IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වායුගෝලය වෙනස් කළ ගස් වැල් සොයා ගනී

මිහිමත කාලගුණය දැඩි වෙනසකට ලක්කිරීමට සමත්වූ වනාන්තරයක ෆොසිල සාධක නෝර්වේ රාජ්‍යයෙන් සොයාගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.

නෝර්වේ සැල්බාර්ඩ් දිවයිනෙන් සොයාගත් මෙම ෆොසිල වනාන්තරයේ තිබී හොදින් ආරක්ෂා වූ ගස්වල කදන් හා මුල් පද්ධති හමුවී ඇත.

විද්‍යාඥයන් පවසන්නේ මේ ගස් තාලවර්ගයට අයත් විය හැකි බවයි. ඒ අතර මීවන පැලෑටි ද ඇතැයි ඔවුහු කියති. මෙය අතීත නිවර්තන වනාන්තරයක් බව ද පර්යේෂකය්ගේ අදහසයි.

ලොව මුල් කාලින වානාන්තරයකට අයත් වූ මේ හාක වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍ර‍මාණය විශාල ලෙස පහත දැමීමට කටයුතු කරන්නට ඇත. ගොඩබිම සත්ත්ව සන්තතිය ඇතිවීමට මේ ශාක ඉවහල් වන්නට ඇත. ඩෙවෝනීය යුගයේ අවසන් කාලයේ දී මේ වනාන්තරය තිබූ ප්‍රදේශය සමකයට ආසන්නව පැවති බව දැන් තහවුරු කරගෙන ඇත.

මීටර හතරක් පමණ උසට වැඩී තිබූ මේ ශාක රොන් මඩේ ගිලී මියගොස් තිබිණි.

කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයේ පුරා උද්භිද විද්‍යාව පිලිබඳ ආචාර්ය ක්‍රිස් බෙරි පවසන්නේ මේ නිවර්තන වනාන්තරය පෘථිවියේ වායුගෝලීය සංයුතිය විශාල ලෙස වෙනස් කිරීමට සමත්වන්නට ඇති බවයි.

ඔහු පවසන්නේ මේ ෆොසිල වනාන්තරය අදින් වසර ලක්ෂ 3800ට පෙර සමකය ආසන්නයේ ගස්වැල් සහ භූදර්ශන ඉතිහාසය මනාව පෙන්වාදෙන බවයි. මේ පර්යේෂණයේ ප්‍ර‍තිඵල භූගර්භ විද්‍යාව නැමැති ජාත්‍යන්තර සගරාවේ ප්‍රසිද්ධ කර ඇත.

Fossiled forest 1 Fossiled forest 2 Fossiled forest 3 Fossiled forest 4



අදහස් (0)

වායුගෝලය වෙනස් කළ ගස් වැල් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 423 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16814 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site