ජර්මන් විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවූ ලුනු වතුරෙන් ධාවනය වන කාරය ජර්මනිය ඇතුළු යුරෝපයේ මාර්ගවල ධාවනය සඳහා අවසර ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැයට කිලෝ මීටර 350ක වේගයෙන් ධාවනය කළ හැකි මේ කාරය පණගන්වා තත්ත්පර 2.8 දී පැයට කිලෝ මීටර 100ක් වෙගයක් ලබාගත හැකිවීම විශේෂත්වයකි.
ක්වොන්ට් ඊ ස්පෝට්ස් ලිමොසින් ලෙස නම්කැර ඇති මේ නව කාරයේ ඇති විදුලි මෝටර හතර ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් විච්ඡේදනයෙන් සැපයෙන බලයකිනි. ලවණ ජලය හෙවත් ලුණු වතුර ඉන්ධන ලෙස භාවිතාවන මෙහි ක්‍රියාකාරිත්වය හයිඩ්‍රජන් ඉන්ධන කෝෂවලට සමානය.
මෙහි එක් ටැංකියක ලවණ ජලය පුරවා ඇත. ඒ ලවණ දියරය පෙරණ පටලයක් හරහා අනෙක් ටැංකියට මාරැ වෙයි. ඒ ක්‍රියාවලියේ දී විදුලි ආරෝපණයෙන් ඇතිව විදුලිය සුපිරි කැපෑසිටරයන් හෙවත් ධාරිතකයන් මගින් ගබඩාකර රථයේ රෝදවලට සවිකර ඇති මෝටර්වලට බෙදා හරියි.
නිෂ්පාදකයන් පවසන්නේ කාරයේ ඇති ලීටර 200 ජල ටැංකියෙන් කිලෝ මීටර 600ක දුරක් ධාවනය කළ හැකි බවයි. 2014 වර්ෂයේ මහජනයා සඳහා මුල්වරට ප්‍රදර්ශනය කැරුණු මේ කාරයේ ඇති බැටරිවල බලශක්තිය එයට සමාන වූ ලිතියම් අයන් බැටරියක මෙන් පස්ගුණයක් වැඩි බව ද නිෂ්පාදකයෝ කියති.
මේ මෝටර් රථය නිපදවූ ජර්මනියේ ලීචෙන්ස්ටීන් හී නැනෝෆ්ලෝසෙල් ඒජී සමාගමේ සභාපති මහාචාර්ය් පපීටර් එලර්මාන් පවසන්නේ මෝටර් රථ කර්මාන්තයට වඩා එහා ගිය සැළසුම් තම සමාගම සතුවන බවයි. ගෘහස්ථ බලශක්ති පද්ධතිවලටත්, දුම්රිය, නාවික, ගුවන්යානා ආදී අංශවලටත් මේ බලශක්තිය හඳුන්වාදීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලශක්තිය නිසා මේ ලෝකයේ සිදුවුණු සහ සිදුවෙමින් පවතින ඉදිරියටත් සිදුවෙන මහා අපරාධ නවතින්න මේ සොයගැනීමවත් හේතුවේවා! (නි)
අපේ මුදලාලි දැන්නම් ලුනු ටික හංගලා ඇති (නදී)
අද කාලයට ඔබින ඉතා ඉහළ නිර්මාණයක්. අපේ රටට එන්න තවත් වසර විස්සක් විතර යයි. (නි)
වතුරෙන් මොන තරම් දේවල් කරන්න පුළුවන්ද?(හේ)
ඔන්න ඔය වාහනය ගැනත් ඉස්සර ආගම පොත් වල තිබ්බ කියල කියපල්ලා දරුවනේ (නදී)
ඇයි අපේ රටෙත් කීප දෙනෙක්ම වතුරෙන් දුවන්න පුළුවන් වාහන හැදුවනේ. (නදී)
සාර්ථක නිපැයුමක්.(හේ)
අපේ අයත් වතුරෙන් දුවන ඒවා හැදුවා. කෝ ඒත් ඒවට මේ දේශපාලකයෝ ඉන්න කම් තැනක් දෙන්නේ නැහැ (නදී)
ඇයි ඔයාලට අමතක වුනාද අපේ කොල්ලෙක් හැදුවේ ජලයෙන් යන වාහනයක් .(හේ)
චෙක් රටේ උඩිනුත් යන්න පුළුවන් බසිකලයක් හදලා තියෙන්නේ. තෙල් අවසන් වෙන්න කිට්ටු වෙනකොට බිමට ගත්තා, පැදගෙන ගියා (නි)
හොද නිපැයුමක්. අගය කළ යුතුයි.(හේ)
එහෙනම් ලුණු කාලත් ඉවරයි. මේක ලංකාවට අවොත් ලුණු පැකට් එකෙත් මිල වැඩි කරයි.(හේ)
අයියෝ ඕක මොකද්ද මන් ගාව ඔය ජාතියේ කාර් 5, වතුර දාන කාර් 3 තියෙනවා. කාට හරි ඕනේ නම් මට ඕඩර් කරන්න පුළුවන් අඩුගානට දෙන්නම් (නදී)
අපි හැමදාම බලාගෙන ඉන්නවා පිට මිනිස්සු හදනකන් (නි)
අහිංසක මිනිස්සුන්ට ලුණු ටිකක් හරි විකුණල ජීවත් වෙන්න පුලුවන් වෙයි.(අ)
අපේ රටෙත් කාර්මික තාක්ෂණ අායතනය කියල එකක් තියනවා. අමාත්‍යංශයකුත් තියෙනවා. හැබැයි ඒකේ කෙරෙන පරීක්ෂා මැටි උදුන් හදන එක මැටි වලින් ගඩොල් හදන එකනේ. අපි කවදාවත් දකින් නැහැ අගයන්ඩ පුලුවන් නිර්මාණයක්. අපේ රටේ ඉන්න උගතුන් කෝ? රාවනා යුගය ගැන කතා කරන උගතුන් ඉන්නේ අපේ රටේ. (නදී)
අනේ මන්දා අපේ රටේ තමා තාක්ෂණයෙන් පිරිපුන් අය ඉන්නේ. එ්ත් එ්කට ඉඩක් දෙන්නේ නැති එක තමා තියෙන දුක. ලංකාවට සුභ අනාගතයක්. මෛත්‍රී පාලනයක් (නදී)
රාවණා රජ්ජුරුවන්ට තිබුන ගුවන් යානාත් ලුණු වලින් තමයි වැඩ කලේ. (නදී)
ඔන්න අපිට මැද පෙරදිගට ලුණු වතුර යවන්න පුළුවන්. (නදී)
මෝටර් රථ කර්මාන්තයේ හැමදාම පෙරලි කරේ ජර්මනිය .....ඇල්බට් අයිස්ටින් ඉපදුන රට ...(අ)
පිටරට වල කරන දේවල් වලට හූල්ලන එක විතරද අපේ ලංකාවේ අපිට උරුම? තෙල්,ගෑස් මාෆියාවෙන් බේරෙන්න අපිටත් දෙයක් කරන්න පුළුවන් (නි)
ඇත්තටම රටට වටිනා නිපැයුමක්. තෙල් මිළ ගැන හිත හිත ඉන්න ඒනේ නැහැ. ලංකාවට ඉක්මනට ගේමු (නදී)
ලුණු දමන සුපිරි රථය කියපුවාම මට හිතුනේ කවුරු හරි පරණ කාර් එකක් අච්චාරු දාන්න හදනවා කියලයි! (නදී)
පිටිගල මහතාටත් ඔන්න වැරදිලා. රාවණාගේ ආසියන්තරේ වාරියපොළ පාර්ක් කෙරුවා කියන කට්ටියගේ මතය හැටියට ඒක ධාවනේ කොරලා තියෙන්නේ වාතයෙන්. වා-රිය-පොළ. මට හිතෙන්නේ රාවන ආසියන්තරේට නැගලා වායුව පිට කරපුවාම ඒක වේගයෙන් අහසට නගින්න ඇති. එකේ ලුණු ගතිය තිබුනද අපි දන්නේ නැහැ. කොහොම වුනත් වාරියපොළ කියන නම තියන ප්‍රදේශ තුනක් ම අපේ රටේ තියනවානේ!. (අ)
මොන පිස්සුද සත්‍යපාල, අපේ ඇමති පුතාලා ඕක මාස තුනක් යද්දී ලංකාවට ගෙනෙයි (නි)
මේකට මුල්ම ඇනවුම ශ්‍රී ලංකාවෙන් වෙන්න පුළුවන්. මොකද අපේ ලොකු බේබිල ඕව ගන්න බලන් ඉන්නේ. සුබ අනාගතයක් (නදී)
මෙම යන්ත්‍රයේ ක්‍රියා කාරිත්වයට මුහුදු ජලය ඕනෑ වීමට හැක. නමුත් මූලික ශක්ති ප්‍රභවය මුහුදු ජලය නොවේ. මීට කලකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රමුක පෙළේ පාසැලකින් සංවිධානය කළ එක්තරා සම්මන්ත්‍රණයකට මෙවැනි හැකියාවක් ඇති යයි පුද්ගලයෙකු පැමිණ මෙවැනි ආකාරයේ යන්ත්‍රයක් ප්‍රදර්ශණය කරා. එම අවස්ථාව විනිශ්චය කිරීමට තාරකා විද්‍යාව ගැන ප්‍රසිද්ධියක් උසුලන භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු ඇතුළු තිදෙනෙක් පැමිණ සිටියා. ඔවුන් අර පුද්ගලයාගේ යන්ත්‍රයට හොඳ විනිශ්චයකුත් ලබා දුන්නා. මෙය රූපවාහිණියෙන් බලා සිටි මට අපේ රටේ ජනතාවගේ හා ආචාර්ය වරුන්ගේ විද්‍යාත්මක දැනුම ගැන කණගාටු සිතුනා. නමුත් කථාවේ හොඳම දේ ඊට පසුවයි සිදුවුනේ. අර යන්ත්‍රය පෙන්වපු පුද්ගලයා මගේ මතකයේ හැටියට කුරුණෑගල පැත්තේ කෙනෙක්. ඔහු තමන්ගේ ගමට ගොස් රූපවාහිණියෙන් ලැබූ ප්‍රසිද්ධිය උපයෝගී කර ඇල්වතුරෙන් මෝටෝ රථ ධාවනය කළ හැකි යන්ත්‍ර තනා දීමට පුද්ගලයන් ගණනාවකින් ඉතා විශාල මුදලක් ලබා ගත්තා. නමුත් නොකළ හැකි දෙයක් ඔහුට කළ නොහැකි වීම නිසා මුදල් දුන් අය පොලීසියට ගොස් අවසානයෙදි ඔහු වංචා කළ වරදට සිර ගෙට නියම උනා. සමහර විට මේ පුද්ගලයාත් අවංකවම සිතන්න ඇති මෙම යන්ත්‍රය සාර්ථක වේය කියලා ඇයි විශ්ව විද්‍යාල මහාචාර්යවරු එය අනුමත කිරීම (නදී)
චීනෙට දුන්නොත් අඩුවට හදයි. එතකොට ලෝකයේ තෙල් මිල පහළ යනවා. අනිවාර්යයෙන්ම ඉදිරියේදී තෙල් වලින් තොර ලොවකට යන්න වෙනවා. ජර්මනිය තාක්ෂණය ඉතා ඉහළ තලයක තිබෙන රටක්. (නි)