ලෝකයේ මෙතෙක් නිපදවන ලද ප්‍රබලම එක්ස් කිරණ යන්ත්‍රය ජර්මනියේ හැම්බර්ග් නගරයේ පිහිටුවා ඇති බව වාර්තා වේ.
එක්ස්ෆෙල් ලෙස හඳුන්වන මෙම යන්ත්‍රය මගින් පරමාණුවෙන් පරමාණුවට විශ්ලේෂණය කරගත් ඉතා සියුම් දත්ත ලබාගැනීමට හැකියාව ඇති බව පර්යේෂකයෝ පවසති.
මීට පෙර යොදාගත් යන්ත්‍ර වලට වඩා බිලියන වාරයක් නිවැරදි දත්ත ලබාගැනීමට මෙමගින් හැකියාව ඇත. තත්පරයකදී ඡායාරූප මිලියන 4.5ක් ලබාගැනීමට සමත් කැමරාවක් මෙම යන්ත්‍රය සතු වේ. මේ නිසා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා සහ ප්‍රතිකාර සඳහා මෙය වඩාත් ඵලදායී වනු ඇති බව පැවසේ.
යන්ත්‍රය නිපදවීම සඳහා වසර අටක් ගතවී ඇති අතර පොළව යට කිලෝමීටර් 3.4ක් දිග උමං සංකීර්ණයක යන්ත්‍රය පිහිටුවා තිබේ.
මෙම යන්ත්‍රයෙන් පහසුකම් ලබාගැනීම සඳහා රුසියාවල ප්‍රංශයල ඉතාලිය ඇතුළු රටවල් 11ක් ගිවිසුම් අත්සන් කර ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඇත්තටම ප්‍රවෘතියක් පමණක් නොවෙයි. ලෝකයාට දෙන දැවැන්ත පණිවිඩයක්. රටක් දියුණුවෙනවා කියන්නේ ඒකේ ප්‍රතිලාභ මුළු ලොවත් සමගම බෙදා හදා ගැනීමයි. ජර්මනිය විසින් ලොවට උරුම කර ඇති අනේක විධ දායාදයන් අතර මෙය එක් දෙයක් පමණයි.
ජර්මානුවන් සොයාගත් අපි දිනපතා පාවිච්චිකරන සරල දේවල් ටිකක් ,රැදවුම් සහිත ෆයිල් කවර, විදුලි විදුම් යන්ත්‍රය ,ෆැන්ට බිම, කෝපි සැදුම් යන්ත්‍රය, අලවන ටේප් , අකෝර්ඩීයන් එක , නත්තල් ගස, නවීන පාපන්දු සපත්තු, ටැක්සි මීටරය, ඇම්පි 3 තාක්ෂනය