබේ.

එමෙන්ම මෝටර් රථ සමාගම් මෙම ගිවිසුමට වසර හයක කාලයක් ඇතුලත් කිරීමට හේතුව ඔවුන්ගේ නිෂ්පාදන කාලසටහන් වෙනස් කිරීමට අකැමති නිසා බවට එම විචාරකයෝ කියති.