IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


වයි-ෆයි වේගය පරදන්න එන ලයි-ෆයි

අන්තර්ජාල සේවා ලබාගැනීමේ නවතම තාක්ෂණික ක්‍රමවේදයක් අත්හදා බලමින් සිටින බව අන්තර්ජාල වාර්තා පවසයි. මෙම සේවාව ලයි-ෆයි යනුවෙන් නම් කර ඇත.

වයි-ෆයි නමින් දැනට පවතින රැහැන් රහිත අන්තර්ජාල සේවාවට වඩා සිය ගුණයක් වේගවත් ලයි-ෆයි ක්‍රමයද රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලබාදෙන සේවාවකි.

තත්පරයකට ගිගා බයිට් 1 ක ධාරිතාවයකින් යුතු වේගවත් අන්තර්ජාල සේවාවක් ලබාදෙන බව කියන ලයි-ෆයි තාක්ෂණය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවියේ මහාචාර්ය හැරල්ඩ් ලෑස් 2011 වසරේදී මුල්වරට හඳුන්වාදී ඇත.

මහාචාර්ය ලෑස් සිදුකළ අත්හදා බැලීමකදී එක් එල්ඊඩී බල්බයකින් නිකුත් වන ආලෝකය ආධාරයෙන් සෙලියුලර් කුලුණකින් පිට කරන දත්තවලට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් හුවමාරු කළ හැකි බවද සොයාගෙන ඇත.

විද්‍යාගාරය තුළ කළ පරීක්ෂණ මගින් සෑම තත්පරයකදීම ගිගා බයිට් 1.5 ක ධාරිතාවයකින් යුතු චිත්‍රපට 18 ක් බාගත කැරගත හැකි ලෙස මෙහි වේගය ඇතැයි මහාචාර්යවරයා කියයි.

ලයි-ෆයි ක්‍රමය දෘෂ්‍ය ආලෝක සන්නිවේදනය යොදා ගනිමින් සිදුකරන මෝස් කේත ක්‍රමයකට සමාන බවත් පියවි ඇසට හසු නොවන වේගයකින් මෙය ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කරයි.

නමුත් දෘෂ්‍ය ආලෝකය විනිවිද නොයන බිත්ති හරහා සහ දැඩි හිරු එළිය පවතින එළිමහනේ මෙම ක්‍රමවේදය අසාර්ථකවීමද එහි ඇති අවාසිදායක තත්ත්වයකි.

web_20151130LIFi-Diagram



අදහස් (0)

වයි-ෆයි වේගය පරදන්න එන ලයි-ෆයි

උපාලි Tuesday, 01 December 2015 03:12 PM

අනේ මන්දා තව ඉස්සරහට තව මොනවා එයිද කියලා (නි)

:       0       0

ලතා Tuesday, 01 December 2015 03:17 PM

ඒක තමයි අනේ මාත් මේ බැලුවේ ඉස්සරහට තව මොන මොනවා එයිද කියලා (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 03 December 2015 07:47 AM

ඉමේෂ්, ඔයාගේ හරි නමින්ම අදහස් පල කරන්නකෝ... (ර)

:       0       0

නෙත්මි Wednesday, 02 December 2015 12:36 PM

ලංකාවේ දැනට පවතින අන්තර්ජාල ගැන කුමට කතා ...? (නි)

:       0       0

විශ්ව Saturday, 19 December 2015 01:18 AM

එහෙම ආවොත් සුපිරි තමයි (නි)

:       0       0

ජයා Friday, 04 December 2015 11:35 AM

ඉමේෂ්ගේ කටේ මසුරන් දන්න වටිනවා (ම)

:       0       0

චමින්ද Tuesday, 08 December 2015 01:30 PM

ලයි - ෆයි පිළිබඳ ඇමැති දන්නවාද ? (බ)

:       0       0

තුසිත Wednesday, 23 December 2015 11:18 AM

වයි-ෆයි යනු මිට වසර 2500 කට කලින් භාවිතා කල ප්‍රාථමික ජාල සැකසුම් ක්‍රමයක්. (ස)

:       0       0

රංජන් Sunday, 06 December 2015 07:04 AM

ඕක ලංකාවට එනකොට 3000 විතර වේවි. තම ලංකාවේ වයි ෆයි හදනවනේ.ලංකාවේ අන්තර්ජාල පහසුකම සීරෝ වලනේ.(හේ)

:       0       0

පහන් Wednesday, 02 December 2015 02:38 PM

අලුත් සොයාගැනීම්... (නි)

:       0       0

කිරා Thursday, 17 December 2015 01:02 PM

මම දන්න තරමින් දකුනු ආසියා කලාපයේ ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණය අතින් දියුනුයි. ඉන්දියාවේ වෙලඳ නගරය වන මුම්බායි හි වත් ගොඩනැගිල්ලක් තුල දුරකථන ඇමතුමක් ගන්න සංඥා නැති තැන් ඕනි තරම් තියෙනවා. (අ)

:       0       0

සුනිල් ගීකියනගේ Tuesday, 15 December 2015 03:45 PM

මම 3ජී සිග්නල් දෙකක් හොයාගන්න දුරකථනයත් අරගෙන ගේ වටේ කැරකෙනවා. මෙයාලා වයිෆයි පරදන්න කතාකරනවා (නි)

:       0       0

මොහිධිම් Monday, 30 November 2015 09:28 AM

අලුත් තාක්ෂණයක් එනවා නම් හොන්දයි දැන් තියෙන තරංග අපිව ලෙඩ කරනවා. (ර)

:       0       2

ඇසළ Tuesday, 01 December 2015 10:29 AM

අපිට හරියන්නේ ඩිජිටල් කියල නොදන්නා ඇමති කෙනෙක් ඉන්න රටකට හරියන දෙයක් විතරයි. (ස)

:       0       0

පූර්ණ සිල්වා Sunday, 20 December 2015 06:53 AM

අපි කොහොමද මේ පහසුකම ලබන්නේ? (බ)

:       0       0

ජයත් Tuesday, 01 December 2015 02:03 AM

තරංග ගැන සමහරුන්ගේ තියෙන්නේ හුඹස් බියක් (රේ)

:       0       1

චන්න Wednesday, 02 December 2015 02:07 AM

ඔය මොනවා තිබුණත් ලංකා‍වේ තවමත් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න බැහැනේ හරියකට (නි)

:       0       0

ඇසළ Monday, 07 December 2015 01:12 PM

අනේ ලංකාවට නම් එපා. ඒකටත් ඇමති කෙනෙක් පත්කරයි. (නි)

:       0       0

ගමගේ Wednesday, 02 December 2015 02:19 AM

චන්නගේ කතාව හරියටම හරි. ඔය මොන තාක්ෂණය ආවත් ලංකාවට වැඩක් නැහැ. ලෝකෙටම හරියන තාක්ෂණය දෙන්න වැඩකාරයෝ ලංකාවේ ඉන්නවා. ඒ වුණාට ලෝකෙටම එපාවූ තාක්ෂණය ලංකාවට ගෙනෙන්න වලිකන අයත් ඉන්නේ ලංකාවේ (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 02 December 2015 02:36 AM

ලංකාව කියන්නේ අවුරුදු 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන මහා තේජවන්ත මිනිස්සු ඉන්න රටක්. ඒකට ඔය අලුත් දේවල් වැඩක් නැහැ. ඒකේ ඉන්න මිනිසුන්ට තිබෙන අවුරුදු 2500ක ඉතිහාසයම ඇති. (නි)

:       0       0

නිමල් Monday, 07 December 2015 04:17 AM

මේ ක්‍රමය ලංකාවට එන කොට තවත් අවුරුදු ගානක් යයි.(හේ)

:       0       0

සමන් Wednesday, 09 December 2015 12:57 AM

මේ ක්‍රමය ආවොත් බෙ‍ාරු කීම වැඩිවේවි. ඇයි 'ලයි' කියන්නේ බොරුනේ. (නි)

:       0       0

මනෝරි Tuesday, 01 December 2015 04:42 AM

උපුල් තරංග ගැනද කිවේ (ම)

:       0       0

රණසිංහ Friday, 04 December 2015 08:00 AM

ඉමේෂ්ගේ කතාව හරි. අපි ඉන්න ඕන විදියට හිටිය නම් අපේ ළමා පරපුර මීට වඩා ආරක්ෂා වෙනවා. අලුත් දේවල් එන කොට විනාශය ඉක්මන් වෙනවා.(හේ)

:       0       0

හේවා Thursday, 17 December 2015 06:36 PM

මේ වයි-ෆයි, ලයි-ෆයි නිසා කුරුල්ලෙකුට ලැගලා ඉන්න ටැලිෆෝන් කම්බියක්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2274 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2155 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 429 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1653 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site