ක්ෂණයකින් ඕනෑම විෂබීජයක් විනාශකැර දැමිය හැකි රොබෝ යන්ත්‍රයක් ඇමෙරිකාවේ ශාන්ත අන්තෝනියෝහි ෂිනෙක්ස් ආයතනය නිපදවා ඇතැයි එරට මාධ්‍ය පවසයි. මෙය එබෝලා වෛරසය විනාශ කිරීමට යොදා ගතහැකි බව ද එම වාර්තා පෙන්වා දී ඇත.
‘‘ලිට්ල් මෝයි“ යනුවෙන් හඳුන්වා ඇති මේ රොබෝව පාර ජම්බූල කිරණ යොදා ගනිමින් ස්ඵන්දනයන් නිකුත් කිරීමෙන් වෛරසයේ ඩී.එන්.ඒ. විනාශකැර දමයි. මේ යන්ත්‍රය සෑම තත්ත්පර 1.5ට වරක් කිරණ ධාරාවක් නිකුත් කරයි. එය මීටර් තුනක වපසරියක් දක්වා පැතිර යන බව විද්‍යාඥයෝ කියති. එමගින් සාමාන්‍ය කාමරයක් විනාඩි දෙකක වැනි කාලයක දී ජීවානු හරණය කළ හැකියැයි වෛද්‍ය මතයයි.
එබෝලා වැළඳුණු පළමු ඇමෙරිකානුවාට ප්‍රතිකාර කළ ඩලාස් රෝහල සහ තවත් රෝහල් හා සෞඛ්‍යායතන 250ක් පමණ වෛරස් නාශක රොබෝ යන්ත්‍රය රෝග පැතිරීම පාලනය කිරීමට දැනටමත් යොදාගෙන ඇත.
එහි වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 104,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 135ක් පමණ වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඉක්මනට ඉබෝලා අවසන් කරන්න (නි)
හරිම අගෙයි. නමුත් අපේ රටෙනුත් දෙයක් හැදුවා නම් තවත් අගෙයි. (නි)
මේක නම් හොඳ සොයාගැනීමක් (නි)
අපේ වගේ රටවලට මිල තමයි ප්‍රශ්නයකට ඉන්නේ (නි)
ජයාත් ඔයා කනගාටු වෙන්න එපා, අපේ රටේ පාලකයෙක් සදහා දිනකට වැයවෙන මුදලට ඔය වගේ යන්ත්‍ර දෙකක් අරගෙන තව ඉතුරුත් වෙනවා. ඇමති වරු මන්ත්‍රීවරු කොපමණ නඩත්තු කරන දියුණු රටක්ද? අපේ හැටියට නොව රටේ හැටියට හිතන්න. එතකොට දුකක් නැත. (අ)