අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්මට සමාන ග්‍රහලෝක අටකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ද තොරතුරු ප්‍රථම වරට අණාවරනය කරගැනීමට නාසා ආයතනය සමත්ව ඇත. ඔවුන් පවසන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2545ක් දුරින් පිහිටි ඩ්‍රැකෝ තාරකා මණ්ඩලයේ මෙය පිහිටා ඇති බවයි.
සූර්යයාට වඩා විශාල සහ තරමක් වැඩි උෂ්ණත්වයෙන් යුත් කෙප්ලර් -90 ලෙස නම් තබා ඇති තරුව වටා ග්‍රහලෝක අටක් පරිභ්‍රමණය වන බව තාරකා විද්‍යාඥයින් පවසයි. ඔවුන් පවසන්නේ මෙය අප සෞරග්‍රහ මණ්ඩලයේම කුඩා ආකෘතියක් ලෙස හැඳින්විය හැකි බවයි.
නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදු කල ගවේෂණ වලින් හෙළිවූ කරුණු පදනම් කරගෙන මෙම අණාවරනය සිදුකර ඇත. දැනට සිදුකරන ගවේෂණ මගින් මේ සම්බන්ද තවත් බොහෝ තොරතුරු හෙළිකරගැනීමට හැකිවනු ඇතැයිද නාසා ආයතනය පවසයි.



(බීබීසි ඇසුරිණි - 085)
COMMENTS
බුද්ධ දේශනාව විශ්වාස කරන කෙනෙක් හැටියට මට මේ ගැන විමතියක් නැත. ඉදිරියේදී තවත් මෙවැනි සොයාගැනීම් කෙරෙනු ඇති. නවීන විද්‍යාවට අනුගත වන ප්‍රධාන හා එකම ආගම බුදුදහම බව තව දුරටත් තහවුරු වන බව පමණක් කිව හැක.
බුද්ධ දේශනාව හෝ නවීන විද්‍යාව ගැන හෝ විශේෂඥ දැනුමක් මට නොමැති හෙයින් ප්‍රකාශ කරන්නට තිබෙන්නේ ප්‍රකාශ කරන්නට කිසිම ප්‍රකාශයක් මට නැති බව ය.
ඉස්ලාම් දේශනාව විශ්වාස කරන කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ සූර්යයා, චන්ද්‍රයා හා අනිකුත් වස්තූන් තමාගේ ගමන් මගෙහි රවුමක් ආකාරයට නියමිත වේගයෙන් ගමන් කරයි. සූර්යයා පෘතුවිය වටා ගමන් නොකරයි. නමුත් තමාගේ කක්ෂයක් වටා ගමන්කරයි. පෘතුවිය ගෝලාකාර නිසා රාත්‍රිය හා දහවල් කාලය ක්‍රමානුකූලව එකින් පසු අනික වශයෙන් බිහිවේ. කිසිම දිනක රාත්‍රිය විසින් දහවල් කාලය ඉක්මවීමක් හෝ ඒ අතර පරතරයක් හෝ රාත්‍රී දෙකක් එක ළඟ හෝ බිහි වෙන්නේ නැහැ. නමුත් පොළව මත සිටින මිනිසාගේ කෝණයෙන් මහා පොළව තැටියක් ආකාරයට දිස්වේ.
අවශ්‍ය නැහැ අලුත් ග්‍රහ ලෝක හොයන්න. තියෙන ලෝකය රැකගන්න මේ සල්ලි වියදම් කරන්න ඕනෑ. අපිට කවදාවත් ඕවයේ පදිංචි වෙන්න යන්න බැහැ. දුර වැඩියි. අනික මේ තියෙන ලෝකේ, අපිට ඔක්කොම තියෙනවා. පරිසරය රැකගන්න. විද්‍යාඥයෝ තමයි මේ මෝඩ වැඩවලට සල්ලි නාස්ති කරන්නේ. උල්කාපත වැස්ස එනවා කියලා කලින් කිව්වත්, නැතත් වෙනසක් නැහැ. ඕව කිව්වා කියල ඇති වාසිය මොකද්ද? නවත්තන්න බැහැනේ....
හැම දේකටම ආගම ගාවගන්න එපා. කුරානය කියන්නේ අනිත් ආගම්වලින් ටික ටික අහුලගත්තු දේවල්. අවුරුදු 1500 කට කලින් තිබ්බ... එහෙනම් හින්දු ආගමේ ඕවා කියලා තියෙන්නේ අවුරුදු 15000-20000 කට කලින්. ඔබ මේ 1500 ක් ගැන දොඩවනවා.
ඔය විවාදය නවතමු. සත්‍යය ජය ගනී. මතකයිනේ පානදුරා වාදය.
අද සිංහල පත්‍රයක තියෙනවා ක්‍රිස්තුවර්ෂ හත්සිය ගාණකට පසු දෙසැම්බර් 25 දිනක ඉපදුණු ආගමික නායකයෙකුගේ කේන්දර සටහනක්. කිසියම් ආගමික ශාස්තෘ කෙනෙක් ඉපදුණු දිනය නිවැරදිව කියන්න බැහැ. මක්නිසාදයත් වර්තමාන කැලැන්ඩරය හා ඉතිහාස දින ගලපන්න බැහැ..
මේක බුදු දහමේ විස්තර කරලා තියෙන්නේ උපමාවකින් අබ ඇට අහුරක් විසි කලොත් කීයක් පැළ වෙන්න පුළුවන්ද කියලා... ඒ නිසා අපි වගේ ලෝක ඕනේ තරම් තියෙනවා වගේම ඒවායේ ඇසට පෙනෙන නොපෙනෙන ජීවින් ඉන්නවා. එ්ක එහෙම විය යුතුයි. මොකද අපි විතරක් මුළු විශ්වයේම ඉන්නවා කියන එක තාත්වික නැහැ. ලෝක විෂය ගැන ඉගැනීමෙන් අපිට ඵලක් ලැබෙන්නේ නැහැ. වරක් මුගලන් හාමුදුරුවෝ විශ්වය ගැන හොයනකොට බුදු හාමුදුරුවෝ එ්ක වලක්වා තියෙනවා.
මෙන්න බුදුන් දේසනා කල දේ " ලෝක විෂය අචින්ත යි " ලෝකයේ සහ ජීවයේ මුල හොයන්න එපා .ජීවීන් ඉන්න වෙනත් ලෝක තිබෙනවා , මන්දාකිනි චක්‍රාවාට ගැන කියල තිබෙනවා. මුගලන් හිමිට කීවා විශ්වයේ කෙලවර හොයන්න එපා කියල.
ග්‍රහවස්තුන්ගේ චලිතය පිළිබඳව දැනගැනීමට, කක්ෂීය පතයින්ගේ ජයමිතිය නමින් ඇති වීඩියෝව නරඹන්න... ඔබේ අදහස් ලියන්න
තවමත් මේ ලෝකයෙම සාගර පතුල ගවේශනය නොකර යුනිවර්ස්,මල්ටිවර්ස් හොයන් යන ගමන අරුතක් අරුතක් ඇති දෙයක්ද? සනත්
විද්‍යාඥ ඇල්බට් අයිස්න්ටයින් එක තැනක කියල තියෙනවා, බුදුදහම ඉදිරියේ නවීන විද්‍යාව ළදරුවෙක් කියල. මට කියන්න තියෙන්නේ එච්චරයි.
බුද්ධ දේශනාවට අභියෝග කිරීමට කිසිවෙක් මේ විශ්වයේ පහල වුයේ නැත.
බුදු හාමුදුරුවොත් කිව්වා නේද ඔය වැඩක් නැති දේවල් හොයන්න එපා කියලා. දැන් ඉතින් යමල්ලකෝ පුලුවන්නම් ඒකට. පොළොවේ තිබුණු තෙල් ටිකත් දැන් බාගයක්ම පුච්චලා ඉවරයි. මුහුදු වතුරෙන් යන්න ක්‍රමයක්වත් හොයාගත්තොත්.
කට්ටියම වෙන රටක හිටිය කියන, කිව්වා කියල ඔහේ කියවනවා.කවුරුත් ඇමරිකාව තමන්ගේ සල්ලි වලින් ලෝකයට ප්‍රෙයා්ජනවත් වන සොයා ගැනීම් අනාගත ලෝකයටම වැදගත් වේවි .අවුරුදු 2500 ඉස්සෙල්ල බුදු හාමුදුරුවෝ මොනවා කිව්වද කියල නොදන්නා මෝඩයෝ කාලයෙන් කාලයට ආගම අලුත් කරන්නේ පිටරටවල සොයා ගැනීම් උපයෝගී කරගෙන.......................
ඔය මිත්‍යා විස්වාස දැන්වත් නවත්වන්න. පුලුවන්නම් මේ ගැන ඉගෙනගන්න පුළුවන් වෙබ් අඩවියක් මට එවන්න.
ස්ටීවන් හෝකින්ස් නමැති විසිඑක්වන සියවසේ බිහිවූ මහා මිනිසා නැවත ඉපදීම පිලිබඳ සංකල්පයට දැඩි ප්‍රහාර එල්ල කර ඇති බව රාමනායක මහතා නොදන්නේද?
අනේ යන්න...!!!