IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සීල් මසුන්ගෙන් ලෝකයේ තොරතුරු සොයයි

සීල් මත්ස්‍යයින්ගේ නළලේ සවිකළ සංවේදකයන් මගින් ලෝකයේ අහුමුළුවල ඇති දුරස්ථ දත්ත සොයාගැනීමට විද්‍යාඥයන්ට උපකාරීවන බව ගෝලීය උණුසුම, අයිස් වැස්ම සහ කාලගුණ තත්ත්වය සම්බන්ධ වැදගත් පර්යේෂණයකදී සොයාගෙන ඇත.

එම ව්‍යාපෘතිය සඳහා සීල් මසුන් 1000ක් පමණ යොදාගෙන ඇති බවත් 2004 වසරේ සිට අන්තර්ජාතික පර්යේෂකයෝ ඒ සඳහා දත්ත එකතු කළහ.

මෙම දත්ත විවිධාකාරයෙන් උපයෝගී කරගෙන ග්ලැසියරවල චලනය හා ප්‍රමාණය නිර්ණය කර ගැනීමටත් ඒවා ලෝකයේ සමුද්‍රයන්හි පවතින ආකාරය සොයාගැනීමටත් යොදාගත් බව මෙම පර්යේෂණයට සම්බන්ධවූ ශාන්ත ඇන්ඩෘ විශ්ව විද්‍යාලයේ මයික් ෆෙඩෙක් ප්‍රංශ ඒ.එෆ්.පී පුවත්සේවයට ප්‍රකාශ කර ඇත.

සීල් මසුන් ගැඹුරු මුහුදේ අඩි 6,890 ක් පමණ යටට පිහිනා යාමට සැලැස්වීමෙන් මෙම තොරතුරු ලබාගන්නා බවද කියති. වතුරේ ඔක්සිජන් ප්‍රමාණය, ආම්ලීකරණය, කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නිර්ණය කිරීමට එම දත්ත උපයෝගී කර ගනී. ට්වීට් කරනවා වැනි ආකාරයෙන් ඉක්මනින්ම සීල් මසුන් භෞතික පරිසරය පිළිබඳ තොරතුරු ලබාදෙන බව විද්‍යාඥයෝ කියති.

පර්යේෂකයෝ මේ සඳහා ඉබ්බන්, තල්මසුන්, මෝරුන් ඇතුළු සියයකට ආසන්න සමුද්‍ර ජීවීන් යොදාගෙන අත්හදා බලා ඇතැයි කියති.

මෙම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීන්ලන්තය, නෝර්වේ, දකුණු අප්‍රිකාව හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් 11 ක් එක්වූ බවද විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි.



අදහස් (0)

සීල් මසුන්ගෙන් ලෝකයේ තොරතුරු සොයයි

දුමින්ද Thursday, 04 June 2015 06:34 AM

සතුන්ගේ කැමැත්ත ලැබුනද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site