පාන් (සුදු පාන්) හා බත් ආහාරයට ගැනීමෙන් වැඩිහිටි කාන්තාවන්ට ආතතිය ඇතිවීමේ අවදානම වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
ධාන්‍ය ආහාර හා එළවළු ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය මඟ හරවා ගත හැකිය.
සීනි ආදේශක ආහාරවලින් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවන අතර සිරුරේ ඉන්සියුලින් හෝමෝනය සිරුරෙන් ඉවත් කිරීමට මග පාදයි. මේ හරහා සිදුවන ක්‍රියාවලිය නිසා ආතතිය විෂාදය ඇතිවීමේ අවදානම වැඩිවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. බ්‍රිතාන්‍යයේ සෑම පුද්ගලයන් 100 දෙනකුගෙන් තිදෙනකුම ආතතියෙන් පෙළෙන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. කරන ලද මෙම පර්යේෂණයට කාන්තාවන් 70,000කට ආසන්න පිරිසක් යොදාගත් අතර එහිදි අනාවරණය වූයේ කාබෝහයිඩ්‍රේට් (රහිත) ආදේශක ආහාර හා ආතතිය අතර සම්බඳතාවක් පවතින බවයි.
කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගත්විට රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යයි. ග්ලයිසෙමික් අගය (ජී.අයි අගය) 1ත් 100ත් යනු ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි ප්‍රමාණය මනින ආකාරයයි. පිරිපහදු කාබෝහයිඩ්‍රේට් ආහාර එසේත් නැතිනම් කාබෝහයිඩ්‍රේට් නොමැති ආහාර ගත්විට ජී.අයි අගය ඉහළ යන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඉන් අදහස් වනුයේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ ගොස් ඇත යන්නයි.
(ඬේලිමේල් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපි නොකා ඉමු! (නි)
හැමදාම බත් කද්දි එපාවෙනවනේ. ඉතින් ඉඳලා හිටලා හරි වැඩිහිටි කාන්තාවන්ට පාන් පිට්ටු රොටි වගේ දේවල් කන්න හිතෙන එක සාධාරණයි. (නි)
කොත්තු තියන පළාතෙවත් යන්න එපා. ඒවා “හාර්ට් ඇටෑක්“ කැම. (නි)
සුජිත්ගේ කතාව හරි (නි)
වැඩිහිටි කාන්තාවන් ආහාරයට වැඩිපුර ගන්නේ ඔවුන්ට අහිතකර දේවල්මයි. මොකද සීනි අගුණ අය සීනි ආහාරයට ගන්නා අතර කාබෝහයිරේට් අගුණ අය කාබෝහයිරේට් ආහාරයට ගනිති. කොතරම් එයාලට කිව්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ. හරිම හිතුවක්තාරයි. දරුවෝ කියන දේවල් තඹ සතේකට මායිම් නොකිරීම එයාලගේ විනෝදාංශයක් වෙලා. කාට කියන්නද මේවා ? (අ)
මේවායේ මිලත් වැඩිකරමුද? (නි)