(ගයාන් සූරියආරච්චි)
ඉතිහාසය වෙනස් කරමින් සෞදි අරාබිය ලෝකයේ ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය ලබාදී තිබේ.
සොෆියා නම් රොබෝ කාන්තාවට මෙම පුරවැසිභාවය ලබාදී ඇත. රියාද් හි පැවැති සම්මන්ත‍්‍රණයකදී ඇය ඒ පිළිබඳව සතුට ප‍්‍රකාශ කරමින් පවසා ඇත්තේ ඒ පිළිබඳව ඇය ආඩම්බර වනවා සේම එය ගෞරවයක් ලෙස සලකන බවය. එමෙන්ම එය ඉතිහාස ගතවන සිද්ධියක් බවද ඇය පැවැසුවාය.
එහෙත් පුරවැසිභාවය පිළිබඳව සියලූ දෙනාම සතුටට පත්නොවූ අතර ඈ පිළිබඳව සමහරෙක් විස්මයට පත්වුවද, තවත් අයෙක් පැවැසූවේ මෙය මිනිසාගේ අවසානයේ ඇරඹුමක් බවය.
සෞදි අරාබිය යනු කාන්තාවන්ට ලෝකයේ වඩාත් පීඩාකාරී රාජ්‍යයන්ගෙන් එකක් වන අතර පසුගිය මාසයේ කාන්තා රියැදුරන් තහනම් කිරීමද සෞදි අරාබියේ සිදුවිය. එවැනි වටපිටාවක සොෆියා කාන්තා රොබෝවාට පුරවැසිකම ලබාදීම පිළිබඳව බොහෝ දෙනෙක් මවිතය පළ කරති.
හොං කොං සමාගමක් වන හැන්සන් රොබට් සමාගම විසින් මෙම රොබෝවා නිර්මාණය කෙරිණි.
(ඩේලිමේල් ඇසුරිනි)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලොව පළමු වරට රොබෝවකුට පුරවැසිභාවය
de silva Tuesday, 31 October 2017 07:36 AM
ඔය රටේ ඉපදුනු අවරුදු 30-40 ඔයරටේ ජිවත් වුන විදේශීය සම්භවයක් ඇති පුද්ගලයන්ට පුරවැසි කම කෙසේවෙතත් ග්‍රීන් කාර්ඩ් එකවත් නොදෙන මිනිස්සු රෝබෝවෙකුට පුරවැසි භාවය දීල...මේක විහිළුවක්....යන්ත්‍රයක් සහ මනුෂ්‍යයෙකුගේ වෙනස හදුනාගන්න බැරි මෝඩ පාලකයෝ....
anura Saturday, 04 November 2017 03:52 AM
මෙම රොබෝත් අර නීතියට යටත් ද?