IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොව ලොකුම හදවත පිරික්සයි

ලොව විශාලතම සත්ත්වයා ලෙස හැඳින්වෙන නිල් තල්මසාගේ හදවත මෝටර් රථයක් තරම් විශාලයැයි බොහෝ දෙනකු සිතූහ. ඇතැම් පර්යේෂකයන් කියා සිටියේ නිල් තල්මසාගේ මහා ධමනියේ මිනිසකුට පිහිනා යා හැකි බවයි. කෙසේ වෙතත් නිල් තල්මසාගේ හදවත ගැන කොතෙක් කතා කියවුණ ද ඒ ගැන විස්තරාත්මකව අධ්‍යයනයට පළමු වරට අවස්ථාව උදාවී ඇත.

නිල් තල්මස් හදවත ගැන පර්යේෂණයක් සිදුකළ ඔන්ටරෝහි රාජකීය කෞතුකාගාරයේ සත්ත්ව විද්‍යාඥ ජැකලින් මිලර් පවසන්නේ නිල් තල්මසාගේ හදවතේ බර කිලෝ ග්‍රෑම් 180ක් බර බවයි.

එහි උස අඩි පහකි. පළල එක් පැත්තකට අඩි හතරක් හා අනෙක් පැත්තට අඩි හතරකි. හදවත එක් ස්ඵන්දනයක දී රුධිරය ලීටර 220ක් පොම්ප කරයි.

හොඳින් වැඩුණු නිල් තල්මසකු අඩි 100ක් හෙවත් මීටර 30.5ක් පමණ දිගැතිය. ලෝකයේ දුර්ලභ සත්ත්වයකු ලෙස හැඳින්වෙන නිල් තල්මසුන්ගේ හෘදයේ ව්‍යුහය සම්බන්ධ අධ්‍යයනය මෙතෙක් අපහසු වූයේ ඔවුන්ගේ දුබල බව හේතුවෙනි.

ජැකලින් මිලර් විසින් පිරික්සන ලද්දේ කැනඩාවේ නිව්ෆවුන්ලන්ඩ් වෙරළට ගොඩගසා තිබූ තල්මස් සිරුරකි. එය ව්‍යුහ විද්‍යාත්මකව පිරික්සූ  මිලර් පවසා ඇත්තේ හෘදයේ මහා ධමනියේ සිට පහළ කුටීරය දක්වා දිග අඩි පහක් බවයි. නිල් තල්මසකුගේ සිරුරේ රුධිරය ගැලුම් 58ක් පමණ සංසරණය වන බව පර්යේෂකයන්ගේ මතයයි.

ලෝකයේ දැනට නිල් තල්මසුන් 5000ක් පමණ සිටින බව ගණනය කැර ඇත. මිනිසුන් විසින් දඩයම් කිරීම මේ සතුන් වඳවීයාමට විශාල හේතුවකි. කැනඩාව මුහුදු තීරයේ වර්ෂ 1868 සිට 1951 දක්වා කාලයේ දී නිල් තල්මසුන් 1500ට වැඩි පිරිසක් මරා දමා ඇතැයි වාර් තා වේ.

See the world 2 

See the world 1



අදහස් (0)

ලොව ලොකුම හදවත පිරික්සයි

පිටබැද්දර ජයා Friday, 04 September 2015 04:32 AM

එතකොට තාත්තගේ හදවත ? (අ)

:       0       1

සමන්ත Tuesday, 25 August 2015 08:32 AM

ඔබ හරියටම හරි (නදී)

:       0       0

සමන්ත Tuesday, 25 August 2015 05:25 PM

ගාමිණි, ඉතින් ගැලුම් 58 ක් කියන්නේ ලීටර් 350 ක් විතරනේ..!(නදී)

:       0       0

නාලක ගී කියනගේ Tuesday, 01 September 2015 10:41 AM

ධම්ම ඔබ හරි (අ)

:       0       0

කැනඩා දිසා Monday, 24 August 2015 11:25 PM

ධම්ම , ඔබ හරි (නි)

:       0       0

දිසා Wednesday, 16 September 2015 03:17 PM

අනේ මේ ඔය හදවතට වැඩිය මගේ හදවත් ලොකුයි (අ)

:       0       0

ධනුෂ්ක Friday, 11 September 2015 06:13 AM

ගොඩක් වටින කරුණු රැසක් ගැන දැනගැනීමට හැකිවීම ගැන සතුටුයි (නදී)

:       0       0

සුනිල් Thursday, 27 August 2015 04:29 AM

අපේ කට්ටිය ගණිතය පාඩම පටන් අරගෙන වගේ.(ම)

:       0       0

අයි.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 26 August 2015 07:35 AM

ලීටර් 417 ක් (නදී)

:       0       0

සුජීව ප්‍රංශය Saturday, 26 September 2015 07:35 PM

ලොකුම හදවත අම්මා තමයි. ඒක ඇත්ත. නමුත් සමහර අම්මලා ඉපදෙන ළමයව කුණු කූඩේට දානවා (නි)

:       0       0

සුදේශ් Monday, 21 September 2015 03:52 AM

මේ වගේ සත්තු අපි හැමෝටම වටිනවා (ම)

:       0       0

චමින්ද Thursday, 27 August 2015 06:50 PM

බීබීසී වාර්තාව අනුව හදවත එක තත්පරයකට ලීටර 210 ( ගැලුම් 58) නිකුත් කරනු ලැබේ. එහි මුළු ඇඟේ ලේ ප්‍රමාණය සඳහන් නොවන අතර වෙනත් ලිපියක සඳහන් පරිදි කිලෝ 6400 ක් පමණ වේ. (බ)

:       0       0

ධම්ම Monday, 24 August 2015 08:35 AM

ලොව ලොකුම හදවත අම්මාගේ හදවතයි. (නදී)

:       0       0

ජනක Saturday, 12 September 2015 04:58 AM

පසීර්ලට කොහොමත් හදවතක් නැනේ (අ)

:       0       0

පසිර් Friday, 04 September 2015 03:28 AM

දහම් ඔබ වැරදි

:       0       0

අමන්දි තාරකා Tuesday, 25 August 2015 02:35 PM

මේ වටිනා සතුන් රැක ගනිමු (බ)

:       0       0

ශාන් Monday, 14 September 2015 09:22 AM

ධම්ම ඔබ හරි (නදී)

:       0       0

මැක්සි Saturday, 05 September 2015 09:29 PM

ලොව හොඳම හදවත තාත්තාගේ හදවතයි (නි)

:       0       1

ඉසුරු Wednesday, 26 August 2015 10:12 AM

බ්‍රිතාන්‍ය ඒකක වලින් එක ගැලුමක් ලීටර 4.5 වෙනවා. ඒ අනුව ගැලුම් 58 ක් කියන්නේ ලීටර (4.5 x 58) 261 ක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site