ලොව පොළොව යට ගැඹුරුම ස්ථානයේ ජීවත්වන පත්තෑ විශේෂය සොයාගත් බව ක්‍රොඒෂියාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. එරට වෙලබිට් කඳුකර කලාපයේ පිහිටි ගැඹුරු ගුහාවක අඩි 3600ක් හෙවත් මිටර 1100ක් යටින් මේ ජීවී විශේෂය සොයා ගැණිනි.

ගොපිලස් හැඩෙසි ලෙස නම්කැර ඇති මොවුන්ට ශක්තිමත් හකු, විෂ සහිත රෝම සහ දිග වක්‍රාකාර වූ අඩු පිහිටා ඇත. ඒවා ගොදුරු තදින් අල්ලා ගැනීමට වඩාත් හොඳින් විකසනය වී ඇතැයි ද පර්යේෂකයෝ කියති.

ලොව මෙතරම් ගැඹුරු ස්ථානයකින් හමුවූ දෙවැනි පත්තෑ විශේෂය මෙයයි. විෂ සහිත මොවුන් සෙන්ටිමීටර 2.2-2.8ක් දක්වා දිගින් යුතු බව ද විද්‍යාඥයන් පවසයි.