IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


සයිබර් තාක්ෂණය මලේ පැහැය වෙනස් කරයි

නූතන ලෝකයට සයිබර් ගස් වැල් සූදානම් බව ස්වීඩනයේ පර්යේෂකයෝ පිරිසක් කියති. කුඩා බොත්තමක් තද කිරිමෙන් ගෙවත්තේ ඇති රෝස මලක පැහැය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කැර ගැනීමේ යුගය දැන් උදාවී ඇත. මේ විශ්වකර්ම ක්‍රියාව සිදුකළ පර්යේෂකයන් පවසන්නේ රෝස ගසේ පත්‍රයේ යාන්ත්‍ර‍ණය වෙනස් කිරීමෙන් හෝ උත්තේජනය කිරීමෙන් මේ පුදුම සහගත ක්‍රියාව සිදුකළ හැකි බවයි.

ශාක පත්‍රයේ ඇති ජලය හා ආහාර ගෙන යන නාල පද්ධතිය හෙවත් සනාල කලපයේ වර්ධක හෝමෝන හා අයන උත්තේජනය වීමට සැලැස්වීම මෙහිදී සිදුකරයි. එමගින් වර්ණය වෙනස් කරීමට හැකි බවත් එය දැන් සාර්ථකව අත්හදා ඇති බවත් පර්යේෂකයෝ කියති.

පර්යේෂණ කණ්ඩායමේ ප්‍ර‍ධානි මහාචාර්ය මැග්නස් බර්ග්‍ර‍න් මහතා පවසන්නේ මෙය කාබනික ඉලෙක්ට්‍රොනික උපකරණයක් යොදාගෙන සිදුකරන බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි.

‘‘මෙය පුදුම සහගත දෙයක් ලෙස ලෝකයා දකීවි. විශ්ව රසායනයේ වෙනසක් ලෙස පෙනුනත් එය සිදුකළ හැකි දෙයක්. කෙසේ වෙතත් මේ සොයා ගැනීම හේතුවෙන් උද්‍යාන විද්‍යාව නියාමනය කරන්න පුළුවන් යුගයක් ඉදිරියේ දී බිහිවේවි. ඒ වගේම මේ ක්‍ර‍මය අස්වැන්න වැඩි කිරීමටත්, අනාගතයේ ඒවායේ ගුණාත්මක බව වැඩිකිරීමටත් යොදා ගත හැකි වේයැයි සිතනවා.“2EA6C28D00000578-3327793-image-a-3_1448060287404 2EA6C28800000578-3327793-This_research_has_the_potential_to_open_up_a_range_of_new_possib-m-4_1448060309479 - Copy



අදහස් (0)

සයිබර් තාක්ෂණය මලේ පැහැය වෙනස් කරයි

අසංක Wednesday, 25 November 2015 03:39 PM

සොබාදහම වෙනස් කරපු කිසිම තැනක ලෝකය දිනලා නෑ ඒ නිසා සොබාදහම මව ලබාදුන්නු ඒවා ඒ විදිහට තියෙන්ඩ දෙන්ඩ (බ)

:       0       0

ලක්සිරි Monday, 23 November 2015 08:54 AM

මෙය සොබාදහම වෙනස් කිරිමක් හැටියටම මන් දකින් නැහැ. මෙහිදී උපයෝගී කරගැනෙන්නේ ස්වාභාවිකම ක්‍රියාවලිය මාරු කිරිමක් පමණි. එනම් කහ පැහැය රතු පාටට හැරවීම ස්වභාවික ක්‍රියාවලියම උපයෝගී කරගැනීමෙන් පාට වෙනස් කිරීම පමණි. (ම)

:       0       0

සංජය Friday, 27 November 2015 10:02 AM

විද්‍යාවෙන් කරන්නේ මේ මිහිපිට තියෙන සියලු සම්පත් මිනිසා ගේ සුඛ විහරණය සඳහා විනාශ කිරීමයි .. වෙනත් කිසිම සතෙක් නොකරන මේ විනාශය නිසා පෘථිවිය වැඩි කල් නොගොස් විනාශ වෙනවා .බෙහෙත් වලින් කරන්නේ පරිසරයට ඔරොත්තු නොදෙන පරම්පරාවන් ඉදිරියට ගෙන යාම .. ඒක නිසා ජනගහනය ස්වාභාවිකව පාලනය නොවෙනවා පරිසරයට ඔරොත්තු නොදෙන ලෙස ජනගහනය වැඩි වෙනවා (ම)

:       0       0

අබය Sunday, 22 November 2015 11:48 PM

ඉදිරියට මේ ලෝකේ මොන දේ කරයිද කියලා දෙයියෝ තමයි දන්නේ.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 November 2015 09:10 AM

රතු ඉන්දියානු නායකයා සියැටල් කියපු කතා හැබෑ වෙනවා නේද ?(ම)

:       0       0

කිත්සිරි Monday, 23 November 2015 01:48 AM

මම නම් මේ දේවල් වලට කැමති නැහැ (නි)

:       0       0

ජයත් Wednesday, 25 November 2015 02:32 AM

ගසට අලුතින් මලක් පළඳවන්නට බැරිය ගසම හිතෙන දිනක ගසම මලක් පුබුදුව ගත්තාවේ - .(රේ)

:       0       0

සොපී Monday, 23 November 2015 01:45 AM

සොබාදහම වෙනස් කරන්න පෙර දෙවරක් හිතන්න (නි)

:       0       0

අබරන් Friday, 04 December 2015 04:58 AM

බුදුන්ගේ කාලයේත් තාක්ෂණය තිබුනා. කෘෂිකාර්මික මෙවලම් යුද උපකරණ ආදිය දියුණුවෙලා තමයි මේ යුගයට ඇවිල්ලා තියෙන්නේ. තාක්ෂණයේ නිමාවක් නැහැ. අසීමිත ආශාව. (නි)

:       0       0

මැටිපහන Monday, 23 November 2015 09:56 AM

අපි ගන්න ඉන්ජෙක්ෂන්, බෙහෙත් වලිනුත් කරන්නේ සොබාදහමට විරුද්ධ දෙයක් නේද? සොබාදහම රැකීම, විනාශ කිරීම, අවශ්‍ය විදියට වෙනස් කර ගැනීම, මේ හැම දෙයක්ම මිනිසා සතු දෙයකි. (බ)

:       0       0

දයානන්ච Monday, 07 December 2015 10:57 AM

මීට පස්සේ දේශපාලකයින්ට මල් මාලා පැලද වීම,මල් කළඹ පිලිගැන්ව්විම තහනම් කරනවා...ඇයි දේශපාලන හතුරෙක් ඉදලා බොත්තමක් ඔබලා පාට මාරු කලොත් ඔක්කොම හබක්.....(ම)

:       0       0

ගයාන් Thursday, 26 November 2015 01:47 AM

දුකත් හිතෙනවා සමහරුන්ගේ අදහස් දැක්කහම. මේකේ විද්‍යාත්මක වටිනාකම බලන්නේ නැතුව ඔහේ කියවනවා. ඕක නිසා තමයි අපේ රටට වඩා බටහිර රටවල තාක්ෂණය ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ. සොබාදහම විනාශ කිරීම එක දෙයක්. ඒක මිනිසාට අවශ්‍ය පරිදි හසුරවා ගැනීම තව දෙයක්. එහෙම නොකළා නම් මිනිසා තාමත් ගල් යුගයේ. මම සුභ පතනවා. පරීක්ෂණය සාර්ථක වෙන්න ඕනෑ. (නි)

:       0       1

ඉන්දික Monday, 23 November 2015 05:08 AM

හරිහැටි නොදැන වෙනස් කරන එකෙයි ප්‍රශ්නය තියෙන්නේ. එක නිසයි ලෝකයේ මෙතක් විනාශකාරී තත්ත්ව ඇති වුණේ. හරියටම සත්‍ය දැනගෙන කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.(ම)

:       0       0

සුනිල් Sunday, 29 November 2015 02:46 PM

ඔය දැනුම හොඳ දෙයකට යෙදුවා නම්...... (නි)

:       0       0

නුවන් Thursday, 26 November 2015 03:36 AM

ස්වභාවික ක්‍රියාවලියම යොදාගෙන මලක පැහැය වෙනස් කිරීමේදී ස්වභාව ධර්මය විනාශකිරීමක් නම් පෙනෙන්නෙ නැහැ. කොහොම නමුත්, ඔවැනි පර්යේෂණ නොමැති නම් මේ බොහෝ දෙනෙක් මෙතන අදහස් දක්වන්න ජීවත්වෙන එකක් නැහැ. (නි)

:       0       0

සංජය Monday, 23 November 2015 05:57 AM

මේ වගේ දේවලින් පෙනී යන්නේ දැන හෝ නොදැන නවීන තාක්ෂණය විශ්වයට නිකුත් කරන තරංග ජිවින්ට මොන තරම් හානිකර වෙනවා ඇතිද ? (ම)

:       0       0

දම්මි Tuesday, 24 November 2015 01:34 PM

මේ නවීන විද්‍යාවේ දියුණුව කියන්නෙ ලෝකයේ විනාශය අතළඟම බව නේද? රසකාරක,වර්ණකාරක, ජාන තාක්ෂණයෙන් නිපදවූ ආහාර ආදී මෙකී නොකී සියල්ල අවසානයේදී පිළිකාකාරක. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ එක ලෙඩක්වත් තියෙනවද? (නි)

:       0       0

සාරසි Wednesday, 02 December 2015 03:20 PM

මිනිස්සුත් පාට වෙනස් කර ගනී.(හේ)

:       0       0

කුමාර් Monday, 23 November 2015 09:46 PM

මේ අය නුදුරු අනාගතයේදීම ගැහැණු -පිරිමි බවත් වෙනස් කරයි. මේ සියල්ල ලෝකයේ පරිහානියටයි වෙන්නේ (නි)

:       0       0

නිරාන් Monday, 23 November 2015 11:41 PM

මෙය අනුමත කරන්න බැහැ. මේ දේවල් නිසා අනාගත ලෝකය විශාල අර්බුද වලට මුහුණදේවි (නි)

:       0       0

විකුම් Tuesday, 24 November 2015 12:17 AM

සොබාදහම වෙනස් කරන එක එච්චර ගුණ නැහැ (නි)

:       0       0

කින් බෙනට් Monday, 23 November 2015 01:04 PM

එහෙම කලාම පිළිකා රෝගීන් එහෙමත් තව වැඩි වෙයි. (ර)

:       0       0

දිල්ෂාන් Monday, 23 November 2015 06:55 AM

සොබා දහම වෙනස් කිරීමෙන් මෙතෙක් ලබාගත් අනිටු ප්‍රතිපල මදිවට තවත් ගොන්කම්. (ම)

:       0       0

තනුර Saturday, 28 November 2015 09:16 AM

තාක්ෂණයේ දියුණුව යනු මිනිසාගේ පිරිහීමේ ඇරඹුම බව බුදුන් වහන්සේ දේශනා කර තිබේ. තාක්ෂණය අපේ කටයුතු සදහා සුබවාදීව යොදා ගත්තාට කමක් නැහැ. (නි)

:       0       0

කින් බෙනට් Monday, 23 November 2015 01:10 PM

ලක්සිරි, කහපාට දෙන්න ඕන එකට සොබාදහම කහපාට දීලා තියෙන්නේ ඒක රතු පාට කරන්න නෙමෙයි. (ර)

:       0       0

බෙනට් Monday, 23 November 2015 01:09 PM

මොනතරම් ලස්සන ලෝකයක්ද මේ එක එක අනවශ්‍ය පරීක්ෂණ වලින් විනාශ කරලා දමන්න හදන්නේ ..මොකද මේ වගේ ලෝකයක් වෙන කොහෙවත් තියෙනවද මේක විනාශ කලාම ගිහින් පදිංචි වෙන්න . (අ)

:       0       0

දිසානායක Monday, 23 November 2015 01:28 PM

අනේ මන්ද මලකටවත් නිකන් ඉන්නේ දෙන්නේනැති හැටි රතු මලක් කඩෙන් අරන් ගෙදර ගෙනැල්ලා බලනකොට කහ වෙලා තිබුනොත් නෝනාගෙන් බැනුම් අහන්න තමා වෙන්නේ, අපොයි දෙයියනේ . (අ)

:       0       0

අබරන් Tuesday, 24 November 2015 08:54 AM

සොබා දහම නමැති ධර්මතාවය වෙනස් කිරීමට කිසිම ජගතෙකුට නොහැක. මිනිසා කරන්නේ සොබා දහම උපයෝගී කරගෙන යම් යම් නිර්මාණ කිරීමයි. එය හරි හැටි තේරුම් ගන්න.අපි අද ලෝකයේ ජීවත් වනුයේ සොබා දහම උපයෝගී කරගෙන මිනිසා විසින් කරන ලද නිර්මාණ භුක්ති විඳිමින්ය .(ම)

:       0       0

ගාමින්ද Wednesday, 25 November 2015 02:46 PM

වෙනස යහපත් වෙනසක් වෙයිද.? (ර)

:       0       0

ජයනාත් Friday, 04 December 2015 02:04 AM

මේ විකාර වැඩවලට නාස්තිකරන සල්ලි වලින් අපේ වගේ දුප්පත් රටක බඩු මිල අඩුකරන්න ආධාරයක් කළා නම් කොච්චර වටිනවද? (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Monday, 23 November 2015 08:12 AM

සොබාදහමෙන් අපට ලැබුණ චමත්කාරය කෘත්‍රිමව වෙනස් කරන්නට යන්නේ ඇයි....?වටිනාකම තිබෙන්නේ සොබාදහමෙයි.. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2156 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6060 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 522 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1978 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1739 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site