IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සැඟව සිටි මී මුත්තෙක් හමුවෙයි

ලොව මෙතෙක් සොයාගෙන නොතිබූ මානව විශේෂයක අවශේෂ හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ඉතියෝපියාවේ ඇෆර් ප්‍රදේශයේ කරණ ලද කැණීමකින් සොයාගත් මේ මානව විශේෂයේ හකු අස්ථි හා දත්වල කාල නිර්ණයේ දී ඒවා අදින් වසර ලක්ෂ 33ට හෝ ලක්ෂ 35ට පෙර මිහිමත වාසය කළ මානව විශේෂයකට අයත් බව තහවුරු කැරගෙන ඇත.

මේ සොයාගැනීම අනුව පැරණි හොමිනින් මානව විශේෂ කිහිපයක් එකම කාලයේ පෘථිවියේ දිවි ගෙවා ඇති බව තහවුරු වෙයි. පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් පවසන්නේ මිනිසාගේ පරිනාමීය ගස මෙතෙක් සිතා සිටියාට වඩා පැටළිලි සහගත බවයි.

මේ නව විශේෂය ඔස්ට්‍රලෝපිතිකස් ඩෙයිරිමේඩා ලෙස නම්කැර ඇත. ඇෆර් ප්‍රාදේශීය භාෂාවට අනුව එහි අර්ථය වන්නේ ළඟම නෑය යන්නයි. පුරාවිද්‍යාඥයන්ට කැණීමකින් හමුවී ඇති අස්ථි කොටස් මානවයන් හතර දෙනකුට අයත් බව ද තහවුරු වී ඇත.

මෙම පර්යේෂණයේ ප්‍රධානි ඇමරිකාවේ ක්ලෙව්ලන්ඩ් කෞතුකාගාරයේ දේපල භාරකාර  ආචාර්ය යොහාන්ස් හෙයිලි සිලසි ජාත්‍යන්තර මාධ්‍යයට පවසා  ඇත්තේ මෙම දත්වල   සහ ඉහළ සහ පහළ හකුවල ව්‍යුහ විද්‍යාව සහ  රූපකෘත විද්‍යාව සම්බන්ධයෙන් පුළුල්ව සොයා බැලිය යුතු බවයි. සොයාගත් මේ මානව විශේෂයේ දැඩි ශක්තිමත් හනු පිහිටා තිබුණු බවත් ඊට අමතරව මෙම නව වි‍‍ශේෂයේ කුඩා ප්‍රමාණයේ දත් පිහිටා ඇති බවත් කෘන්තක දත ඉතාමත්ම කුඩා බවත් එය දැනට සොයාගෙන ඇති සහ ලේඛනගත කර ඇති  සියළුම හොමිනින්ගේ දත්වලට වඩා ඉතාමත් කුඩා බවත් විද්‍යාඥයෝ කියති.

ආදි මානවයන්ගෙන් වඩාත් ජනප්‍රිය ඔස්ට්‍රලෝපිතිකස් අෆර්න්ස්සිස් ලුසී නමින් හඳුන්වන මානවයා අපේ ආදිතම පුරුක ලෙස පිළිගෙන තිබිනි. ලුසී ජීවත් වූ බව පවසන්නේ අදින් ලක්ෂ 29 සිට 38 අතර කාල පරිච්ඡේදයකටය.

2001 දි කෙන්යාවෙන් සොයාගත් කෙන්යන්ත්‍රොපස් ප්ලැට්යොප්ස් විශේෂයත් චැඩ් ජනපදයෙන් හමුවූ  ඇස්ට්‍රලෝපිතිකස් බැහ්රෙල්ගාසලි නැමැති විශේෂයත් දැන් සොයාගෙන ඇති ඔස්ට්‍රලෝපෙතිකස් ඩෙයිරෙම්ඩා මගින් කියැවෙන්නේ එකම කාලයේ මිහිමත  මානව විශේෂ කිහිපයක් ජීවත් වී ඇති බවයි.

ආචාර්ය හෙයිලි සිලසි පවසන්නේ වඩා හොඳින් මානව පරිනාමය තේරුම් ගැනීමට තවත් පොසිල ගොඩදැමිය යුතු බවයි.

‘‘ මේ ෆොසිල සොයා ගැනීමෙන් අතීතයේ ජීවත් වූ මානව විශේෂ කෙසේ පෘථිවියේ ජීවත් වූවා ද යන්න සොයා ගැනීමට හැකිවේවි. විශේෂයෙන් ම එකම කාලක දී මානව විශේෂ කිහිපයක් මිහිමත වාසය කරද්දී ඒ ඒ විශේෂ අතර පැවති තරඟය. ඔවුන්ගේ ආහාර රටා සහ ආහාර සොයාගත් ආකාරය.  පෘථිවියේ වෙනත් සම්පත් කෙසේ බෙදා හදා ගත්තා ද කියන එකත් අපට සොයා ගැනීමට හැකිවේවි. ඒ වගේ ම මේ විශේෂ තුන සම්මිශ්‍රණය වී එක් විශේෂයක් ලෙස වර්තමාන මිනිසුන් පරිනාමය වූවා ද නැතිනම් තරඟය නිසා එක් විශේෂයක් අනෙක් විශේෂය විසින් විනාශ කර දැමුවා ද යන සියලු කරුණු අපට සොයා ගැනීමට සිදුවනවා. “

ආචාර්ය වරයා වැඩිදුරටත් කියා සිටියේය.

New species 1 New species 2 New species 3 New species 4 - Copy



අදහස් (0)

සැඟව සිටි මී මුත්තෙක් හමුවෙයි

නන්දලාල් Monday, 01 June 2015 08:28 PM

එතකොට "මී ආච්චි" තාම හමුවුණේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site