ලොව ඉතා දුර්ලභ මයුයි ඩොල්ෆින් සතුන් සංරක්ෂණය කිරිම නිසිපරිදි සිදු නොවන්නේ නම් ඔවුන් ඉදිරි වසර 15 දී මිහිතලයෙන් සමගන්නා බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.
ලොව දැකිය හැකි ඩොල්ෆින් සතුන් අතරින් වඩාත් කුඩා සිරුරකට හිමිකම් කියන මොවුන් දැකිය හැක්කේ නවසීලන්තයේ බටහිර වෙරළ තීරයේ පමණි. ඔවුන් දිගින් මීටර 1.5 ට වඩා අඩුය.
සත්ත්ව සංරක්ෂකයන් පවසන්නේ දැනට ලෝකයේ ඉතිරිව ඇති මයුයි ඩොල්ෆින් සතුන් සංඛයාව 50ට වඩා අඩු බවයි.
මසුන් අල්ලන දැල්වලට පැටලී මිය යාම මොවුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයකි. සත්ත්ව සංරක්ෂකයන් පවසන්නේ මේ ඩොල්ෆින් දිවිගෙවන ප්‍රදේශයේන ධීවර කටයුතු තහනම් කළ යුතු බබවයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දැනට ඇති දත්ත අනුව මේ සතුන් 43ක් හෝ 47ක් පමණ ප්‍රමාණයක් ලොව ජීවත්වන බවයි. එයින් පැටවුන් බිහිකළ හැකි වැඩුණු ගැහැණු සතුන් සිටින්නේ 10 දෙනකු පමණක් යැයි ද ඔවුහු පෙන්වාදෙති.
මෙම අධ්‍යනයේ තොරතුරු ඇමරිකවේ සැන් ඩයිගේ වල පැවැත්වු ජාත්‍යන්තර තල්මසුන් ගේ කොමිසම වෙත විද්‍යාඥයින් කමිටුවක් විසින් ඉදිරිපත් කර තිබේ.
නාබු නැමැති ජර්මානු සත්ව සංරක්ෂක සංවිධානයේ ප්‍රධානි ආචාර්ය බාබරා මැස් පවසන්නේ දැනට ඉතිරිව ඇති මෙම ඩෝල්පින් විශේෂය ගැන සත්ව සංරක්ෂකයන් ඉතාමත් අවදියෙන් සිටිය යුතු කාලය එලැඹ තිබෙන බවයි. ඩොල්පින්ගේ වාසස්ථාන අහිතකර මාළුන් අල්ලන දැල්වලින් බේරාගත යුතු බවත් මෙම පරිසර පද්ධතිය තෙල් සහ වායු කාන්දුවීම් වලින් වළක්වා ගත යුතු බවත් හෙතෙම පවසයි.
නවසීලන්ත සත්ව සංරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානවලට පවසා ඇත්තේ මේ දත්ත සම්බන්ධයෙන් කිසිවක් තවමත් ප්‍රකාශ කර නොහැකි බවයි. ඒ පිළිබඳව ප්‍රකාශ කල හැක්කේ විද්‍යාත්මක කමිටුව විසින් මේ සම්බන්ධයෙන් සොයාගත් කරුණු සහ ඒ ගැන කරණා ලද නිර්දේශ සැලකිල්ලට ගැනීමෙන් පසුව බවත් එම අමාත්‍යාංශය පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවත් රටවල් කරන පරිසර හානි ගැන නිහඩ වැඩියි. (ත)
මොනවද මේ කතා. ජපානයේ ඩොල්පින් මරනවා. (බ)
දැන් තියෙන නවීන මසුන් මරණ යාත්‍රා වල දැල් වලට මුහුදේ තියෙන හැම දෙයක්ම එකතු වෙනවා.(හේ)
අනිත් සත්තුන්ට මේ පෘතුවිය ඉතුරු කරලා මිනිසා කියන සත වඳ වෙලා යන්නේ නැහැ නේ (අ)
අපේ රටේ ඩොල්පින් සම්පත ආරක්ෂා කර ගනිමු.. (හේ)
හරිම කණගාටුයි (නි)