IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සඳ මත ටයිටේනියම් කඳු වැටි ?

ටයිටේනියම් නමැති ලෝහය බහුලව ඇති කදු චන්ද්‍ර‍යා මතුපිට දක්නට ලැබෙන බව පර්යේෂකයෝ කියති.

මේ හෙළිදරව් කිරීම කර ඇත්තේ චීනයේ ජේඩ් රැබිට් රෝවරය විසින් සඳ මතුපිටින් ගන්නා බැසොල්ට් නමැති ගල් වර්ගයක සාම්පල පරීක්ෂා කිරීමෙනි. 

විද්‍යාඥයන් පවසන්නේ සඳ මත පවතින ගිනිකඳු ස්වභාවය ගැන දැන් අවධානය යොමුකර ඇති බවයි.

මෙම කඳුවල  අනර්ඝතම ටයිටේනියම් ඩයෝක්සයිඩ්, යකඩ සහ මැග්නීසියම් යන ඛණිජවලින් සමන්විත ඔලිවින් නැමැති මූලද්‍රව්‍ය වල සම්මිශ්‍ර‍ණයක් ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.

චන්ද්‍ර‍ ගවේෂණයට චීනය මේ රෝවරයට යවන ලද්දේ 2013 වර්ෂයේ දී ය. එම වසරේ දෙසැම්බරයේ සිට රෝවරය සඳ මතුපිට ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදී.

නාසා මගින් සිදුකළ ඇපලෝ ගමන්වල දී එවන ලද චන්ද්‍රයාගේ බැසෝල්ට් සාම්පල වලට වඩා හාත්පසින් වෙනස් ස්වරූපයක් චීන ජේඩ් රැබීඩ් මගින් මගින් සොයාගත් සාම්පල වල තිබෙන බව පර්යේෂකයෝ කියති.

ඇමරිකානු සහ චිනයේ ෂැන්ඩොන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් එක්ව මේ සොයා ගැනීම නේචර් කොමියුනිකේෂන් නමැති ජාත්‍යන්තර විද්‍යා සගරාවේ ප්‍රසිද්ධ කර ඇත.

New type of rock 2 New typy of rock 5 - Copy

 



අදහස් (0)

සඳ මත ටයිටේනියම් කඳු වැටි ?

සුදත් Saturday, 30 January 2016 09:43 AM

බයිබලයට අනුව හදේ තියන්නේ ගොම සහ සුදු මැටි (බ)

:       0       0

කරු ජයසුන්දර Saturday, 09 January 2016 06:32 AM

මාතෘකාවට අපි බහිමු. ටිටේනියම් වැනි බැරලෝහ හා වෙනත් අග්නිය පාසාන මතුපිට පෘතුවියට වඩා ඇත්තේ පාසාන දිරායාමට අවශ්‍ය තෙතමනය හා ඔක්ෂිජෙන් නොමැති වීම් සමග වැස්ස නැතිවීම. එනිසා වැඩිපුර තිබිය හැක්කේ අගනේය පාසාන සම්බන්ද කනිජ වර්ග. (අ)

:       0       0

නුවන් Wednesday, 27 January 2016 03:59 AM

අහන්නත් පුදුමයි (නි)

:       0       0

හිමාල් Friday, 01 January 2016 07:03 AM

මෙතන බොරු හෙළි වීමක් නෑ.රටවල් දෙකේම පිරිසක් එකතුවෙලා තමයි මේ පර්යේෂණය කරන්නේ.ඇමරිකාව ඇපලෝ යානා යවලා හඳේ පස් ගෙනාවේ දශක ගණනාවකට කලින්.ඊට පස්සේ හඳේ මතුපිට වෙච්ච වෙනස් කම් ගැනයි මේ කියන්නේ. (කෞ)

:       0       0

කරු Monday, 08 February 2016 11:18 AM

ආගම වලින් අප බලපොරෝතු වන සාමය හා හැදියාව මිසක් නොතේරෙන දේවල් ඇද දමා බල්දුකරන් න එපා. හැම ආගමකම නොතේරෙන පැත්ත නොසොයා සාමය සතුටට ඇතිදේ ගැන හිතමු. (අ)

:       0       0

හරින්ද්‍ර Tuesday, 26 January 2016 07:41 AM

හොඳ නිගමනයක්.(හේ)

:       0       0

ගයාන් ප්‍රියන්ත Tuesday, 19 January 2016 02:03 PM

මම කලින් කමෙන්ට් දාපු ගයාන් නෙමෙයි. මමත් බෞද්ධයෙක් හැබයි ධනු කියන කතාව නං අහල නෑ.මන් දන්නා විදියට බුදු හාමුරුවෝ කවදාවත් එහෙම කියල නෑ.මාතෘකාවට එනවා නං මගේ අදහස තමා අභයවකාශයෙන් අපිට ඕනි කරන සම්පත් ගෙන්න පුළුවන්.එ්ක දැනටමත් ක්ෂය වෙමින් යන භූ සම්පත් හිගයට විසදුමක් වේවි.නාසා ආයතනය දැනටමත් ඒ ගැන පරීක්ෂණ කරනවා.එයාල උත්සහ කරනවා අඟහරු සහ බ්‍රහස්පති අතර ඇති ඇස්ට්‍රොයිඩ වළල්ලෙන් සම්පත් වලින් පොහොසත් විශාල අැස්ට්‍රොයිඩයක් ඇදගෙන ඇවිත් පෘතුවිය වටා කක්ෂයක රදවල එහි ඇති කණිජ සම්පත් පෘතුවියට ගෙන්න.(බ)

:       0       0

කරු ජයසුන්දර Wednesday, 20 January 2016 02:47 AM

අස්ටරොයිඩ් ඇදගෙන විත් පෘථිවිය වටා කරක් ගැසුවාට කවදා හෝ ටිකින් ටික ගුරුත්වාකර්ෂණය නිසා හා එයට ලබාදුන් හෝ තිබී ඇති වේගය අඩුවුණොත් පොළොවට කඩාවැටීම් ගැන මොකද හිතන්නේ. අපිට තිබෙන විනාශ මදිවාට තවත් අවශ්‍යද? (නි)

:       0       0

සාමා Saturday, 26 December 2015 02:31 AM

දැන්මම ගියොත් ඉක්මනට පොහොසතෙක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

තිවින් Friday, 15 January 2016 06:52 AM

සඳ ලස්සනයි, බෝලයි. (ර)

:       0       0

දිනේෂා Tuesday, 09 February 2016 10:35 AM

වටිනා කනිජ කෙසේ වෙතත් අභ්‍යවකාශ සුන්බුන් නම් අපිට ඇතිවෙන්න හම්බ වේවි. (ර)

:       0       0

කරු ජයවරධන Saturday, 09 January 2016 03:21 AM

මම හිතන්නේ ප්‍රශ්නය බරපතල් විදියට නොව, හදට හිරුඑළිය වැටුනම එය ගැන ඝන වස්තුවක් නිසා ආලෝකය යම්කිසි ප්‍රමාණයකට අපට ප්‍රවර්තනය වනවා එනිසා අපට සදු පෙනේ. තවද අපට වැටෙන සුරියලෝකය අප හදට පරාවර්තනය කරන නිසා සාදුගේ සුර්යාලෝකය නොවැටුන පැත්ත යන්තමට ( පෝය නොවනදින ) සාදුගේ ගෝලයක් සේ අපට පෙනේ.එම අප දෙන පරාවර්තන සුර්ය එලිය වගේ හයන් එක්ගුනයක් අපට සදුගෙන් ලැබෙන්නේ. එහෙත් හිරුගේ ආලෝකය රෑට අපසිටින පැත්තට වැටුනේ නැතිනිසා හා වෙනත් ඝන, වායු හෝ ද්‍රව එම සුර්ය හා හද අතර නැතිනිසා නැවත පරාවර්තන නොවන නිසා අදුරක් ලෙස පෙනේ. එනිසා අප හා සදු අතර සුර්යාලෝකය තිබුණත් අපට පරාවර්තන කරන්න දෙයක් අතර නැති නිසා අහස අදුරේ. (අ)

:       0       0

චාමික Sunday, 03 January 2016 02:08 PM

හොඳ ලිපියක්.(හේ)

:       0       0

ගයන් ප්‍රියන්ත Wednesday, 20 January 2016 04:07 AM

මම කිව්වේ තාම නාසා ආයතනය ඒ ගෙන පරයේෂණ කරනවා කියල.ඒවාට තමා විද්‍යාව තියෙන්නේ.මේවා ගේන්නේ රොකට් එන්ජින් සහිත යානා වලින් කක්ෂගත කරන්නෙත්,වැඩේ ඉවර වුනාට පස්සේ ඈත අභ්‍යවකාශයට මුදාහරින්නෙත් මේ යානා වල උදව්වෙන්. එයාල ගණනය කරලා තියන විදියට මේ ක්‍රමයෙන් පෘතුවියේ දැනට ඉතා ඉහල මිලකට තියන ලෝහ අඩු මිලකට පෘතුවියට ගෙන්න පුළුවන්.(බ)

:       0       0

කරු ජයසුන්දර Friday, 22 January 2016 12:36 PM

හඳේ පමණක් නොව ඕනෑම ග්‍රහලෝකයක අවශ්‍ය උෂ්ණත්වය පීඩනය අවශ්‍ය මුලද්‍රව්‍ය සමඟ පරිසරය තිබුනා නම් දුර්වල ඛණිජ වර්ග හැදෙන්න පුළුවන්. (නි)

:       0       0

ගයාන් Wednesday, 30 December 2015 02:16 PM

බෙනට්, ඒකට හේතුව සඳේ වායුගෝලය ඉතා තුනීවීම. අපේ අහස නිල් පාට අපිට ඝන වායුගෝලයක් තිබෙන නිසා වගේම ඒකේ වැඩිපුරම අන්තර්ගත නයිට්‍රජන් වැනි වායු නිල් පැහැවීම (විශාල ප්‍රමාණයක් එකතු කල විට). ඇත්තටම අපි ඉන්නේ වායු සාගරයක කිමිදිලා. අපිට එළිය වැටෙන්නේ ඒ වායු සාගරය හරහා නිසයි නිල් අහසක් අපිට පෙනෙන්නේ. (නි)

:       0       0

ධනු Tuesday, 19 January 2016 06:08 AM

බුදු දහමට අනුඅනුව සදේ තියෙන්නේ මැණික් සහ රිදී (ම)

:       0       0

චින්තක Monday, 28 December 2015 02:39 AM

ඇමෙරිකාවේ බොරුව චීන වැඩෙන් හෙළිවුණා (නි)

:       0       0

බෙනට් Tuesday, 29 December 2015 04:04 PM

ඇයි මේ සඳට ආලෝකය වැටිලා තියෙද්දිත් අහස ගණ අන්දකාර ? (කෞ)

:       0       0

සාමා Friday, 08 January 2016 01:21 AM

ගයාන්, ඔයාගේ කතාවේ වැරදි ගොඩක් තිබෙනවා. හඳේ වායුගෝලය තුනී නොව වායුගෝලයක් නැහැ හඳට. අපේ අහස නිල් පාට නයිට්‍රජන් වායුව ගොඩක් තිබෙන නිසා නොව එම වායුවෙන් හිරු එළියේ තිබෙන නිල් වර්ණය විහිදුවා යවන නිසා. අපි හරි දේ හරි විදිහට දැනගන්න එක හොඳයි නේද? (නි)

:       0       0

සරත් Saturday, 26 December 2015 11:18 AM

රත්තරන් වෙනුවෙන් හූල්ලන අපේ මිනිසුන් හඳට යවන ක්‍රමයක් නැද්ද? මුළු විශ්වය පුරාම සම්පත් පිරිලා. ඒත් අපි දුප්පත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2274 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2155 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 444 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1859 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1665 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site