(ගයාන් සූරියආරච්චි)
ලෝකය මවිතයට පත්කරමින් වසර හයකට පසුව ඉතා අධිවේගී "බුලට් දුම්රිය" පසුගියදා චීනය හඳුන්වා දුන්නේය.
මෙය පැයට කිලෝමීටර 350 ක වේගයෙන් ගමන් කරන අතර එය හඳුන්වනු ලබන්නේ "ෆක්ෂින්ග්" නමිනි. මෙය වෙළෙඳ මට්ටමින් භාවිත කෙරෙන ලෝකයේ වේගවත්ම දුම්රිය ලෙසද ඔවුහු පවසති.
2011 වසරේදී බුලට් දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් ජීවිත 40 ක් අහිමිවී 191 දෙනෙකුට බරපතළ තුවාල සිදුවිය. ඉන් අනතුරුව බුලට් දුම්රිය උපරිම වේගය පැයට කිලෝමීටර 300 ක් දක්වා අඩුකිරීමට නියෝග කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නැති නිසා "වේගය පිනවයි" "මරුවා කැඳවයි"
ඔය කියන කෝච්චියේ නම ඉංග්‍රීසියෙන් ලිව්වාම නම් ෂෝක් තේරුමක් එනවා.
සුද්දෙක් තමයි නම යෝජනා කරලා තියෙන්නේ...
ඔකේ ෆොටෝ එහෙම නැද්ද බලන්න අපිට
විදුලි දුම්රිය නිපදවා භාවිතයට ගෙන දැනට වසර පහකට වැඩිවෙනවා. මම මෙම දුම්රියේ වසර පහකට පෙර ගමන් කලා. සැපපහසු දුම්රියක්.මගීන්ට වේගසීමාව ඩිජිටල් පුවරුවක් මගින් සෑම මැදිරියකම පෙන්වනවා.