IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලංකාවේ හයෙන් එකක් ලෙඩ්ඩුලු

මෙරට ජනගහණයෙන් සියයට 18ක් එනම් ඕනෑම පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙකු  කුමන හෝ දීර්ඝ කාලීන රෝගී තත්ත්වයකින් පෙළෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සෞඛ්‍යය පිළිබඳ ජාතික සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද ආබාධ, ආඝාතය (අංශභාගය), පිළිකා, ඇදුම, මානසික රෝග, සන්ධි ඉදිමීම, අපස්මාරය වැනි දීර්ඝ කාලීන රෝගවලින් බහුතරයක් ජනතාව පීඩා විඳින අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 50ක්ම කිසියම් දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන බව ද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට හතක් දියවැඩියාවෙන්ද සියයට නවයක් අධික රුධිර පීඩයෙන්ද පෙළෙන බව එහි දැක්වේ.

රැකියා අනුව රෝග ව්‍යාප්තිය ගත් විට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කළමනාකරුවන් ආදී වෘත්තීන්හි නිරත වන්නන්ගෙන් සියයට 13ක් දියවැඩියාවෙන්ද සියයට 8ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට ඉහළ අගයන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක වශයෙන් රෝග ව්‍යාප්තිය ගත් විට ඉහළම දියවැඩියා ව්‍යාප්තිය ලෙස සියයට 11ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.



අදහස් (0)

ලංකාවේ හයෙන් එකක් ලෙඩ්ඩුලු

නාලිනී Sunday, 10 July 2016 02:44 AM

ලලිත් , ඔයා හරි. ගණන් හදපු අය බයටම දියවන්නාව පැත්තට යන්ඩ නැතුව ඇති. (ර)

:       0       0

සුපුන් Thursday, 07 July 2016 03:33 AM

මේ වාර්තා එක්ක මම එකඟ වෙනවා... මනුස්සයන්ට යහතින් ඉන්න පරිසරයක් මේ ලෝකේ කොහෙවත් අද හොයාගන්න නෑ. මිනිසාම තමා වග කියන්න ඕන මේ හැම දෙයකටම...(බ)

:       0       0

අමල් Saturday, 09 July 2016 03:04 AM

හොදයි. හොඳ ප්‍රවනතාවක්. (ර)

:       0       0

ලලිත් Thursday, 07 July 2016 03:07 PM

මදි මදි, ජාත්‍යන්තර මට්ටමට තව හොඳටම මදි. (බ)

:       0       0

නිරූ Friday, 08 July 2016 09:42 AM

ඒකනේ ආණ්ඩුවට 6 න් 5 ක බලයක් තියෙන්නේ.(අ)

:       0       0

චන්න Friday, 08 July 2016 09:53 AM

මේක මේ හැම රටකම වෙන දෙයක් නෙමෙයි. (හේ)

:       0       0

සෑම් Thursday, 07 July 2016 07:29 AM

අර අහවල් දිහාවේ ඉන්න අයගෙන් නම් සෑහෙන ප්‍රතිශතයක් මානසික රෝගීන් කියන එක මේ පහුගිය දින කීපයේදී නැවතත් ඔප්පුවුණා (නි)

:       0       0

කල්ප Friday, 15 July 2016 12:56 AM

අපේ පංචේන්ද්‍රියන් ඔක්කොම දවසින් දවස ජරාවට පත්වෙනවා. ජීවිතයක් ඇති සතෙක් ඇද්ද ඒ ඔක්කොම මැරෙනතුරුම ලෙඩ්ඩු තමා. පංච උපාදානස්කන්ධයම දුකක්. (නි)

:       0       0

ආසිරි Saturday, 23 July 2016 09:06 AM

පාර්ලිමේන්තුවේ තමයි වැඩි හරියක් ඉන්නේ.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 16 July 2016 02:13 AM

ඕක නොතේරෙනවද ගමේ අපිටත්. මොන වරදකට හරි හිරේ යන්නෙත් සේරම ලෙඩ්ඩුනේ (නි)

:       0       0

හේවා Tuesday, 12 July 2016 11:48 AM

ඕක පරීක්ෂණ වලින් සොයා ගන්න දෙයක් නෙමේ ලෝකයේම ස්වභාවික දෙයක් (බ)

:       0       0

හේවා Tuesday, 12 July 2016 11:55 AM

එක්තරා මිනිසෙක් රෝහලකට ගිහිල්ලා සංගණනයක් කරන්න පසුව මාධ්‍ය අමතල කිව්වලු මේ රෝහලේ ඉන්න ලෙඩ්ඩු ඔක්කොම අසනීපෙන් වගේ කියල (බ)

:       0       0

ප්‍රියන්ත Friday, 08 July 2016 03:08 PM

ලංකාවේ වැඩිපුර පිස්සෝ ඉන්න එක නම් ඔන්න හරි (නි)

:       0       0

සත්‍යයා Thursday, 21 July 2016 02:12 PM

එතකොට දියවන්නා පැත්තේ ඉන්න කට්ටිය මොන ගණයටද වැටෙන්නේ? මට හිතෙන්නේ ජනතාව ලෙඩකරන පිරිසෙන් වැඩි හරියක් ඉන්නේ ඉන්නේ ඒ හරියේ කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 423 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16814 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site