උරගයෙකු මෙන් බඩගා යා හැකි රොබෝවක් නිර්මාණය කිරීමට හාර්වඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.
සර්පයකුගේ චලනය සමාන හැසිරීමක් දක්වන මෙම රොබෝව නිර්මාණය කිරීම සඳහා "ඔරිගමි" නිර්මාණ කලාවේ එක් ප්‍රබේදයක් වන "කිරිගමි" නමින් හඳුන්වනු ලබන කඩදාසි කැපීමේ කලාව විද්‍යාඥයින් උපයෝගී කරගනු ලැබ තිබේ.
සර්පයන්ට ඉදිරියට බඩගා යෑමට උපයෝගී වන ප්‍රතිචලිත සමේ චලනයට අනුරූපි වන අයුරින් කැපුම් සහිත ප්ලාස්ටික් මතුපිටක් , ඇදෙන සුළු නළයක් වටා එතීම ඔස්සේ මෙම රොබෝව නිර්මාණය කිරීමට පර්යේෂකයින් කටයුතු කර ඇත.
අනාගතයේ දී මෙම රොබෝ සර්පයා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදාගැනීමට හැකිවනු ඇති බවට ද හාවර්ඩ් සරසවියේ පර්යේෂකයෝ පවසති.
එසේම ශල්‍යකර්ම ඇතුළු වෛද්‍ය විද්‍යාත්මක අරමුණු සාර්ථක කර ගැනීම සඳහා මෙම රොබෝ තාක්ෂණය උපයෝගී කර ගැනීමට ද විද්‍යාඥයින් බලාපොරොත්තු වේ.
විශේෂයෙන්ම ලැපරොස්කොපික් සැත්කම් සඳහා මෙම රොබෝ තාක්ෂණය භාවිත කිරීමට හැකි වනු ඇතැයි ඔවුහු කියති.
ලැපරොස්කොපික් වර්ගයේ බොහෝ සැත්කම් උදර කුහරය සහ උකුළු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරනු ලබයි.
සිහින් උපකරණ කීපයක් යොදා ගනිමින් සිරුරු කුහරයක අවම මැදිහත් වීමකින් යුතුව එම සැත්කම් සිදුකරයි.ඒ අනුව එම සැත්කම් අවම කැපුමකින් සිදුකළ හැකි අතර එබැවින් රෝගියාට දැනෙන වේදනාවද අවම වේ.
ඩේලි මේල් අනුග්‍රහයෙනි
(සැකසුම - නිසංකා සංදීපනී)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සැත්කම් පහසුවට රොබෝ සර්පයෙක්