IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ලොව ගැඹුරුම තැනකින් පත්තෑයෙක් මතුවෙයි

ලොව පොළොව යට ගැඹුරුම ස්ථානයේ ජීවත්වන පත්තෑ විශේෂය සොයාගත් බව ක්‍රොඒෂියාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. එරට වෙලබිට් කඳුකර කලාපයේ පිහිටි ගැඹුරු ගුහාවක අඩි 3600ක් හෙවත් මිටර 1100ක් යටින් මේ ජීවී විශේෂය සොයා ගැණිනි.

ගොපිලස් හැඩෙසි ලෙස නම්කැර ඇති මොවුන්ට ශක්තිමත් හකු, විෂ සහිත රෝම සහ දිග වක්‍රාකාර වූ අඩු පිහිටා ඇත. ඒවා ගොදුරු තදින් අල්ලා ගැනීමට වඩාත් හොඳින් විකසනය වී ඇතැයි ද පර්යේෂකයෝ කියති.

ලොව මෙතරම් ගැඹුරු ස්ථානයකින් හමුවූ දෙවැනි පත්තෑ විශේෂය මෙයයි. විෂ සහිත මොවුන් සෙන්ටිමීටර 2.2-2.8ක් දක්වා දිගින් යුතු බව ද විද්‍යාඥයන් පවසයි.



අදහස් (0)

ලොව ගැඹුරුම තැනකින් පත්තෑයෙක් මතුවෙයි

රුපවති Saturday, 11 July 2015 06:06 PM

ඔය සුද්දෝ තමයි හැමදේම හොයාගන්නේ. මම සුද්දන්ට පක්ෂව කතාකරනවා කියලා හැමෝම මට බනිනවා (නි)

:       0       0

දුල්මිණි Thursday, 16 July 2015 02:10 PM

මෙම ලින්ක් එක මගින් ජයාරූප බලාගත හෙක. http://www.dailymail.co.uk/sciencetech/article-3145811/The-centipede-HELL-Deepest-dwelling-Hades-creature-caves-3-600ft-underground.html (ස)

:       0       0

කැලුමි Wednesday, 15 July 2015 03:26 PM

මම හිතන්න‍ේ තව ජීවින් ඉන්නවා ඇති කියලා.හොයාගත්තත් දැන්ම එ ගැන කියන එකක් නෑ (අ)

:       0       0

මල්ලිකා විජේසිංහ Thursday, 16 July 2015 08:07 AM

අනාගතයේ මේ සතුන් මිනිසුන්ටත් කරදරයක් වේවිද(නදී)

:       0       0

සමන්ත ශ්‍රී Monday, 13 July 2015 02:07 PM

රුපවතී,මම නම් ඔයාට බණින්නේ නැහැ.ඔය නාසා ආයතනයේ සුද්දෝ විතරක් නොවෙයි බොහෝ බුද්ධිමත් ආසියාතිකයොත් නව සොයාගැනීම් වලට හවුල් වෙනවා.කිසියම් කෙනෙක් ඔයාට බණිනවා නම් ඒ ගැන කණගාටු වෙමි. (නි)

:       0       0

ලක්ෂමන් ජයසිංහ Saturday, 18 July 2015 01:37 AM

වෙනත් ජීවීනුත් ඉන්නව ඇති. නැත්නම් අනිත් ජීවීන් ජීවත් වෙන්නේ කොහොමද? කවදාහරි පිටසක්වල ජීවීනුත් සොයාගනියි (නදී)

:       0       0

ටෙන්සිල් Sunday, 12 July 2015 12:44 PM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

යසපාල Tuesday, 14 July 2015 08:53 AM

විද්‍යා, පාත්තයෝ නෙමයි පත්තෑයෝ.(බ)

:       0       0

සුගත් Sunday, 30 August 2015 06:03 AM

දෙයියනේ ! (නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 11 July 2015 01:29 PM

ෆොටෝ එකක් දැම්මා නම් හොඳයි. (නදී)

:       0       0

තාරුක Monday, 20 July 2015 06:29 PM

මොනතරම් විෂක් තිබුනත් සමහර මිනිස්සු තරම් විෂ නැතුව ඇති (නි)

:       0       0

රංග Tuesday, 14 July 2015 02:37 AM

සුපිරි වැඩක් (ම)

:       0       0

සුනේත්‍රා Saturday, 11 July 2015 03:07 PM

ගොදුරු අල්ල ගන්නවා කියන්නේ තවත් සත්වයින් මෙහි සිටිනවාද? (නදී)

:       0       0

ගයනි නවෝදා Wednesday, 29 July 2015 07:08 AM

ගොඩක් හොඳ සොයා ගැනීමක් ෆොටෝ එකක් දැම්ම නම් තවත් හොඳයි (ම)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 01 August 2015 08:50 AM

බුදුන් වහන්සේ අග්ගන්ඥ සුත්‍රයෙන් මේ සියල්ල ඇති වන හැටි සහ නැතිවී නැවත ඇතිවන හැටි මනාව විස්තර කරා. විවිධ ආකාරයෙන් භවයේ උප්පත්ති වල සැරිසැරීම ගැන පට්ටිච්ච සම්මුප්පාදයෙන් පැහැදිලි කරා. (නදී)

:       0       0

විද්‍යා Saturday, 11 July 2015 04:25 PM

ඡන්දෙ කිට්ටු වෙනකොට මේ පැත්තේ ඉන්න පාත්තයෝ අරපැත්තට යනවා. අර පැත්තේ ඉන්න පත්තෙයෝ මේ පැත්තට එනවා (නදී)

:       0       0

ඉනෝකා Monday, 13 July 2015 04:51 PM

සමන්ත ශ්‍රීගේ අදහසට එකඟ වෙමින්,මම මේ කල්පනා කළේ බැනුම් අසමින් ඔබ නොකඩවා මෙහි අදහස් පළකිරීම ගැනයි. ඔබ මෙන්ම මමද "ලංකාදීප" පුවත්පතට බොහෝ සේ ඇලුම් කරමි.එහි පුවත් ඕනෑකමින් කියවමි. අදහස් වල විවිධ ස්වරූපයන් තිබිය හැකියි.හොඳ දේ හොඳයි කීම නිසාත්,නරක දේ නරකයි කියා කීම නිසාත් මාද බොහෝවිට බැනුම් ඇසු වාර අනන්තයි.පිටරට වල අපි ජීවත්වන්නේ ලංකාව එපා වී නොව ලංකාවේ, උගත්කමට සරිලන රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ නිසයි.හැමෝම බනිනවා කියා ඔබ කිවුවත් ඔවුන්ගේ හිතේ කිසිම කහටක් නැතුවා මෙන්ම ඔබද කිසිවෙකුතුත් සමඟින් හෝ අමනාප නොවූ බවද මට හැඟීයයි. අපි කොයි රටක සිටියත් එක ලක් මෑණියන්ගේ දරුවන් වෙමු. (නි)

:       0       0

ජනක Tuesday, 14 July 2015 03:33 PM

මීටර් 1100 ක් යටදී පත්තෑයෙක් කෑවනම් තමයි (හේ)

:       0       0

රවී Monday, 13 July 2015 05:53 AM

සුනේත්‍රාගේ විමසුම ඉතා හොඳය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site