හදිසි අනතුරුවලට ලක්වී කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්ගෙන් සියයට 94.6ක්ම අනතුරට ලක්වී ඇත්තේ වැඩිහිටියන් සමග සිටියදී බව සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ළමාරෝග විශේෂඥ වෛද්‍ය නයනා ලියනාරච්චි මහත්මිය පවසන්නීය.
මාස තුනක කාලයක් ඇතුලත රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි අවුරුදු 18ට අඩු දරුවන් 368ක් සමීක්ෂණයට ලක්කිරීමෙන් මෙම තොරතුරු සොයාගෙන ඇත.
මෙම දරුවන් වැඩිපුර අනතුරට ලක්වී ඇත්තේ ඇද වැටීම් හේතුවෙන් බවත් එම ප්‍රමාණය සියයට 59.3ක් බවත් ඇය පවසයි. මාර්ග අනතුරු හේතුවෙන් සියයට 16.3ක්ද කැපීම් හා තැලීම් හේතුවෙන් සියයට 10.5ක්ද දරුවන් අනතුරට ලක් විය. පහරදීම් හා පිළිස්සුම් හේතුවෙන් සියයට 3.3 බැගින් අනතුරට ලක් වී තිබේ.
සති අන්තයට වඩා සතියේ දිනවලදී දරුවන් වැඩිපුර අනතුරට ලක්වී ඇති අතර එම ප්‍රමාණය 75.5කි.
විශේෂඥ වෛද්‍යවරිය තවදුරටත් පවසන්නේ නාගරික දරුවන්ට වඩා ගම්බද දරුවන් අනතුරට ලක් වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවයි.
වයස අවුරුදු 12ට අඩු දරුවන් අතර මාර්ග අනතුරු වලට ලක් වූවන් වැඩි වශයෙන් සිටින අතර අවුරුදු 12ත් 18ත් අතර දරුවන් වැඩිපුර අනතුරට ලක් වී ඇත්තේ ඇද වැටීම් හේතුවෙනි.
නයනා ලියනාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ කතිකාචාරිණී ප්‍රජා වෛද්‍ය විශේෂඥ චම්පා විජේසිංහ මහත්මිය ඇතුළු වෛද්‍යවරු පිරිසක් සමීක්ෂණය සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පුද්ගලික අත්දැකිමක් අනුව කියන්නෙ. මගේ අවුරුදු 3 1/2ක් වයස දුව මාත් එක්ක ළහා උද්‍යානයකට ගිහින් සෙල්ලම් කර කර ඉද්දි එයා කුරුල්ලො වගයක් දැකලා පස්සෙන් පන්නගෙන ගිහින්. මම දැක්කෙ නැහැ. මම එයලාගෙ වතුර බෝතල් ඒවා මේවා ටික බන්කුවක් උඩින් තියලා ආපහු හැරිලා බලන විනාඩි 2ට ළමයා නැහැ. පස්සෙ විනාඩි 20ක් විතර හොයල හොයල හම්බ වුනේ මීටර් 200ක් විතර ඇතක ඉඳලා.. සෙනග පිරිලා හිටිය නිසා කොහෙ කියල බලන්නද හිතා ගන්නත් බැ. කැනඩාවෙ සෙන්ට්‍රල් ලෑන්ඩ් එකේදි වුනේ. ලෑන්ඩ් එකේම තැනින් තැන වතුර විල්. ළමයා වතුර විලකට වැටෙන්න තිබ්බා. කවුරු හරි ගෙනියන්න තිබ්බා. අන්තිමට අඬ අඬ බබා කිව්වෙ "අම්මා මගේ පස්සෙන් එයි කියල මම හිතුවා. ඇයි අවෙ නැත්තෙ කියලා". මොනවා කලත් තත්පරෙකටවත් ළමයින්ගෙන් ඇහැ අහකට ගන්න එපා ගෙදරින් පිට ඉද්දි නම්. එයලා හිතන්නෙ අපි එයලා ගැනම බලගෙන ඉන්නව කියලා. (අ)
විශ්ව විද්‍යාල ඇදුරන් විදියට මේ වගේ දේවලුත් කරන ඔබට අපේ ආචාරය! (නි)
මේ සංගණනය කෙසේවෙතත් හැම ළමයෙක්වම බලාගන්න දෙමාපියන් උත්සාහ කරනවා. නිතරම එයාලා ළඟ ඉන්නවා. එතකොටත් අනතුරු වෙනවා. එ්කෙන් කියන්නේ නැහැ අම්මලා ළඟ සිටි නිසා අනතුරු වුණා කියලා. ළමයි 1000 ක් අරන් අම්මල ළඟ තියලා වුණු අනතුරු ගණනයි තව ළමයි 1000 ක් අම්මලා නැතුව වුණු අනතුරු ගණනයි සසඳලා බලන්න. (නි)
ලොකු ළමයි කෙසේවෙතත් පොඩි ළමයි ළඟ ඉන්නේ නැතුව අනතුරු වුණා කියලා කොහොමටත් කවුරුවත් කියයිද? (නි)
ගොඩක් දෙමුපියන්ට අනතුරක් වෙනතුරු කිසිම ගණනක් නැහැ. වුණාට පස්සේ කෑගහලා, අඬලා දුවනවා. මේක වැඩිපුරම වෙන්නේ අම්මලා අතින්. කා එක්ක හරි කතාව දාගෙන ඉන්නවා, දරුවා ගැන මතකයක්වත් නැහැ. (නි)
මෙ වැනි පර්යේෂණයක් කිරීම පිළිබඳ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ස්තුතියි. ජනතාවට වටිනා ප්‍රවෘත්ති, නිවැරදිව තෝරා පළ කිරීම ගැන ලංකාදීපය ට ස්තූතියි. (බ)
දෙමාපියන් ළඟ සිටින විට, ළමයින් ඔවුන්ගේ ආරක්ෂාව දෙමාපියන් සලසනු ඇතැයි සිතීම එලෙස අනතුරු වැඩි වීමට හේතුවක් විය හැකිය. (හේ)