IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වටපණුවාගෙන් දරු ඵල වැඩිවෙයි

පරපෝෂිත පණුවන් ආසාධනය වීමෙන් දරුවන් ලැබීමේ හැකියාව වර්ධනය වන බව විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත. බොලීවියාවේ දේශීය කාන්තාවන් 986 දෙනකු යොදාගෙන වසර නමයක කාලයක් කරන ලද පර්යේෂණයක ප්‍ර‍තිඵල ජාත්‍යන්තර විද්‍යා සගරාවේ ප්‍ර‍කාශයට පත්කරමින් ඔවුහු ඒ බව කියති.

පර්යේෂකයන් පවසන්නේ ඇස්කාරිස් ලුම්බ්‍රිකොයිඩ්ස් ලෙස හදුන්වන වටපණුවන් විශේෂය කාන්තාවන්ගේ සිරුරේ ආසාදනය වූ විට එම කාන්තාවන්ගේ දරුවන් බිහිකිරීමේ හැකියාව හෙවත් සරු බව වර්ධනය වන බවයි. කාන්තාවන්ගේ පහසු ගැබ් ගැනීමට හේතු වන්නේ පණුවාගේ ආසාදනයත් සමග ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියේ සිදුවන වෙනස්කම් බව ද ඔවුහු කියති.

බොලීවියාවේ දේශීය කාන්තාවන් අතර දරුවන් ලැබීමේ සාමාන්‍ය ප්‍ර‍මාණය එක් කාන්තාවකට දරුවන් නම දෙනකු බව ද පර්යේෂකයෝ කියති. මේ කාන්තාවන්ගෙන් සියයට 70ක් පරපෝෂිත පණු රෝගයෙන් පීඩා විදින බව ද ඔවුන් තහවුරු කරගෙන ඇත.

ලෝක ජන ගහණයෙන් තුනෙන් එකක් පමණ පණු රෝග වලින් පීඩා විදින බවත් පවසන පර්යේෂකයන් පෙන්වාදෙන්නේ කොකු පණු ආසාදනය මෙයට ප්‍ර‍තිවිරුද්ධ ප්‍ර‍තිඵල අත්කර දෙන බවයි.

පර්යේෂණය සිදුකළ කැලිෆෝනියාවේ සැන්ටා බරාරා විශ්වවිද්‍යාලයේ ප්‍ර‍ජා සෞඛ්‍ය මහාචාර්ය ආරොන් බ්ලැක්වෙල් මහතා පවසන්නේ මේ ප්‍ර‍තිඵලය තම පර්යේෂක කණ්ඩායම බලාපොරොත්තු නොවූ තරම් පුදුම සහගත එකක් වූ බවයි.

‘‘සාමාන්‍යයෙන් කාන්තාවක් ගැබ්ගත් විට ප්‍ර‍තිශක්තීකරණ පද්ධතිය ස්වභාවික වෙනසකට භාජනය වනවා. එය ගැබ්ගැනීමට හිතකාමී වෙනසක්. මේ පණුවන් ආසාදනය වූ විට සිදුවන්නේ ද ගැබ් ගැනීමකට සුදුසු ආකාරයට සමානව ප්‍ර‍තිශක්තීකරණ පද්ධතිය වෙනස් වීම. මේ හේතුවෙන් කාන්තාවන්ගේ සරු බව නැතිනම් දරුවකු බිහිකිරිමේ හැකියාව පුදුමාකාර ලෙස වර්ධනය වනවා. “

පරපෝෂිත පණුවන් පිළිබඳ විශේෂඥ මහාචාර්ය රික් මයිසෙයිල්ස් පවසන්නේ වට පණුවා ආසාධනය විම භයානක තත්ත්වයක් බවයි. මේ ආසාදන තත්ත්වයන් හේතුවෙන් තුන්වෙනි ලෝකයේ රටවල ජනගහණය වර්ධනය වීම පාලනය අපහසු වී ඇතැයි ද හෙතෙම පවසයි.

දරුඵල පිළිබද මහාචාර්ය ඇලන් පැකේ පවසන්නේ වටපණුවා ආසාදනය විමෙන් කාන්තාවන්ගේ සරු බව වැඩවීම සිදුවේ යැයි සොයා ගැනීම මහත් කුතුහලය දනවන හා පුදුමය උපදවන දෙයක් බවයි.

මේ සොයා ගැනීම ලෝකයේ දරුඵල නොමැතිව දුක්විදින කාන්තාවන්ට මවක් වීමේ සිහිනය පහසු කිරිමට හේතුවක් වනු ඇතැයි ද මාහාචාර්ය ඇලන් පැකේ පවසයි.  

_86775547_z1800263-parasitic_roundworm-spl _86775548_c0219491-hookworm,_esem-spl



අදහස් (0)

වටපණුවාගෙන් දරු ඵල වැඩිවෙයි

සමන්ති Friday, 27 November 2015 08:56 AM

හොඳ සොයාගැනීමක්. නමුත් භාවිත කරන්නේ කොහොමද කියන එකත් වැදගත් සුබ පැතුම් (බ)

:       0       0

චාමික Friday, 20 November 2015 12:16 PM

ඉතාම හොඳින් පරිවතනය කරනලද, එමෙන්ම අදාළ විද්‍යාඥයන්ගේද, මුල් සඟරාවේද නම් සඳහන් කරමින්, ඊට ගරුකිරීමක් සහිතව, සිංහල භාෂාව මැනවින් හසුරුවමින් සැකසු ලිපියක් බව පෙනෙනවා. මෙම සොයාගනීමට මෙන්ම ඔබේ පරිවර්තනයටත් සුභ පැතුම්! (නි)

:       0       0

විකුම් Friday, 20 November 2015 01:03 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

විතාන Tuesday, 01 December 2015 07:25 AM

මේක නම් විශිෂ්ට සොයාගැනීමක් (නි)

:       0       0

දිල්හාර Monday, 30 November 2015 03:30 PM

ගොඩක් හොඳයි. භාවිතා කරන්නේ කොහොමද? (නි)

:       0       0

නිල්මිණි Tuesday, 24 November 2015 06:01 AM

කැලිෆෝනියාවේ සැන්ටා බරාරා විශ්වවිද්‍යාලය ? (ම)

:       0       0

ඔලිවර් Friday, 20 November 2015 06:16 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

හර්ෂ Saturday, 28 November 2015 09:07 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අශෝකා Monday, 23 November 2015 01:19 PM

පරිවර්තනයටත් සුභ පැතුම්! (අ)

:       0       0

චන්න බුවනක Thursday, 26 November 2015 05:04 PM

වට පණුවාගෙන් දරු පල වැඩි වෙනවා කියපු නිසයි මේ අහන්නේ. කසාද බඳින්න ඕනි වට පනුවෙක්ද. මට තේරෙන්නේ නැහැ. එකයි ඇහුවේ, (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site