ස්ලයිඩින් ස්ප්‍රිං ලෙස හඳුන්වන සී/2013 ඒ 1 නමැති වල්ගාතරුව ඉරිදා (19) අඟහරුට වඩාත් සමීපව ගමන් කරන මොහොතේ දී අඟහරු වටා කක්ෂගත කැර ඇති මාවෙන් අභ්‍යාවකාශ යානය උපයෝගී කරගෙන වල්ගාතරුව අධ්‍යයනය කිරීමට කටයුතු කරණ බව නාසා ආයතනය පවසයි.
වල්ගාතරුව ඉරිදා අඟහරු ග්‍රහයාට සැතපුම් 87,000ක් දුරින් ගමන් කරනු ඇත. එය පෘථිවිය හා සඳු අතර ඇති දුර මෙන් අඩකි. නාසා ආයතනය පවසන්නේ මේ අවස්ථාව වල්ගාතරුව ගවේෂණය කිරීමටත් වල්ගාතරුව හේතුවෙන් අඟහරුගේ වායුගෝලයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීමටත් මෙය මහඟු අවස්ථාවක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
නාසා ආයතනය පවසන්නේ අඟහරුමත ගොඩබස්වා ඇති කියුරියෝසිටි යානයෙන් ද වල්ගාතරුවේ හැසිරීම සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් ලබාගත හැකිවන බවයි. පෘථිවියේ වායුගෝලයට වඩා අඩු ඝනත්වයකින් යුතු අඟහරු වායුගෝලයට වල්ගාතරුවේ දූවිලි අංශු මගින් විශාල බලපෑමක් ඇතිවේ යැයි විද්‍යාඥයන්ගේ අපේක්ෂාවයි.
හබල් දුරේක්ෂය ඇතුළු දුරේක්ෂ සියල්ල ඉරිදා මේ ධූම කේතුව හා අඟහරු ග්‍රහයා අධ්‍යයනයට යොමු කිරීමට ලොවපුරා තාරකා විද්‍යාඥයෝ සූදානම්ව සිටිති.
2025 ඔක්තෝබර් මස 08
1832
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ස්ලයිඩිං ස්ප්‍රිං අඟහරු කළඹයි ?
රොකී Monday, 27 October 2014 03:47 AM
අඟහරු ලොවේ ජීවීන් නැති බව ලෝකයේ පිළිගත් විද්වතුන් කියනවා. එහෙම වුණත් එක මහත්මයෙක් ප්‍රචාරය කරන විදිහට නම් එයාලගේ කට්ටිය අඟහරු ලෝකේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලත් තියනවලු. (නි)
මහේන් Monday, 03 November 2014 05:27 PM
හවසට කල්පනා කරන්න කියාපු මාතෘකාව. (නි)
සිසිර Thursday, 23 October 2014 12:05 PM
ඔක්කොම දුරේක්ෂ ටික අගහරු දිහා බලන ඉන්න වෙලාවේ අනිත් පැත්තෙන් ධුමකේතුවක් වත් අවොට් තමා ප්‍රශ්නේ.(හේ)
භක්ති Sunday, 19 October 2014 10:10 PM
නාසා වලට පුදුම පිපාසයක් තියෙන්නේ විශ්වය,අඟහරු ගැන හොයන්න.සතුටු හිතෙනවා ඇත්තටම.බලමු මේ ගැන හොයාගන්න දේ (නි)
ඇන්ටන් Monday, 27 October 2014 11:35 AM
රොනී........තරුවට නෙමෙය් වල්ගයක් තියෙන්නේ , කියපු මහත්තයට. (බ)
කොඩිකාර Saturday, 01 November 2014 11:02 AM
ඔය ගැන වැඩිය හිතන්න එපා.(හේ)