වස විස සහිත ආහාර රටාව මගින් නිරෝගී ශක්තිමත් පරම්පරාවක් බිහිකිරීම අසීරුවනු ඇතැයි දේශීය කාබනික වගාකරුවන්ගේ හා නිෂ්පාදකයන්ගේ එකමුතුවේ සාමාජික මර්වින් ප්‍රනාන්දු මහතා පවසයි.

රත්මලාන බොරුපන පාරේ පදිංචි ඒ මහතා නිරෝගී ජනතාවක් බිහි කිරීම සඳහා වස විස නැති ආහාර සැපයීම වෙනුවෙන් එවැනි සැපයුම්කරුවන් එකතු කිරීමේ සද්කාර්යයක් සඳහා ඇප කැපවී ක්‍රියා කරන්නෙකි.

සිය පර්යේෂණ මගින් දේශීය පළතුරු, පලා, එළවළු ආදිය යොදා ගනිමින් ආහාර නිපදවීම සඳහා ඔහු ක්‍රියා කරයි. පාසල් සිසුන්ගේ මතක ශක්තිය වර්ධනය කරන ගොටුකොළ තේ, ශරීරයේ මනා වර්ධනය සඳහා වන නෙල්ලි තේ, කුරුඳු තේ, හරිත තේ යනාදී පානයන් ඔහුගේ නිෂ්පාදන අතරවේ. එමෙන්ම වර්තමානයේ බොහෝ පිරිසක් බහුලව භාවිත කරන තෙල් මිශ්‍ර ශරීරයට අහිතකර ක්ෂණික ආහාර වර්ග වෙනුවට වැල් පෙනෙල මිශ්‍ර ක්‍රිස්පි බයිට්, ගොටුකොළ මිශ්‍ර ක්‍රිස්පි බයිට් ආදී ආහාර වර්ග ඔහු හඳුන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදීමටත් මෙවැනි ආහාර සම්බන්ධයෙන් දැනුමක් ලබාදීමටත් ඔහු සූදානමින් සිටී. මර්වින් ප්‍රනාන්දු මහතා සම්බන්ධ කරගැනීමට 0773624515 / 076 6870818 යන දුරකථන අංක ඔස්සේ හැකියාව ඇත.

webMervin_201652