ශාක ආහර ගත්විට කාන්තාවන්ගේ ලස්සන වැඩිවන බවත්, විරුද්ධ පාර්ශවයට ආකර්ෂණය වීම ප්‍රමාණය වැඩි වන බවත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
එළවළු හා පළතුරු ආහාරයට ගන්නා කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය හා ආකර්ෂණීය ස්වභාවය එළවළු හා පළතුරු ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.
කැරට්, බතල, තද කොළ පැහැති කොළ ජාති හා තක්කාලිවල ඇති වර්ණක හා සංඝටක පිළිකාවලින් ආරක්ෂා වීමට උපකාරි වන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. එමෙන්ම එම වර්ණකවලට සමේ පැහැය හා පෙනුම ද වර්ධනය කිරීමේ හැකියාවක් ද ඇතැයි පර්යේෂකයෝ පවසති.
ස්කොට්ලන්ත හා ඕස්ට්‍රේලියා පර්යේෂකයෝ පිරිසක් එක්ව මෙම පර්යේෂණ සිදු කළහ.
කොළ පැහැති ආහාර හා, එළවළු පළත-ුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම කාන්තාවනගේ සමේ පැහැය වර්ධනය වීමටත්, විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩිවීමටත් හේතුවන බව ඔවුහු පෙන්වාදෙති. සමේ පැහැය විශේෂයෙන්ම කහ පැහැය වර්ධනය වීමත් එළවළු හා පළතුරු අතර දැඩි සම්බන්ධතාවක් පවතින බව මෙම පර්යේෂණවලදී අනාවරණය වී ඇත. මෙම පර්යේෂණවලින් තවදුරටත් අනාවරණය වී ඇත්තේ සම කහ පැහැ නම් ඔවුන් සෞඛ්‍ය සම්පන්න හා විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි.
එහෙත් කළු හෝ දුඹුරු හෝ පැහැයෙන් යුත-ු පුද්ගලයන් එසේ නොවනවා යැයි ඉන් අදහස් නොවන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. එම නිසා අනාගත පර්යේෂණවලදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවද කාන්තාවන් එළවළු හා පළතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි කළ යුතු යැයි ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
කැරොටෙනොයිඞ්ස් අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාර ගැනීම සෞඛ්‍යයට හිතකර බවත්, ඉන් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩු වන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. කැරට් වැනි ආහාරවල කැරොටෙනොයිඞ්ස් සංඝටක අඩු බව ඔවුහු පෙන්වාදෙති.
(ඩේලිමේල් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන්නු ලස්සන වල් කන නිසා කියලා කවුද හිතුවේ? (බ)
ශාන්, එලිච්චිගේ ලස්සන පෙනෙන්නේ එළුවටනේ. ඔයාට සමනලය නම් ලස්සනට පේනවා ඇති නේද?(අ)
මාංශ ජීර්ණය කරන්න වැඩි ප්‍රාණ ශක්තියක් වුවමනායි. වයසට යනකොට මාංශ අහාර ජීර්ණය කරන්න අමාරු වෙනවා ප්‍රාණ ශක්තිය අඩු නිසා. (බ)
ඒක තමයි හරක් ලස්සන වෙලා තියෙන්නේ (බ)
ශාඛ කාලා ලස්සන වීම යනු නිරෝගිකමද නැත්නම් ප්‍රිය මනාපව පෙනීමද? මගේ මෑණියන්ටත් වඩා ලස්සන කෙනෙක් මට සිටියා. ඇය තමා මගේ මිත්තනිය. කපු කුල්ලක් මෙන් ඇති සුදු කොණ්ඩය, රැළි වැටුණු මුහුණේ ලස්සන හිනාව කුදු දේහය කෙලින් කරගෙන උස මගේ හිස පිරිමදින ලස්සන තවමත් අමතක නොවේ. මේ ලස්සනද ශාඛ කාලා ගන්න පුළුවන්නේ? (බ)
මොන බොරුද එහෙනම් එලිච්චි කොච්චර ලස්සන වෙන්න ඕනෙද ? (බ)
පිටිගල මිලානෝගේ පළමුවන කතාවට දෙවන කතාව ගැළපෙන්නේ නැහැ වගේ. (ර)
හොඳට තණකොළ කාපුවාම කිරිත් වැඩියෙන් එරෙනවා ! (බ)
සත්තු ලස්සන වෙලා තියෙන්නේ ඕව කාලා තමයි (ම)
මෙවන් ලිපි ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)
මේ ගැන විවාදයක් නැහැ. ශරීරයේ ශෛල වලට පෝෂ්‍ය පදාර්ථ ආහාර ලැබිය යුතුයි. නමුත් රූපලාවන්‍ය කර්මාන්තකරුවන් මෙය විකෘති කරමින් ශරීරයේ පිටතට එක එක තලප ආලේප කරන්න කියා උපදෙස් දී මඩිය තර කර ගන්නවා. ලැබී තිබෙන බුද්ධියෙන් ප්‍රයෝජනය අරගන්න සියලු කාන්තාවන්ට ශක්තිය ලැබේවා. (නි)
අපේ වත්තෙත් හොඳට තණකොළ වැවිල තියෙනවා කන නෝනලා එන්න. පැය විසි හතරෙන් ලස්සන වෙනවා. (බ)
වෙන්න ඇති ඒකයි මගේ වයිෆ් මේ ඡායාරූපයේ ඉන්න තැනැත්තියටත් වඩා රූමත්ව ඉන්නේ. මොකදමගේ වයිෆ් ආහාර මේ වගේ තෝරලා බේරලා තමයි අර ගන්නේ (රේ)
ඔන්න මම කැරට් කිලෝ දෙකක්ම ගෙනාවා. (නි)
ඇයි මේක කාන්තාවන්ට විතරක්. පිරිමින්ට මොකුත් බලපෑමක් නැද්ද?(හේ)
ශාක ආහාර අපි කාටත් හොදයි. (ර)
බතල එහෙත් තියෙනවද? දන්නේ නැති නිසා අහන්නේ (නි)
මම ඉන්නේ මලයාසියාවේ .එ්ක තමා මට චීන ඇන්ටිලා සෙට් වෙන්නේ. (බ)
ශාක ආහාර ගත් විට කාන්තාවන්ගේ නිතඹ ලස්සනට පිරිපුන්ව වැඩේ. වෙනදාට වඩා ලිංගික සංසර්ගය පිළිබඳව උනන්දුවද වැඩි වේ.(අ)
සුජි, ඔයාගේ වයිෆ් ගේ අහාර වට්ටෝරුව අපිටත් එවන්නකො, අපේ නෝනලටත් උත්සහ කරලා බලන්න.(බ)
මෙවන් ලිපි වලින් අපි ඉගෙනගන්නා දේ බොහෝය (නි)
ධම්ම, දෙවන කතාව ලිව්වේ පළමු දෙය ලියු මම නොවෙයි.(බ)
එළවලු, පලා ආදිය නොකා මාංශ ආහාර පමණක් ගන්නැයි සයිප්‍රස් ජාතික මගේ මිතුරෙක් මට උපදෙස් දුන්නා. හේතුව එළවලු පලා ආදියට අසීමිතව රසායනික බෙහෙත් දැමීමත්, මාංශ ගැන අප හොඳින් දන්නා බවත්ලු. (ර)
ඒ කියලා තියෙන්නේ සුද්දන්ට නේ, අපි වගේ කළු දුබුරු ජාතියකයන්ට නෙවෙයි. (ර)
එකනම් ඇත්ත තමා. වඳුරු කුලය බලන්න උන් කොච්චර ලස්සනද ? (බ)
ඉතාමත්ම හොඳ ලිපියක් (නි)