නූතන ලෝකයට සයිබර් ගස් වැල් සූදානම් බව ස්වීඩනයේ පර්යේෂකයෝ පිරිසක් කියති. කුඩා බොත්තමක් තද කිරිමෙන් ගෙවත්තේ ඇති රෝස මලක පැහැය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කැර ගැනීමේ යුගය දැන් උදාවී ඇත. මේ විශ්වකර්ම ක්‍රියාව සිදුකළ පර්යේෂකයන් පවසන්නේ රෝස ගසේ පත්‍රයේ යාන්ත්‍ර‍ණය වෙනස් කිරීමෙන් හෝ උත්තේජනය කිරීමෙන් මේ පුදුම සහගත ක්‍රියාව සිදුකළ හැකි බවයි.

ශාක පත්‍රයේ ඇති ජලය හා ආහාර ගෙන යන නාල පද්ධතිය හෙවත් සනාල කලපයේ වර්ධක හෝමෝන හා අයන උත්තේජනය වීමට සැලැස්වීම මෙහිදී සිදුකරයි. එමගින් වර්ණය වෙනස් කරීමට හැකි බවත් එය දැන් සාර්ථකව අත්හදා ඇති බවත් පර්යේෂකයෝ කියති.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍ර‍ධානි මහාචාර්ය මැග්නස් බර්ග්‍ර‍න් මහතා පවසන්නේ මෙය කාබනික ඉලෙක්ට්‍රොනික උපකරණයක් යොදාගෙන සිදුකරන බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි.

‘‘මෙය පුදුම සහගත දෙයක් ලෙස ලෝකයා දකීවි. විශ්ව රසායනයේ වෙනසක් ලෙස පෙනුනත් එය සිදුකළ හැකි දෙයක්. කෙසේ වෙතත් මේ සොයා ගැනීම හේතුවෙන් උද්‍යාන විද්‍යාව නියාමනය කරන්න පුළුවන් යුගයක් ඉදිරියේ දී බිහිවේවි. ඒ වගේම මේ ක්‍ර‍මය අස්වැන්න වැඩි කිරීමටත්, අනාගතයේ ඒවායේ ගුණාත්මක බව වැඩිකිරීමටත් යොදා ගත හැකි වේයැයි සිතනවා.“2EA6C28D00000578-3327793-image-a-3_1448060287404 2EA6C28800000578-3327793-This_research_has_the_potential_to_open_up_a_range_of_new_possib-m-4_1448060309479 - Copy