සෞරග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහලෝකයක් වන සීරීස් වටා ඩෝන් යානය සාර්ථකව කක්ෂගත වූ බව නාසා ආයතනය නිවේදනය කරයි. 2011 වර්ෂයේ දී වෙස්ටා නමැති ග්‍රහකයක් වටා කක්ෂගත කර අදාල පර්යේෂණ සිදුකිරීමෙන් පසු නාසා විද්‍යාඥයෝ ඩෝන් පර්යේෂණ යානය සීරීස් වෙත යොමුකරනු ලැබූහ.
ඩෝන් යානය අභ්‍යාවකාශගත කරණ ලද්දේ 2007 වර්ෂයේ සැප්තැම්බර් 27 වැනි දින දීය. එය මාස 14ක කාලයක් වෙස්ටා වටා කක්ෂගත වී තිබී එතැනින් මිදී සීරීස් වෙත ගමන් කළේය. ඉදිරි දින කිහිපයේ දී සීරීස් වෙත වඩාත් සමීපවන ඩෝන් යානය සති හයක පමණ කාලයකින් පසු එහි ගවේෂණ කටයුතු ආරම්භ කරනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd