කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලට උග‍්‍ර ලෙස බලපා තිබෙන කසළ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත‍්‍රයක් නිපදවීමට කොළොන්නාව මීතොටමුල්ල නව නිර්මාණකරුවෙක් සමත්වී සිටියි.
ඔහු නමින් ආර්.ඒ. සරත් තිලකසිරි ය. කසළ කිලෝ පහක පමණ ප‍්‍රමාණයක් පුළුස්සා එම දුම් පරිසරයට හානිකර නොවන අයුරින් නිදහස් කිරීමටත් පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවන දෑ කොම්පෝස්ට් පොහොර ලෙස භාවිත කිරීමටත් හැකිවන පරිදි මෙම යන්ත‍්‍රය නිපදවා තිබේ. මේසන් සහ වඩු තාක්‍ෂණික ශිල්පියකු වන ඔහු වසර දෙකක් තිස්සේ සිදුකළ පර්යේෂණ වලින් පසුව මෙම උපකරණය කුඩා පරිමාණයෙන් සකස්කර තිබේ. එහි ශක්‍යතාවය අනුව මේවන විට කසළ ටොන් දහයක් පිළිස්සීමට හැකියා ඇති යන්ත‍්‍රයක සැලසුමක් දැනටමත් ඔහු විසින් සකස් කර තිබේ.
මෙම යන්ත‍්‍රය කොටස් දෙකකින් සමන්විත පරිදි නිපදවීමට සැලසුම් සකස්කර තිබෙනවා. එක් කොටසකින් කසළ ටොන් පහ බැගින් ටොන් දහයක් මෙම යන්ත‍්‍රයට යොදන්න පුළුවන්. එහිදී කොටස් දෙකකට මෙම කසළ පිළිස්සෙනවා. එම පිළිස්සී අවසන් වන අවශේෂ කොටස් කොම්පෝස්ට් පොහොර බවට පත්කර පොල් වගාවට, කෙසෙල් වගාවට, ගොවිතැන ඇතුළු සෑම වගාවක් සඳහාම යොදාගන්න පුළුවන්. එමගින් පිටවෙන දුම් පරිසරයට අහිතකර වෙන්න පුළුවන් නිසා හීටරයක් සහිත ලොකු වතුර ටැංකියකට මෙමගින් පිටවෙන දුම් කවුළුව සම්බන්ධ කරනවා. මෙහි හීටරය මගින් අහිතකර අපද්‍රව්‍ය සහිත දුම පිරිසිදු කර වතුර ටැංකියට ලබාදෙනවා. වතුර ටැංකිය කොටස් දෙකකට බෙදා වෙන්කර තියෙනවා. පවතින ජල ප‍්‍රමාණයම වක‍්‍රානුකූලව නැවත ටැංකියට වැටෙනවා. එම නිසා වතුර අපතේ යෑමක් සිදුවෙන්නේ නෑ.
කොළඹ හා තදාසන්න නගරවල තිබෙන කසළ ප‍්‍රශ්නයෙන් නිදහස් වෙන්න මෙය හොඳ විකල්පයක් ලෙසයි මා දකින්නේ. මෙම යන්ත‍්‍රයෙන් පිටකරන අළු වලින් කොම්පෝස්ට් පොහොර නිපදවිය හැකි අතර බෝග වගාවේ ඵලදාව වැඩිකරන්න ඒවා ඉවහල් වෙනවා. මම ඒකල ඉංජිනේරු කාර්මික ජනපදයට ගිහින් එහි සිටින ඉංජිනේරු මහත්වරුන්ට මගේ මේ නිර්මාණය පෙන්වන්නුවා. ඔවුන් පවා මගේ නිර්මාණය අගය කළා. ඔවුන් කියා සිටියේ කෙසේ හෝ මෙය නිර්මාණය කර ඉදිරියට යන ලෙසයි.
මෙවැනි ඵලදායී ක‍්‍රියාවලියකට පෞද්ගලික අංශය හෝ රජය හරහා ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා මගේ මෙම නිර්මාණයට දායකත්වයක් ලබාදෙන්නේ නම් ඉදිරි අනාගතය කසළවලින් තොර ලස්සන රටක් බවට පත්කරන්න හැකිවෙනවා. මෙම යන්ත‍්‍රය නිපදවන්න පර්චස් 50 පමණක භූමි භාගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙයට විශාල මුදලක් වැයකරන්න සිද්ධවෙනවා. එවැනි විශාල මුදලක් දැරීමට තරම් ශක්තියක් මට නෑ. ඒ නිසා උපකාර කළ හැකි අය මෙවැනි සමාජයීය ආයෝජනයකට උදවු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මගේ අතින්ම මෙය නිර්මාණය කිරීමයි.
(ඔහුගේ දුරකතන අංකය 0728933378)
නව නිපැයුම්කරු සරත් තිලකසිරි මහතා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා ඕස්ට්‍රේලියාවේ පුරවැසිබව තියෙන ඒ රටේ කෙනෙක් කියලා තිබුනලු ඔය වැඩේ එයාට කරන්න ලංකාවේ තැනක් හොයාදෙන්න කියලා. සමහරවිට ඕක එයාලගේ අතට යයි. මොකද ඒ මහත්තයාගේ අක්කගේ පුතෙක් ලංකාවේ ඇමතිවරයෙක් (නි)
ඔන්න අතදෙනවා නම්, උදව් කරනවා නම් අවස්ථාව..... (නි)
ඇයි මේ වගේ දේවල් වලට උදව් දීලා වැඩි දියුනු කරලා ගන්න බැරි. දේශපාලුවනි ඇස් ඇරපල්ලා දැන්වත් (අ)
ඔන්න උදවු කරනවානම් අවස්ථාව මෙතුමාගේ නිර්මාණය දියුණු කරවන්න.නිකන් අල්ලාප සල්ලාප දොඩවා දොඩවා ඉන්න ටයිපටි මහත්වරුන්ට ඉතා වැදගත් පණිවිඩයක් මේක. රටේ ප්‍රධානතම අවශ්‍යතාවයක් තමයි කසල ඉවත්කිරීම. දෙන්නකෝ මෙතුමාට අතහිත ඔය දියවන්නාවේ උදවියත්. (බ)
මොහු අගය කළ යුතුයි.(හේ)
මම යෝජනාවක් කරනවා, අපේ රටේ ඉංජිනේරුවෝ සියල්ලම මෙතුමා උගත් විශ්ව විද්‍යාලයට ගොස් සහතිකයක් ගෙන තම තමන්ගේ ඌණතාවය පුරවා ගන්නා ලෙසට. නැත්නම් අර කලුපාට තොප්පියේ සහ ලෝගුවේ වටිනාකමක් නැතිවේවි (බ)
ඇමෙරිකාවේ මිනිසුන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය වලටත් කරන්නේ මේවගේ දෙයක්. දහනයේදී නිපදවන ගින්දර උපයෝගී කරගෙන ජලවාෂ්ප වලින් ක්‍රියාකරන ටර්බයිනයක් මඟින් විදුලිය උපදවනවා. අළු ටික පහත්බිම් ගොඩ කරන්න යොදාගන්නවා. අළු අතර තියෙන ලෝහ කොටස් අරගෙන වෙනම ප්‍රතිචක්‍රීකරණය කරනවා (නි)
අනෙක් සියල්ලටම පෙර මොහුගේ අදහස ක්‍රියාත්මක කරන්න. ඉතාම හොඳ උත්සාහයක්. කුණු ප්‍රශ්නය ඉවර කළහැකියි (නි)
ඉතාමත් වටිනා නිර්මාණයක්. එය අගය කරමි. මෙවැනි පුවත් ගෙනඒම ගැන ලංකාදීපයට ස්තුතියි! එසේම ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබ ආයතනයම මෙයට මුල පුරන්න. පිළිකා රෝහලට ස්කෑන් යන්ත්‍රයක් ගන්න දුන් ප්‍රචාරය මතකයි නේද? (නි)
මෙයට විශාල මුදලක් වැයකරන්න සිද්ධවෙනවා. එ්ක තමා රටටත් තිබෙන ප්‍රශ්නය. එහෙම නොවෙයි නම් මිතොටමුල්ලේ කුණු කන්දක් ඉතිරි කරන්නේ නැත. කුණු දහනය කරන්න විශාල මුදලක් වැය වෙනවා.
අපේ රටේ විශ්ව විද්‍යාලවල වැඩිදෙනෙක් ඉංජිනේරුවෝ සහ වෛද්‍යවරු වන්නේ තමාගේ උපන් දක්ෂතා මත නොවෙයි. උපාධියක් ගතයුතු නිසා සහ දෙමව්පියන් එතනට තල්ලු කිරීමට දරන උත්සාහය සහ ඒ ඒ විෂයයන් කෙරෙහි ඇති දක්ෂතාවය නිසා නොවෙයි. ප්‍රායෝගික අතින් බලනවිට එය 100%ක්ම සත්‍යය බව මම අත්දැකීමෙන් දන්නවා. එහෙත් රටේ අහුමුලු වල සැඟවී ඉන්න දක්ෂයන් හට ඉගෙනීමේ අවස්ථාව ඇතිවී එතනට එන්නට වාසනාව සැලසෙන්නේ ඉතා කලාතුරකින්. ඔවුන් තමයි උගත්කමක් නැතුව හෝ තම තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්නේ. (නි)
තදාසන්න ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය බැහැර කිරීම මහා හිසරදයක් වී ඇති යුගයක , ඒ යුග අවශ්‍යතාවයට සැපිරීමට තම සිත මෙහෙයවීමම පැසසුමට ලක්කළ යුතුයි ,මේ ශ්‍රී ලාංකීය දිරිය දරුවාගෙන් නිසි ප්‍රයෝජන රටට දායාද කරන්නට නගර සභා සුළු නගර සභා බලධාරීන්ගේ දෙනෙත් විවර වේවා . ඔහුට අතහිත දේවා. (රේ)
යන්න ඕස්ට්‍රේලියාවට. පිළිගනී ඉහළින්ම (නි)
කාලින නිර්මාණයක් ,අපේ හිතවත් ලංකාදීප පාඨකයෝ සැමදෙනාම එකතුවී මේ මහතාගේ වටිනා නිර්මාණය දිරිගැන්වීමට වැඩ කරමු .(රේ)
මෙම ප්‍රවෘත්තිය වෙනත් දියුණු රටක කෙනෙකුට කියවා හෝ වෙනත් විදිහකින් හරි දැනගන්න ලැබී, මේ මහත්මයාව ඒ රටට එක්කගෙන ගිහින් මෙම යන්ත්‍රය එහේ සිට නව නිෂ්පාදනයක් වශයෙන් ලෝකයට හඳුන්වාදීමට අවස්ථාව ලැබී මේ මහතා දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද, මේ රටේ මේ වගේ නිර්මාණකරුවන් හා නිර්මාණ ගොඩක් බිහි වී තිබෙනවා අපි දැක කියවා තිබෙනවා. ඒත් ඒ නිර්මාණකරුවන්ට නිසි තැනක්, ඒ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වාදීමට අතහිතක් මේ රටේ ලැබෙන්නේ නැහැ. මෙහෙ ඉන්න බයිලා දේශපාලඥයෝ කවදාවත් මේ වගේ අයට උඩට එන්න අතදෙන්නේ නැහැ (නි)
මේ වගේ නිර්මාණ අපේ රටේ බිහිවෙනවට නිලධාරී පැළැන්තිය කැමති නැහැ. නිලධාරී පැළැන්තිය හැදුවොත් නම් ටීවී එකෙන් මුහුණු ගොඩම පෙන්නලා ලකුණු දාගන්නවා. දන්නා අය දන්නවා කවුද රෝද දෙකේ අත් ට්‍රැක්ටරය නිපදෙව්වේ කියා. මොකද ඒකට වුණේ. පේටන්ට් එක පිටරටකට ගියා. ඒ කාලෙත් අදත් වැඩි වෙනසක් නැහැ. (නි)
එන්.ජී.ඕ සංවිධාන වලට හැකියාවක් නැද්ද මේ නිර්මාණය ඉදිරියට ගෙනියාමට අත හිත දෙන්න? ඔබ තුමා ජනමාධ්‍ය සමග එක්ව විදේශ තානාපති කාර්යාලයකින් මේ සඳහා ආධාර ඉල්ලීමක් කරන්න. මේ දේ ෆේස් බුක් එකේ ප්‍රචාරය කරන්න අමතක කරන්න එපා. (රේ)
අපේ රටේ ඉන්ගිනේරුවන්ගෙන් වැඩක් නැහැ ගොවි පර්යේෂකයොත් ඒවගේම තම රටට උවමන වී ප්‍රබේදයවත් තවම හදාගන්න බැරිඋන අපරාදේ මේ අයට ඉගෙනගන්න වියදම්කරන දුප්පත් රටේ මුදල් (රේ)
අපේ හැටි තමයි අපේ මානව සම්පත් පිටරට යන්න අරින එක. කවුද මේවාට වගකියන්න ඕනෑ? එ්කනේ ඉන්දියාවෙන් ඕනෑ දේවල් ගේන්න හදන්නේ. ඒ අපිට බැරිකමකට එහෙම නොවෙයි. (නි)
අපේ රටේ ඉංජිනේරුවන්ගෙන් වැඩක් නැහැ ගොවි පර්යේෂකයොත් ඒවගේම තමා රටට වුවමනා වී ප්‍රබේදයවත් තවම හදාගන්න බැරිවුන අපරාදේ මෙයාලට ඉගෙනගන්න වියදම්කරන දුප්පත්රටේ මුදල් (බ)
මැති ඇමති වරුනි ගේන්න තියෙන කාර් එකක් අඩු කරල මේ මනුස්සයට ඒ සල්ලි ටික දුන්නනම් හොද නැද්ද? (බ)
මෙයාට විද්‍යා තාක්ෂණ උපාදියක් නෑ කියාලා, ලොකු මහත්ත්වරු මේක භාරගන්න එකක් නෑ. ලංකාවේ වැඩේ එහෙමනේ. (හේ)
මේ කියන විදිහට මේ යන්ත්‍රය දැනටමත් හදලාද නැත්නම් සංකල්පයක්ද? මොකද පොලීතින් වගේ දෙයක් දහනය කරලා ඉතුරු වෙන දේ පෝර වලට ගන්නේ කොහොමද? (බ)
මෙවැනි නිපැයුම් කීයක් කළාද, වතුරෙන් දුවන වාහන ගොවි උපකරණ, ලංකාවේ කපටි දෙසපලුවෝ උදව් දෙන්නේ නැහැ., (හේ)
මම බොහෝ සතුටු වෙනවා. එහෙත් මේ රටේ දේශපාලුවන් කැමති නැහැ ඔය වගේ නිෂ්පාදන කරනවට. ඔවුන් කැමති පිට රටින් ගෙන්වන්නයි. අබේරත්න උන්නැහේ ඉංජිනේරුවන් ගැන අහංකාර කෝචෝක් බාසෙන් කතා කරන්නේ කරුණු දැනගන නොවෙයි. මීට පෙර මේ රටට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන්න කී දෙනෙක් ඉදිරිපත් වුණාද? ඔවුන්ගෙන් වැඩක් ගන්න ආණ්ඩුව නොකැමැති වුණාම ඔවුන් පිට රට යනවා! හැම බම්බුවක්ම ආනයනය කොරනකොට කොමිස් ගහන්න පුළුවන්. වී ගොවිතැනට කෙලවන්න කාලයක් තිස්සේ උප්පරවෙට්ටි දාන්නෙත් ඒ නිසයි. අබේරත්න , ඉසුරන්දි වගේ පින්වතුන් ඒ කරුණු ගැන හිතලා බලනවා නම් හොඳයි! (අ)
ජීව වායු නිපදවීම හොඳම විසඳුම වේ......(රේ)
රටට කාලීනව අවශ්‍ය කරන මේ නිපැයුමට රජය විසින් අනුග්‍රහය ලබාදිය යුතුය. නිපැයුම්කරු පැසසුමට ලක්කළ යුතුය.
අනෙක් සියල්ලටම පෙර මොහුගේ අදහස ක්‍රියාත්මක කරන්න. ඉතාම හොඳ උත්සාහයක්. කුණු ප්‍රශ්නය ඉවර කළහැකියි (නි)
කුණු ටික පුච්චපුවම අයම දේශපාලුවන්ට කියන්න මාතෘකාවක් නැති වෙනවනේ. ඒ නිසා මේක මේ රටට නොගැලපෙන නිර්මාණයක්. ඔන්න ඕකයි අපේ රටට ලබලා තියන ලොකුම හේනේ.(හේ)
මේවගේ අයට රජයෙන් ආධාර දී ඔහුගේ කර්මාන්තය දියුණු කිරීමට සහන පදනම යටතේ ආණ්ඩුවේ ඉඩමක් දී දියුණු වී ලාබ ලබන කල ටිකෙන් ටික ගෙවීමේ පදනමක් යටතේ දිරිගැන්විය යුතුයි. මෙවැනිදේ රටට ඉතාම අත්‍යවශ්‍යයි. මොකද හැමවිටම කුණු කසළ ප්‍රශ්නයක්. හරි දියුණු තත්වයක් ආකල පිටරට වලට පවා යැවිය හැකියි. මෙවැනි දෙයින් රටේ කසල ප්‍රශ්නය විසඳේ යැයි සිතමි. මෙම නිර්මාණකරුවාගේ බලාපොරොත්තු ඉටුවී ඔහුගේ අනාගත දියුණුවත් රටට සේවයක් වේවායි පතමි! (නි)
මේ නිපැයුම අගය කළයුතුයි. මා සේවය කළ සමාගමේ වෙනමම කොටසක් තිබුණා අපද්‍රව්‍ය වලින් බලශක්තිය නිපදවීම සඳහා අවශ්‍ය උඳුන්, විදුලි උත්පාදක සහ වෙනත් අංගෝපාංග සැළසුම්කර නිපදවන. අපට තිබු ලොකුම ගැටලුව තමයි එදිනෙදා ඉවතලන ප්ලාස්ටික් සහ ඒ සමාන ද්‍රව්‍ය දැවිමේදී නිපදවෙන විෂ වායු අවම කිරීම සහ ඒවා වායුගෝලයට එක්වන එක වැළැක්වීම. ඉතින් මේ පැත්ත ගැනත් සොයා බලා මෙම නිපැයුම අංගසම්පුර්ණ කිරීමට පියවර ගත්තොත් ඉතා හොඳයි. (නි)
රටට කාලීනව අවශ්‍ය කරන මේ නිපැයුමට රජය විසින් අනුග්‍රහය ලබාදිය යුතුය. නිපැයුම්කරු පැසසුමට ලක්කළ යුතුය. (නි)
ඇමැතිලට මිලියන බිලියන දෙන රටේ මෙවැනි නිපැයුමකට කොච්චර දුන්නත් මදි (බ)
අපේ රටේ ඉංජිනේරුවෝ කියලා කොට්ඨාශයකුත් ඉන්නවා නේද? ඒ ගොල්ලෝ තවම උපාධියට පාඩම් කරනවා ඇති (නි)