ටයිටේනියම් නමැති ලෝහය බහුලව ඇති කදු චන්ද්‍රයා මතුපිට දක්නට ලැබෙන බව පර්යේෂකයෝ කියති.
මේ හෙළිදරව් කිරීම කර ඇත්තේ චීනයේ ජේඩ් රැබිට් රෝවරය විසින් සඳ මතුපිටින් ගන්නා බැසොල්ට් නමැති ගල් වර්ගයක සාම්පල පරීක්ෂා කිරීමෙනි.
විද්‍යාඥයන් පවසන්නේ සඳ මත පවතින ගිනිකඳු ස්වභාවය ගැන දැන් අවධානය යොමුකර ඇති බවයි.
මෙම කඳුවල අනර්ඝතම ටයිටේනියම් ඩයෝක්සයිඩ්, යකඩ සහ මැග්නීසියම් යන ඛණිජවලින් සමන්විත ඔලිවින් නැමැති මූලද්‍රව්‍ය වල සම්මිශ්‍රණයක් ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.
චන්ද්‍ර ගවේෂණයට චීනය මේ රෝවරයට යවන ලද්දේ 2013 වර්ෂයේ දී ය. එම වසරේ දෙසැම්බරයේ සිට රෝවරය සඳ මතුපිට ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදී.
නාසා මගින් සිදුකළ ඇපලෝ ගමන්වල දී එවන ලද චන්ද්‍රයාගේ බැසෝල්ට් සාම්පල වලට වඩා හාත්පසින් වෙනස් ස්වරූපයක් චීන ජේඩ් රැබීඩ් මගින් මගින් සොයාගත් සාම්පල වල තිබෙන බව පර්යේෂකයෝ කියති.
ඇමරිකානු සහ චිනයේ ෂැන්ඩොන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් එක්ව මේ සොයා ගැනීම නේචර් කොමියුනිකේෂන් නමැති ජාත්‍යන්තර විද්‍යා සගරාවේ ප්‍රසිද්ධ කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයිබලයට අනුව හදේ තියන්නේ ගොම සහ සුදු මැටි (බ)
මාතෘකාවට අපි බහිමු. ටිටේනියම් වැනි බැරලෝහ හා වෙනත් අග්නිය පාසාන මතුපිට පෘතුවියට වඩා ඇත්තේ පාසාන දිරායාමට අවශ්‍ය තෙතමනය හා ඔක්ෂිජෙන් නොමැති වීම් සමග වැස්ස නැතිවීම. එනිසා වැඩිපුර තිබිය හැක්කේ අගනේය පාසාන සම්බන්ද කනිජ වර්ග. (අ)
අහන්නත් පුදුමයි (නි)
මෙතන බොරු හෙළි වීමක් නෑ.රටවල් දෙකේම පිරිසක් එකතුවෙලා තමයි මේ පර්යේෂණය කරන්නේ.ඇමරිකාව ඇපලෝ යානා යවලා හඳේ පස් ගෙනාවේ දශක ගණනාවකට කලින්.ඊට පස්සේ හඳේ මතුපිට වෙච්ච වෙනස් කම් ගැනයි මේ කියන්නේ. (කෞ)
ආගම වලින් අප බලපොරෝතු වන සාමය හා හැදියාව මිසක් නොතේරෙන දේවල් ඇද දමා බල්දුකරන් න එපා. හැම ආගමකම නොතේරෙන පැත්ත නොසොයා සාමය සතුටට ඇතිදේ ගැන හිතමු. (අ)
හොඳ නිගමනයක්.(හේ)
මම කලින් කමෙන්ට් දාපු ගයාන් නෙමෙයි. මමත් බෞද්ධයෙක් හැබයි ධනු කියන කතාව නං අහල නෑ.මන් දන්නා විදියට බුදු හාමුරුවෝ කවදාවත් එහෙම කියල නෑ.මාතෘකාවට එනවා නං මගේ අදහස තමා අභයවකාශයෙන් අපිට ඕනි කරන සම්පත් ගෙන්න පුළුවන්.එ්ක දැනටමත් ක්ෂය වෙමින් යන භූ සම්පත් හිගයට විසදුමක් වේවි.නාසා ආයතනය දැනටමත් ඒ ගැන පරීක්ෂණ කරනවා.එයාල උත්සහ කරනවා අඟහරු සහ බ්‍රහස්පති අතර ඇති ඇස්ට්‍රොයිඩ වළල්ලෙන් සම්පත් වලින් පොහොසත් විශාල අැස්ට්‍රොයිඩයක් ඇදගෙන ඇවිත් පෘතුවිය වටා කක්ෂයක රදවල එහි ඇති කණිජ සම්පත් පෘතුවියට ගෙන්න.(බ)
අස්ටරොයිඩ් ඇදගෙන විත් පෘථිවිය වටා කරක් ගැසුවාට කවදා හෝ ටිකින් ටික ගුරුත්වාකර්ෂණය නිසා හා එයට ලබාදුන් හෝ තිබී ඇති වේගය අඩුවුණොත් පොළොවට කඩාවැටීම් ගැන මොකද හිතන්නේ. අපිට තිබෙන විනාශ මදිවාට තවත් අවශ්‍යද? (නි)
දැන්මම ගියොත් ඉක්මනට පොහොසතෙක් වෙන්න පුළුවන්. (නි)
සඳ ලස්සනයි, බෝලයි. (ර)
වටිනා කනිජ කෙසේ වෙතත් අභ්‍යවකාශ සුන්බුන් නම් අපිට ඇතිවෙන්න හම්බ වේවි. (ර)
මම හිතන්නේ ප්‍රශ්නය බරපතල් විදියට නොව, හදට හිරුඑළිය වැටුනම එය ගැන ඝන වස්තුවක් නිසා ආලෝකය යම්කිසි ප්‍රමාණයකට අපට ප්‍රවර්තනය වනවා එනිසා අපට සදු පෙනේ. තවද අපට වැටෙන සුරියලෝකය අප හදට පරාවර්තනය කරන නිසා සාදුගේ සුර්යාලෝකය නොවැටුන පැත්ත යන්තමට ( පෝය නොවනදින ) සාදුගේ ගෝලයක් සේ අපට පෙනේ.එම අප දෙන පරාවර්තන සුර්ය එලිය වගේ හයන් එක්ගුනයක් අපට සදුගෙන් ලැබෙන්නේ. එහෙත් හිරුගේ ආලෝකය රෑට අපසිටින පැත්තට වැටුනේ නැතිනිසා හා වෙනත් ඝන, වායු හෝ ද්‍රව එම සුර්ය හා හද අතර නැතිනිසා නැවත පරාවර්තන නොවන නිසා අදුරක් ලෙස පෙනේ. එනිසා අප හා සදු අතර සුර්යාලෝකය තිබුණත් අපට පරාවර්තන කරන්න දෙයක් අතර නැති නිසා අහස අදුරේ. (අ)
හොඳ ලිපියක්.(හේ)
මම කිව්වේ තාම නාසා ආයතනය ඒ ගෙන පරයේෂණ කරනවා කියල.ඒවාට තමා විද්‍යාව තියෙන්නේ.මේවා ගේන්නේ රොකට් එන්ජින් සහිත යානා වලින් කක්ෂගත කරන්නෙත්,වැඩේ ඉවර වුනාට පස්සේ ඈත අභ්‍යවකාශයට මුදාහරින්නෙත් මේ යානා වල උදව්වෙන්. එයාල ගණනය කරලා තියන විදියට මේ ක්‍රමයෙන් පෘතුවියේ දැනට ඉතා ඉහල මිලකට තියන ලෝහ අඩු මිලකට පෘතුවියට ගෙන්න පුළුවන්.(බ)
හඳේ පමණක් නොව ඕනෑම ග්‍රහලෝකයක අවශ්‍ය උෂ්ණත්වය පීඩනය අවශ්‍ය මුලද්‍රව්‍ය සමඟ පරිසරය තිබුනා නම් දුර්වල ඛණිජ වර්ග හැදෙන්න පුළුවන්. (නි)
බෙනට්, ඒකට හේතුව සඳේ වායුගෝලය ඉතා තුනීවීම. අපේ අහස නිල් පාට අපිට ඝන වායුගෝලයක් තිබෙන නිසා වගේම ඒකේ වැඩිපුරම අන්තර්ගත නයිට්‍රජන් වැනි වායු නිල් පැහැවීම (විශාල ප්‍රමාණයක් එකතු කල විට). ඇත්තටම අපි ඉන්නේ වායු සාගරයක කිමිදිලා. අපිට එළිය වැටෙන්නේ ඒ වායු සාගරය හරහා නිසයි නිල් අහසක් අපිට පෙනෙන්නේ. (නි)
බුදු දහමට අනුඅනුව සදේ තියෙන්නේ මැණික් සහ රිදී (ම)
ඇමෙරිකාවේ බොරුව චීන වැඩෙන් හෙළිවුණා (නි)
ඇයි මේ සඳට ආලෝකය වැටිලා තියෙද්දිත් අහස ගණ අන්දකාර ? (කෞ)
ගයාන්, ඔයාගේ කතාවේ වැරදි ගොඩක් තිබෙනවා. හඳේ වායුගෝලය තුනී නොව වායුගෝලයක් නැහැ හඳට. අපේ අහස නිල් පාට නයිට්‍රජන් වායුව ගොඩක් තිබෙන නිසා නොව එම වායුවෙන් හිරු එළියේ තිබෙන නිල් වර්ණය විහිදුවා යවන නිසා. අපි හරි දේ හරි විදිහට දැනගන්න එක හොඳයි නේද? (නි)
රත්තරන් වෙනුවෙන් හූල්ලන අපේ මිනිසුන් හඳට යවන ක්‍රමයක් නැද්ද? මුළු විශ්වය පුරාම සම්පත් පිරිලා. ඒත් අපි දුප්පත් (නි)