ස්ලයිඩින් ස්ප්‍රිං ලෙස හඳුන්වන සී/2013 ඒ 1 නමැති වල්ගාතරුව ඉරිදා (19) අඟහරුට වඩාත් සමීපව ගමන් කරන මොහොතේ දී අඟහරු වටා කක්ෂගත කැර ඇති මාවෙන් අභ්‍යාවකාශ යානය උපයෝගී කරගෙන වල්ගාතරුව අධ්‍යයනය කිරීමට කටයුතු කරණ බව නාසා ආයතනය පවසයි.
වල්ගාතරුව ඉරිදා අඟහරු ග්‍රහයාට සැතපුම් 87,000ක් දුරින් ගමන් කරනු ඇත. එය පෘථිවිය හා සඳු අතර ඇති දුර මෙන් අඩකි. නාසා ආයතනය පවසන්නේ මේ අවස්ථාව වල්ගාතරුව ගවේෂණය කිරීමටත් වල්ගාතරුව හේතුවෙන් අඟහරුගේ වායුගෝලයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීමටත් මෙය මහඟු අවස්ථාවක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
නාසා ආයතනය පවසන්නේ අඟහරුමත ගොඩබස්වා ඇති කියුරියෝසිටි යානයෙන් ද වල්ගාතරුවේ හැසිරීම සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ලබාගත හැකිවන බවයි. පෘථිවියේ වායුගෝලයට වඩා අඩු ඝනත්වයකින් යුතු අඟහරු වායුගෝලයට වල්ගාතරුවේ දූවිලි අංශු මගින් විශාල බලපෑමක් ඇතිවේ යැයි විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.
හබල් දුරේක්ෂය ඇතුළු දුරේක්ෂ සියල්ල ඉරිදා මේ ධූම කේතුව හා අඟහරු ග්‍රහයා අධ්‍යයනයට යොමු කිරීමට ලොවපුරා තාරකා විද්‍යාඥයෝ සූදානම්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟහරු ලොවේ ජීවීන් නැති බව ලෝකයේ පිළිගත් විද්වතුන් කියනවා. එහෙම වුණත් එක මහත්මයෙක් ප්‍රචාරය කරන විදිහට නම් එයාලගේ කට්ටිය අඟහරු ලෝකේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලත් තියනවලු. (නි)
හවසට කල්පනා කරන්න කියාපු මාතෘකාව. (නි)
ඔක්කොම දුරේක්ෂ ටික අගහරු දිහා බලන ඉන්න වෙලාවේ අනිත් පැත්තෙන් ධුමකේතුවක් වත් අවොට් තමා ප්‍රශ්නේ.(හේ)
නාසා වලට පුදුම පිපාසයක් තියෙන්නේ විශ්වය,අඟහරු ගැන හොයන්න.සතුටු හිතෙනවා ඇත්තටම.බලමු මේ ගැන හොයාගන්න දේ (නි)
රොනී........තරුවට නෙමෙය් වල්ගයක් තියෙන්නේ , කියපු මහත්තයට. (බ)
ඔය ගැන වැඩිය හිතන්න එපා.(හේ)